The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය බේරා ගත්තේ පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානියා බවට අනාවරණයක්

T

The Leader Desk

November 14, 2025 • 9:04 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය බේරා ගත්තේ පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානියා බවට අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්ලාමාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය බේරා ගැනීම පිණිස පාකිස්තාන යුද හමුදාවේ බලධාරියා කෙළින්ම මැදිහත් වූ බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොසින් නක්වි අනාවරණය කර තිබෙනවා.
  • නමුත් ඒ සියල්ල සමහන් කිරීමට අපි උත්සාහ කළා.” ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ රටේ කණ්ඩායමට කතා කර ඔවුන්ට දිගටම  පාකිස්තානයේ රැඳී සිටීමට හැකි ආරක්ෂාවක් තිබෙන බවට ඒත්තු ගැන්වූ බව ද නක්වි මෙහිදී පෙන්වා දුන්නා.
  •   මොසින් නක්වි “ඉතිං දැන්, පාකිස්තාන යුද හමුදාව, සන්නද්ධ භට කණ්ඩායම් සහ ඉස්ලාමාබාද් පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව කළමනාකරණය කරනවා.
  • සිම්බාබ්වේ කණ්ඩායම ද දැන් පාකිස්තානය ට පැමිණ සිටින බවත් ඉතිරි තරග සහ තුන්කොන් තරගාවලියේ සියලු තරග දැන් ආරක්ෂක හේතුන් මත ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ සිට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට මාරු කර ඇති බවත් නක්වි පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව බියට පත්ව නැවත සියරට බලා යාමට උවමනාවෙන් සිටියදී ෆීල්ඩ් මාෂල් අසිම් මුනිර් (Asim Munir) ශ්‍රී ලංකාවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් ඔවුන්ව කණ්ඩායම පාකිස්තානයේ රඳවා ගැනීම සඳහා පොලඹවා ගත් බව නක්වි රටේ සෙනෙට් මණ්ඩලයට කියා තිබෙනවා.

 

munirෆීල්ඩ් මාෂල් අසිම් මුනිර්
“අපේ ෆීල්ඩ් මාෂල් කෙළින්ම ඔවුන්ගේ ආරක්ෂක ඇමති හා ලේකම්ට කතා කර කණ්ඩායමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවට තහවුරු කර සිටියා” යනුවෙන් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද වන නක්වි සෙනෙට් සභාවේ කතා කරන අතරතුර ප්‍රකාශ කර තිබෙනවා.

“ඔවුන් සමග අපේ අන්‍යෝන්‍ය ක්‍රියාව ආරම්භ වූ විට ඔවුන්ගේ (ශ්‍රී ලංකාවේ) ක්‍රිකට් මණ්ඩලය, ක්‍රීඩකයන් ඇතුළු සියලු දෙනා විශිෂ්ට නිර්භීතකමින් යුතුව මෙහි රැඳී ඉන්න තීරණය කළා” යනුවෙන් PCB සභාපතිවරයා සඳහන් කළා. “සැලකිල්ලක් දැක්වූ කාරණා කිහිපයක්ම ඔවුන්ට තිබුණා. නමුත් ඒ සියල්ල සමහන් කිරීමට අපි උත්සාහ කළා.”

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ රටේ කණ්ඩායමට කතා කර ඔවුන්ට දිගටම  පාකිස්තානයේ රැඳී සිටීමට හැකි ආරක්ෂාවක් තිබෙන බවට ඒත්තු ගැන්වූ බව ද නක්වි මෙහිදී පෙන්වා දුන්නා.

 



naqviමොසින් නක්වි“ඉතිං දැන්, පාකිස්තාන යුද හමුදාව, සන්නද්ධ භට කණ්ඩායම් සහ ඉස්ලාමාබාද් පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව කළමනාකරණය කරනවා. අපි ඔවුන්ට ලබා දී තිබෙන්නේ අපේ රාජ්‍ය අමුත්තන්ට පිළිගන්වන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක්” නක්වි තවදුරටත් කියා සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම ද දැන් පාකිස්තානය ට පැමිණ සිටින බවත් ඉතිරි තරග සහ තුන්කොන් තරගාවලියේ සියලු තරග දැන් ආරක්ෂක හේතුන් මත ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ සිට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට මාරු කර ඇති බවත් නක්වි පැවසුවා.

 

tri6767m

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...