The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පෘතුගාලය වෙනුවෙන් පළමු රතු කාඩ්පත ලැබූ රොනාල්ඩෝට ලෝක කුසලානයේ පළමු තරගය අහිමි වීමේ අවදානමක්

T

The Leader Desk

November 14, 2025 • 12:17 PM

පෘතුගාලය වෙනුවෙන් පළමු රතු කාඩ්පත ලැබූ රොනාල්ඩෝට ලෝක කුසලානයේ පළමු තරගය අහිමි වීමේ අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයර්ලන්තය සමග පැවති තරගයේදී රතු කාඩ්පතක් (Red Card) ලැබීම හේතුවෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලයේ ආරම්භක තරගය අහිමි වීමේ බරපතල අවදානමකට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ මුහුණ පා සිටිනවා.
  • තරගයේ 61 වැනි මිනිත්තුවේ පන්දුව අසල නැති මොහොතක රොනාල්ඩෝ ඔ්ෂියාව වැලමිටෙන් තල්ලු කිරීමෙන් පසුව රොනාල්ඩෝ ට මුලින් කහ කාඩ්පත පෙන්වූව ද VAR ක්‍රමවේදය විසින් සිද්ධිය නැවත අධීක්ෂණය කිරීමෙන් පසුව තරග විනිසුරුවරයා එය කෙළින්ම රතු කාඩ්පත දක්වා ඉහළට දැමුවා.
  • අයර්ලන්තය වෙතින් පෘතුගාලය ගෝල් 2-0ක පරාජයක් ලැබූ එම තරගයේ රොනාල්ඩෝව පිටියෙන් නෙරපා දැමීමට හේතුවූ සිද්ධියේ ප්‍රචණ්ඩ ස්වභාවය අනුව, එම අභිමතය යොදාගෙන ඔහුගේ තහනම තරග දෙකක් දක්වා දීර්ඝ කළහොත් එය පුදුමයට කරුණක් වන්නේ නැහැ.
  • ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් හෝ අහිමි වීම 40 හැවිරිදි රොනාල්ඩෝ ට දරාගත නොහැකි වේදනාවක් වනු ඇත්තේ එය ඔහු රට වෙනුවෙන් සහභාගි වන අවසාන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වනු ඇති බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අයර්ලන්තය ට එරෙහිව පෘතුගාලය ඊයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කරමින් සිටියදී මේ පුරාවෘත්ත ඉදිරි පෙල ක්‍රීඩකයා ඩරා ඔෂියා නමැති ප්‍රතිවාදී ආරක්ෂක පෙල ක්‍රීඩකයා සමග දබරයකට පැටලුනා. තරගයේ 61 වැනි මිනිත්තුවේ පන්දුව අසල නැති මොහොතක රොනාල්ඩෝ ඔ්ෂියාව වැලමිටෙන් තල්ලු කිරීමෙන් පසුව රොනාල්ඩෝ ට මුලින් කහ කාඩ්පත පෙන්වූව ද VAR ක්‍රමවේදය විසින් සිද්ධිය නැවත අධීක්ෂණය කිරීමෙන් පසුව තරග විනිසුරුවරයා එය කෙළින්ම රතු කාඩ්පත දක්වා ඉහළට දැමුවා.

එම කාඩ්පතින් නිශ්චිත වශයෙන්ම රොනාල්ඩෝව ඉරිදා ආමේනියාව සමග පැවැත්වෙන පෘතුගාල කණ්ඩායමේ  අවසන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමෙන් ඉවත් කෙරෙන අතර එය ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ ආරම්භක තරගයට ද බලපෑමක් ඇති කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

 



ජාත්‍යන්තර පාපන්දුවේ නිකුත් කෙරෙන රතු කාඩ්පත් විනය කමිටුවක අභිමතය පරිදි තරග ගණනාවක තහනමක්  දක්වා ඉහළට දැමීමේ හැකියාවක් තිබෙනවා.

අයර්ලන්තය වෙතින් පෘතුගාලය ගෝල් 2-0ක පරාජයක් ලැබූ එම තරගයේ රොනාල්ඩෝව පිටියෙන් නෙරපා දැමීමට හේතුවූ සිද්ධියේ ප්‍රචණ්ඩ ස්වභාවය අනුව, එම අභිමතය යොදාගෙන ඔහුගේ තහනම තරග දෙකක් දක්වා දීර්ඝ කළහොත් එය පුදුමයට කරුණක් වන්නේ නැහැ.

එය එසේ වුවහොත් සහ ආමේනියාව ට එරෙහි තරගය ජය ගෙන පෘතුගාලය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවහොත්, රොනාල්ඩෝ ට ලෝක කුසලානයේ තම කණ්ඩායමේ ආරම්භක තරගයට සහභාගි වීමට නොහැකි වනවා.

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් හෝ අහිමි වීම 40 හැවිරිදි රොනාල්ඩෝ ට දරාගත නොහැකි වේදනාවක් වනු ඇත්තේ එය ඔහු රට වෙනුවෙන් සහභාගි වන අවසාන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වනු ඇති බැවින්.

 

redwcaoe
රොනාල්ඩෝගේ වාර්තාගත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා දිවිය තුළ ඔහුට රතු කාඩ්පතක් පෙන්වනු ලැබූ ප්‍රථම අවස්ථාවයි මේ. ඔහුට පළමු රතු කාඩ්පතක දඬුවම ලැබෙන විට රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේ ඔහුගේ 226 වැනි තරගයට වීම විශේෂත්වයක්. අන්තර් සමාජ තරග බිමේදී නම් ඔහුට 13 වතාවක් රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කර තිබෙනවා.

ඔ්නෑම රතු කාඩ්පතක් වෙනුවෙන් අනිවාර්යයෙන් පනවනු ලබන එක් තරග තහනමට අනුව රොනාල්ඩෝ ට පෘතුගාලය ඉරිදා ආමේනියාව ට සත්කාරකත්වය දක්වන තරගයට ක්‍රීඩා කිරීමට වරම් නැහැ. පෘතුගාලය එම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන් ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) විනය නීතිවලට අනුව බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව වෙනුවෙන් අවම වශයෙන් තරග දෙකක තහනමක් තරග විනිසුරුවන් විසින් පැනවිය යුතු වනවා.

 

Ronaldo 768x432
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම වෙනුවෙන් පනවනු ලබන තහනම අවම වශයෙන් තරග තුනක් විය යුතු වන අතර වැලමිටෙන් තල්ලු කිරීම ඇතුළු පහර දීම වෙනුවෙන් පනවන තහනම අවම වශයෙන් තරග තුනක් හෝ යෝග්‍ය කාල වකවානුවක් විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නීතිවල සඳහන්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...