The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා කොඩි වනමින් කෘතඥතාව පළකරති

T

The Leader Desk

November 15, 2025 • 10:45 AM

පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා කොඩි වනමින් කෘතඥතාව පළකරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන තරග සංචාරයේ අඛණ්ඩව නියැලී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් ලෙස හඳුන්වමින් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අති විශාල සහායක් ලබා දුන්නා.
  • බදාදා පළවූ මාධ්‍ය වාර්තාවන්ට අනුව, ඉස්ලාමාබාද් නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය යාමෙන් පසුව ආරක්ෂක හේතු සඳහන් කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් අට දෙනෙක් නැවත සියරට බලා යාමට උවමනාවෙන් සිටින බවට ප්‍රකාශ වුනා.
  • කෙසේ වෙතත්, ඉතාම ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික වෙමින් ක්‍රීඩකයන් දිගටම පාකිස්තානයේ රඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට හැකිවුනා.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහරක් යළි මව්බිමට යාමේ අවශ්‍යතාවෙන් සිටින බව ඇසුනු විට තමා සසල වූ බව මුරී නගරයේ ක්‍රිකට් ලෝලියෙකු වන මොහමඩ් ටල්හා පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ධජ රැගත් පාකිස්තාන නරඹන්නන් සැලකිය යුතු සංඛ්‍යාවක් තරගය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ සහායෝගය ලබා දුන්නා. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ද ක්‍රීඩාංගණයේ සියලු මණ්ඩපවල ශ්‍රී ලංකා සහ පාකිස්තාන කොඩි නංවා තිබුණා.

බදාදා පළවූ මාධ්‍ය වාර්තාවන්ට අනුව, ඉස්ලාමාබාද් නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය යාමෙන් පසුව ආරක්ෂක හේතු සඳහන් කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් අට දෙනෙක් නැවත සියරට බලා යාමට උවමනාවෙන් සිටින බවට ප්‍රකාශ වුනා. කෙසේ වෙතත්, ඉතාම ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික වෙමින් ක්‍රීඩකයන් දිගටම පාකිස්තානයේ රඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට හැකිවුනා.

crick 25114 f
ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහරක් යළි මව්බිමට යාමේ අවශ්‍යතාවෙන් සිටින බව ඇසුනු විට තමා සසල වූ බව මුරී නගරයේ ක්‍රිකට් ලෝලියෙකු වන මොහමඩ් ටල්හා පැවසුවා.

“ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහෙම කළොත් අනාගතයේ පාකිස්තානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට එයින් ඉතාම සෘණාත්මක බලපෑමක් ඇතිවන බව සිතුනු නිසා මම සිටියේ මහත් කම්පනයෙන්. කොහොම වුනත්, කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ආපහු යන්නේ නැති බව දැනගත්තාම මට ලොකු සතුටක් දැනුනා” යනුවෙන් ටල්හා කීවේ ඔහු සහ ඔහුගේ මිතුරන් දෙවැනි එක්දින තරගය නැරඹීම පිණිස ක්‍රීඩාංගණයට යාමට තීරණය කළ බව පවසමින්.

“ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයටත්, ඔවුන්ගේ රජයටත් සහ මේ සියල්ලන්ටම වැඩියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට මම විශේෂයෙන් ස්තූතිවන්ත වනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රාවල්පින්ඩි ක්‍රිකට් ලෝලියෙකු වන අර්ෂාඩ් හුසේන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව අගය කළේ, ඔවුන් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ හදවත් දිනාගෙන ඇති බව කියමින්.
“පාකිස්තානය සැමවිටම යෝග්‍ය ආරක්ෂාවක් සංචාරක ක්‍රීඩා කණ්ඩායම්වලට ලබා දෙනවා. දැන් පැවැත්වෙන තරග වෙනුවෙන් ප්‍රබල ආරක්ෂාවක් යොදා තිබෙනවා. ඒ නිසා, සංචාරක කණ්ඩායම් ආරක්ෂාව පිළිබඳව කරදර විය යුතු නැහැ” යනුවෙන් ඔහු සඳහන් කළේ පසුගිය සතියේ ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීම සිදුවුනේ ශ්‍රී ලංකා කණ්ඩායම නතර වී සිටි හෝටලයට සහ තරගය පැවැත්වෙන ස්ථානයට සැතපුම් ගණනාවක් දුරින් බව පෙන්වා දෙමින්.

 



මේ අතර, පාකිස්තානය ට අපකීර්තියක් අත්කර දීම අරමුණු කරගෙන ක්‍රියාකරන සමහර බලවේග තිබෙන බව දන්නා ක්‍රිකට් ලෝලීන් ඉතාම සතුටින් ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන්ට සහාය වූ බව වාර්තා වී තිබෙනවා.

පාකිස්තානයේ හිටපු සහ වර්තමාන ක්‍රිකට් නායකයින් සහ ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සංචාරක කණ්ඩායමට ඔවුන්ගේ කෘතඥතාව පළකර තිබෙනවා.
හිටපු පාකිස්තාන වේග පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර්, පාකිස්තානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට ප්‍රශංසා කරමින්, “ක්‍රිකට් ක්‍රීඩාව සමග සිටගනිමින් ත්‍රස්තවාදය පරාජය කළාට ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි” යනුවෙන් X වේදිකාවේ පෝස්ටුවක් තැබුවා.

එලෙසම, හිටපු පාකිස්තාන නායක රමිස් රාජා ද මෙසේ ප්‍රකාශ කළා: “කැලැඹුණු දවසකට පසුව, ශ්‍රී ලංකා සංචාරය තවදුරටත් තියෙන බව දැනගැනීමට ලැබීම මට මහත් සතුටක්!”

“මෙවැනි උන්මාදිත හැසිරීම් හා අතිශයින් දරුණු සිදුවීම්වලට මුහුණ දීම සඳහා අප සියලු දෙනාගේම සාමුහික උත්සාහය උපකාරයක් වේවි! සැබෑ ජයග්‍රාහකයා ලෙස ක්‍රිකට් ක්‍රීඩාව මතුවීම සහතික කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය, එහි ක්‍රීඩකයන් හා අපේ ක්‍රිකට් මණ්ඩලය ගත් උත්සාහයන්ට මම ඉතාම ස්තූතිවන්ත වනවා!”

හිටපු වේග පන්දු යවන්නකු වන ටන්වීර් අහමඩ් මෙසේ ලියා තිබුණා: “අවශ්‍යම වෙලාවේදී පාකිස්තානය සමග සිටගැනීම ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ ස්තූතිවන්ත වනවා. සැබෑ මිත්‍රත්වය අනාවරණය වෙන්නේ දුෂ්කර කාලයේයි.”

අසීරු කාලයක පාකිස්තානය ට සහයෝගය දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩකයන්ට ස්තූති කළ විස්සයි20 නායක සල්මන් අලි අඝා, ඉතිරි එක්දින තරග වෙනුවෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පුරවන ලෙසට ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියා.

‌මේ අතර, පාකිස්තාන එක්දින ක්‍රිකට් නායක ෂහීන් ෂා අෆ්රිඩි ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරමින් තරග නැරඹීම සඳහා රොද බැඳගෙන ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසට කියා සිටියදී, ශ්‍රී ලංකාවේ තීරණය පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් බවට හැරිස් රවුෆ් අවධාරණය කළා.

G5t7e gbEAAPx N

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් නායක ෂාන් මසූඩ් X සමාජ මාධ්‍ය‌යේ මෙසේ සටහන් කළා: “තත්ත්වය තේරුම් අරගෙන දිගටම සංචාරයේ රැඳී සිටීම පිළිබඳව මම මගේ අප්‍රමාණ වූ ස්තූතිය ශ්‍රී ලංකාවට පුද කරනවා. අපි රටක් වශයෙන් දැනටමත් පීඩා විඳ බොහෝ දේවල් නැතිවී තිබෙනවා. අපේ රජය, ආරක්ෂක හමුදා, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහ ක්‍රිකට් ලෝලීන් පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම වෙනුවෙන් සැලකිය යුතු කැපකිරීම් හා උත්සාහයන් කර තිබෙනවා.”

ආරක්ෂාව ඉහළම මට්ටමේ තිබෙන බවට සහතික වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ තිබූ බිය දුරු කිරීමට පාකිස්තාන පිලේ ක්‍රීඩකයන් සෑහෙන කාර්යභාරයක් ඉටුකළ බව ද වාර්තා වනවා.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා කොඩි වනමින් කෘතඥතාව පළකරති | The Leader