The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රතු කාඩ්පත වෙනුවෙන් රොනාල්ඩෝට ලැබෙන ලෝක කුසලාන තරග තහනමේ තීන්දුව සති තුනකින්

T

The Leader Desk

November 16, 2025 • 9:29 AM

රතු කාඩ්පත වෙනුවෙන් රොනාල්ඩෝට ලැබෙන ලෝක කුසලාන තරග තහනමේ තීන්දුව සති තුනකින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) තමාට පනවන තරග තහන‌මේ ප්‍රමාණය දැනගැනීම සඳහා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට සති තුනක් පමණ බලා සිටීමට සිදුවනවා.
  • රතු කාඩ්පත් සහ සෙනඟ කැලඹීම වැනි සිදුවීම් සඳහා වන විනය තීන්දුවල ගෝලීය ලැයිස්තුවක් පළ කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටවලින් පසුව සති තුනක කාලයක් ගතකර තිබෙනවා.
  • රොනාල්ඩෝගේ නඩුව පිළිබඳව කාලරාමුවක් ප්‍රකාශ කිරීම FIFA සිකූරාදා ප්‍රතික්ෂේප කළා.
  • බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව වෙනුවෙන් අවම වශයෙන් තරග දෙකක තහනමක් හෝ ප්‍රචණ්ඩකාරීව හැසිරීම වෙනුවෙන් අවම වශයෙන් තරග තුනක තහනමක් පනවන බවට FIFA විනය නීතිවල සඳහන්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩබ්ලින් නුවරදී බ්‍රහස්පතින්දා පැවති පෘතුගාලය ගෝල් 2-0කින් පරාජය වූ තරගය අතරතුර අයර්ලන්තයේ ආරක්ෂක පෙල ක්‍රීඩක ඩරා ඔෂියා ට වැලමිටෙන් පහර දීම හේතුවෙන් රොනාල්ඩෝ ට පෙන්වනු ලැබූ රතු කාඩ්පතින් (Red Card) ඔහුට තරග දෙකක් හෝ තුනක් තහනම් වීමට ඉඩ තිබෙනවා.

රතු කාඩ්පත් සහ සෙනඟ කැලඹීම වැනි සිදුවීම් සඳහා වන විනය තීන්දුවල ගෝලීය ලැයිස්තුවක් පළ කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටවලින් පසුව සති තුනක කාලයක් ගතකර තිබෙනවා.

 



කෙසේ වෙතත්, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තීරණය සඳහා කරන අතිරේක තරග (play-off) මාර්තු මාසය වනතුරු යෙදී නැති බැවින්, නඩු විභාග කිරීමේදී FIFA දැන් සිටින්නේ කාලය අතින් අඩු පීඩනයක් යටතේ.

රොනාල්ඩෝගේ නඩුව පිළිබඳව කාලරාමුවක් ප්‍රකාශ කිරීම FIFA සිකූරාදා ප්‍රතික්ෂේප කළා. රතු කාඩ්පත පෙන්වීමෙන් පසුව එක් තරග තහනමක් අනිවාර්ය වන අතර එය අද (ඉරිදා) පෘතුගාලය හා ආමේනියාව අතර පැවැත්වෙන තරගයේ ක්‍රියාත්මක වනවා.

මේ තරගයෙන් පෘතුගාලය ජයග්‍රහණය කළහොත් ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට රොනාල්ඩෝගේ කණ්ඩායම සුදුසුකම් ලබනවා.

බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව වෙනුවෙන් අවම වශයෙන් තරග දෙකක තහනමක් හෝ ප්‍රචණ්ඩකාරීව හැසිරීම වෙනුවෙන් අවම වශයෙන් තරග තුනක තහනමක් පනවන බවට FIFA විනය නීතිවල සඳහන්ව තිබෙනවා.

 

redwcaoe
අනිවාර්ය තරගයක තහනමට ඔබ්බෙන් වන එම අතිරේක තහනම ලෝක කුසලාන තරගාවලියේදී අත්විඳිය යුතුව තිබෙනවා. එසේ නැතිව ඊට පෙර පැවැත්වෙන ප්‍රදර්ශන තරග එම තහනමට ඇතුළත් වන්නේ නැහැ.

රොනාල්ඩෝ වැරදිකරු වන්නේ බරපතල නීතිවිරෝධී ක්‍රීඩාවට ද, එසේත් නැත්නම් ප්‍රචණ්ඩ හැසිරීමට ද, යනුවෙන් FIFA විනය විනිශ්චයකරුවන් දැන් තීරණය කළ යුතුව තිබෙනවා.

බරපතල නීතිවිරෝධී ක්‍රීඩාව සම්බන්ධයෙන් වන තරග දෙක හා තුනේ තහනම පසුගිය මාසයේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී පිටියෙන් නෙරපනු ලැබූ ක්‍රීඩකයන්ට පනවා තිබෙනවා.

qatar national football team tarek salman pbz92jgz6ip6qjzvටරෙක් සල්මාන්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයෙකුව බරපතල ලෙස ‘ටැක්ල්’ කළ කටාර් ආරක්ෂක පෙල ක්‍රීඩක ටරෙක් සල්මාන් (Tarek Salman) ට තරග දෙකක තහනමක් ලැබුනා. තම පාද දෙක ම ගුවනේ තබාගෙන පන්දුවට ඉහළින් ගිය සල්මාන්ගේ බූට් සපත්තුව ඔහුගේ ප්‍රතිවාදියාගේ දණහිසින් පහළ කකුලේ ඉදිරිපස වැදුනා.

කෙන්යාවේ ගෝල් රකින්නා වන බ්‍රයන් බ්වයර් (Brian Bwire) ට තුවාල සිදුකිරීමේ වරදට Burundi ඉදිරි පෙල ක්‍රීඩක බොන්ෆිල්ස්-කේලබ් බිමෙනීමානා (Bonfils-Caleb Bimenyimana) ට තරග තුනක තහනමක් පැනවුනා. තණතිල්ල මතුපිටින් මඳක් ඉහළට එසවුනු බිමෙනීමානාගේ බූට් සපත්තුව වැදුනේ බ්වයර්ගේ මුහුණේ.

මීට පෙර ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග 226දී කිසිම අවස්ථාවක රතු කාඩ්පත් දඬුවමට ලක්නොවීම පිළිබඳව රොනාල්ඩෝව පැසසුමට ලක්කළ යුතු බව පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාටිනස් කියා සිටිනවා. තරගය පුරාම අයර්ලන්ත ආරක්ෂක පෙල ක්‍රීඩකයන් රොනාල්ඩෝව ග්‍රහණය කරමින්, අදිමින්, තල්ලු කරමින් සිටි බව මාටිනස් ප්‍රකාශ කළා.

 

දෙසැම්බර් 5 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන කුසපත් ඇදීමෙන් පසුව රොනාල්ඩෝ පිළිබඳ FIFA තීන්දුව නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවතක් :

පෘතුගාලය වෙනුවෙන් පළමු රතු කාඩ්පත ලැබූ රොනාල්ඩෝට ලෝක කුසලානයේ පළමු තරගය අහිමි වීමේ අවදානමක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රතු කාඩ්පත වෙනුවෙන් රොනාල්ඩෝට ලැබෙන ලෝක කුසලාන තරග තහනමේ තීන්දුව සති තුනකින් | The Leader