The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගවල ආරක්ෂාව නිසා රාවල්පින්ඩි දිනපතා ජනදිවිය අඩපණ වෙලා

T

The Leader Desk

November 17, 2025 • 8:20 AM

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගවල ආරක්ෂාව නිසා රාවල්පින්ඩි දිනපතා ජනදිවිය අඩපණ වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් තරග හේතුවෙන් රාවල්පින්ඩි නගරය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා තිබෙන බව වාර්තා වනවා.
  • ක්‍රිස්තියානි ප්‍රජාවට පල්ලියට යාමට බාධා සිදුව තිබෙන අතර 50,000කට ආසන්න ප්‍රදේශ වැසියන්ගේ එදිනෙදා ගමන් බිමන්වලට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.
  •   වෙළෙන්දන්, වීදි ආහාර කඩහිමියන් හා නිවැසියන් විරෝධතාවක් ආරම්භ කරමින්, ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉස්ලාමාබාද් නගරයේ තිබෙන පැරේඩ් පිටිය වෙත රැගෙන යන ලෙසට ඉල්ලා සිටිනවා.
  • තරග පැවැත්වෙන සෑම අවස්ථාවකම තමන්ව දුෂ්කර තත්ත්වයට ඇද දමන බව ඔවුන් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තරග සඳහා ආරක්ෂාව තරකිරීම හේතුවෙන් නගරයේ ආහාර වීදිය, ද්විත්ව මාර්ග, පාසල්, කාර්යාල හා සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙන්නේ ව්‍යාපාර පාළු කරමින් සහ දෛනික ජනජීවිතය අඩපණ කරමින්.

නගරයේ විශාලතම විනෝද ක්‍රියා ස්ථානය වන අලාමා ඉක්බාල් උද්‍යානය ද වසා දමා තිබෙනවා. ක්‍රිස්තියානි ප්‍රජාවට පල්ලියට යාමට බාධා සිදුව තිබෙන අතර 50,000කට ආසන්න ප්‍රදේශ වැසියන්ගේ එදිනෙදා ගමන් බිමන්වලට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.

rawal 1

 

වෙළෙන්දන්, වීදි ආහාර කඩහිමියන් හා නිවැසියන් විරෝධතාවක් ආරම්භ කරමින්, ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉස්ලාමාබාද් නගරයේ තිබෙන පැරේඩ් පිටිය වෙත රැගෙන යන ලෙසට ඉල්ලා සිටිනවා. තරග පැවැත්වෙන සෑම අවස්ථාවකම තමන්ව දුෂ්කර තත්ත්වයට ඇද දමන බව ඔවුන් පවසනවා.

පසුගිය දින හයේදී සියලුම ව්‍යාපාර වසා දමා, මාර්ග අවහිර කර උද්‍යානයේ ඇවිදීම හා ව්‍යායාමය සඳහා මඳ වේගයෙන් දිවීම ඇතුළු විනෝදාත්මක ක්‍රියාකාරකම් අත්හිටුවා තිබෙනවා. කටුකම්බි, කන්ටේනර් හා බාධක යොදා සියලු මාර්ග අවුරා තිබෙන අතර ද්විත්ව මාර්ගයේ පදිකයන්ගේ ගමන පවා සීමා කර තිබෙනවා.

තරග පැවැත්වෙන කාලයේ වාහන ගමනාගමනය නතර කිරීමෙන් ජීවිතය දරාගත නොහැකි බව ෂම්සාබාද් හා ද්විත්ව මාර්ගයේ වෙළඳාම් කරන්නන් හා පදිංචිකරුවන් කියනවා. ක්‍රීඩාංගණය තදබදය තිබෙන ප්‍රදේශයෙන් වෙනත් තැනකට මාරු කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කරනවා.

PXL 20231023 070915795

 

ද්විත්ව මාර්ගය වසා දැමූ විට රාවල්පින්ඩි නගරයෙන් අඩක් ප්‍රාණඇපකරුවන් බවට පත්වන බව පින්ඩෝරා බසාර් වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති රාජා ගුලාම් කියා සිටිනවා. සයිඩ්පූර් පාර, පින්ඩෝරා බසාර්, මුරී පාර, IJP පාර, ෆයිසාබාද්, I-8 සහ යාබද වටපිටාවේ මාර්ග දැඩි වාහන තදබදයෙන් පීඩා විඳින බව ඔහු පවසනවා.

සිය දහස් ගණන් රටවැසියන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරතුර වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ පාසල් දරුවන්, වැඩිහිටියන් සහ මව්පියන් බව ඔහු සඳහන් කරනවා. “දුසිම් දෙකේ සිට හතර දක්වා පුද්ගලයන් පිරිසකට පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දීමට දහස් ගණන් හමුදා භටයින් යොදවා තිබෙනවා. නමුත් ඒ වෙනුවෙන් සමස්ත ජනගහණය දුක් විඳිනවා.”

 

raal 2

වෙළෙන්දන් ක්‍රිකට් ක්‍රීඩාවට එරෙහි පිරිසක් නොවන බව පැහැදිලි කළ ඔහු, නමුත් මෙවැනි ජනාකීර්ණ පෙදෙස්වල තරග පැවැත්වීමෙන් වැසියන්ගේ ජීවිත අක්‍රිය වන බව කියා සිටිනවා. දේශපාලන සම්බන්ධකම්වලට ඉහළින් නැගී සිට සුදුසු ස්ථානයකට ක්‍රීඩාංගණය ගෙන යන ලෙසට ඔහු බලධාරින්ට තදින් ආයාචනය කරනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...