ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉදිරි සංචාර වැඩසටහන යටතේ දෙරට අතර දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් පැවැත්වෙන්නේ නැහැ. තරග පැවැත්වෙන ඉදිරි දිනයන් ද ප්‍රකාශයට පත්කර නැති බැවින් මේ සංචාරය අහෝසි වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පැවසෙනවා.
ඉන්දියාව හා බංග්ලාදේශය අතර උද්ගතව තිබෙන දේශපාලනික අර්බුදය උත්සන්න වීමෙන් පසුව අහෝසි කරන ලද දෙවැනි ඉන්දියා - බංග්ලාදේශ ක්‍රිකට් තරගමාලාව මෙය වනවා. මීට පෙර, ඉන්දියා පිරිමි කණ්ඩායමට පසුගිය වසරේ අගෝස්තුවේ නියමිතව තිබූ බංග්ලාදේශය සංචාරයක් අහෝසි කෙරුනා.
එම තරගමාලාවට අමතරව ධකා නුවර පැවති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීමට ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහභාගි නොවූ අතර ඔවුන් පෙනී සිටියේ වීඩියෝ ඇමතුම් හරහා පමණයි.

බංග්ලාදේශයේ පසුගිය වසරේ හටගත් දේශපාලන ව්‍යසනයෙන් පසුව ඉන්දියාව ට පලා ආ ෂෙයික් හසිනා දිගටම එරට රැඳී සිටින්නේ ඉන්දියා රජයේ ආරක්ෂාව යටතේ.
ඉන්දියා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තරගමාලාව කල්දැමීමෙන් පසුව එම තරග පවත්වන අලුත් දිනයන් ප්‍රකාශයට පත් නොකිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ට තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් වගකීම් බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය එදා කියා සිටියා. නමුත් කාන්තා තරගමාලාව අහෝසි කිරීම සම්බන්ධයෙන් එම හේතුව දැක්වීමට ඉන්දියාව ට අද හැකියාවක් නැහැ.
ඇත්තටම, ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් එම කාලය තුළම වෙනත් කණ්ඩායමක් සමග තරග සැලසුම් කිරිමේ විකල්පයක් සොයමින් සිටින බව වාර්තා වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




