The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අද පැරදුණොත් තවත් අමිහිරි වාර්තාවක්

T

The Leader Desk

November 25, 2025 • 5:56 AM

අද පැරදුණොත් තවත් අමිහිරි වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගි වන තෙවැනි තරගය අද (25 වැනිදා) සිම්බාබ්වේ සමගින් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව ඇත.
  • එසේම පාකිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 699ක් පරාජයට පත්ව සිටින අතර යම් හෙයකින් අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ඔවුන් ද එම කඩයිමට ළඟාවනු ඇත.
  •   මේ වන විට පාකිස්තානය තමන් තරග වැදුණු තරග තුනම ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කළ හෙයින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානය ලබා ඇත.
  • සියලු තරග පරාජයට පත් වෙමින් අවසන් ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව මේ වන විට හිමිකර ගෙන ඇති දළ ලකුණු වේගය -2.679කි.
අකුරු ප්‍රමාණය (Font Size):



යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් සියලු ආකෘතිවල ක්‍රිකට් තරග 700ක් පරාජයට පත් වූ ලොව 4වැනි කණ්ඩායම බවට ද පත් වීමේ අවස්ථාව පවතියි. එසේම පාකිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 699ක් පරාජයට පත්ව සිටින අතර යම් හෙයකින් අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ඔවුන් ද එම කඩයිමට ළඟාවනු ඇත.

 

zim sl0 894y

මේ වන විට පාකිස්තානය තමන් තරග වැදුණු තරග තුනම ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කළ හෙයින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානය ලබා ඇත. සියලු තරග පරාජයට පත් වෙමින් අවසන් ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව මේ වන විට හිමිකර ගෙන ඇති දළ ලකුණු වේගය -2.679කි. තවද එක් තරගයක් පමණක් ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතත්, එසේ වීමට නම් අනෙක් තරගය අනිවාර්යයෙන් වැඩි ලකුණු පරතරයක් රඳවා ගනිමින් ජය ගත යුතුය.

ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5ම පරාජයට පත් ව ඇති අතර ඔවුන් අවසානයට ජයගෙන ඇත්තේ ආසියානු කුසලාන මූලික වටයේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පේන මානයේ සිටිය ද තවමත් කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරාගැනීමට ශ්‍රී ලංකා පරිපාලනය අපොහොසත් වීම පිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

බොහෝ දුරට අද තරගය සඳහා පෙර තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම තරග වදිනු ඇත.

(aruna)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...