The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හේටි පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවත් හේටි ක්‍රීඩා ලෝලීන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්

T

The Leader Desk

November 25, 2025 • 10:04 AM

හේටි පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවත් හේටි ක්‍රීඩා ලෝලීන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හේටි පාපන්දු කණ්ඩායම වසර 51කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වුනා.
  • 1974 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත් හේටි දේශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ජූනි මාසයේ අත්සන් කරනු ලැබූ සංචාරක තහනමට අයත් රටවලින් එකක්.
  • මේ ජනාධිපති නිවේදනය මගින් රටවල් 19ක පුද්ගලයන් අමෙරිකාව ට ඇතුළු වීම සීමා කර තිබෙනවා   එහෙත් ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුල්, පුහුණුකරුවන් හා සහාය මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රධාන තරග ඉසව්වලට සහභාගි වීමේ විශේෂ නිදහසක් එම ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා.
  • නමුත් මේ විශේෂත්වය අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගවලට පැමිණීමට බලාපොරොත්තු වන හේටියානු ක්‍රීඩා ලෝලීන් හෝ නරඹන්නන්ට අදාළ නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ලබන වසරේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරග සඳහා සහභාගි වන එම කණ්ඩායම දිරිගැන්වීම පිණිස පැමිණීමට බලාපොරොත්තු වන හේටි පාපන්දු ක්‍රීඩා ලෝලීන්ව අමෙරිකාව සතුටින් පිළිගන්නේ නැති බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කරනවා.

1974 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත් හේටි දේශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ජූනි මාසයේ අත්සන් කරනු ලැබූ සංචාරක තහනමට අයත් රටවලින් එකක්. මේ ජනාධිපති නිවේදනය මගින් රටවල් 19ක පුද්ගලයන් අමෙරිකාව ට ඇතුළු වීම සීමා කර තිබෙනවා

 

එහෙත් ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පවුල්, පුහුණුකරුවන් හා සහාය මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රධාන තරග ඉසව්වලට සහභාගි වීමේ විශේෂ නිදහසක් එම ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. නමුත් මේ විශේෂත්වය අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගවලට පැමිණීමට බලාපොරොත්තු වන හේටියානු ක්‍රීඩා ලෝලීන් හෝ නරඹන්නන්ට අදාළ නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අමෙරිකාවේ සංචාරය කිරීමේ තහනමට ලක්ව සිටිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ ඉරානය සමග දැන් හේටි එක්ව සිටිනවා. මේ රටවල් දෙක ට ම එක සමානව මේ සංචාරක තහනම අදාළ වනවා.

 

cw465w6567685687
කල්ලි අතර විශාල ලෙස පැතිරුණු ප්‍රචණ්ඩත්වය හා ඉතා නරක අතට හැරෙමින් තිබෙන මානුෂික තත්ත්වයන්ගෙන් සලකුණු කෙරුනු දේශපාලනමය අර්බුදයකට හේටි රට මුහුණ දී සිටින අතර ඔවුන්ගේ පාපන්දු කණ්ඩායම සත්කාරක තරග පවත්වන්නේ රටින් පිට ස්ථානවලයි.

වීසා බලපත්‍රවලට අයැදුම් කර තරග නැරඹීමට පැමිණීම සඳහා සම්මුඛ සාකච්ඡා සැලසුම් කර ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට තවමත් අවස්ථාව ඇතත්, ඔවුන් වීසා නිකුත් කිරීමට හෝ අමෙරිකාව ට ඇතුළු වීමට නුසුදුසු වීමට ඉඩ තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හේටි පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවත් හේටි ක්‍රීඩා ලෝලීන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් | The Leader