The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘ලොව ශක්තිමත්ම කාන්තාව’ තරගය පිරිමියෙක් දිනලා

T

The Leader Desk

November 28, 2025 • 4:46 AM

‘ලොව ශක්තිමත්ම කාන්තාව’ තරගය පිරිමියෙක් දිනලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ශක්තිමත්ම කාන්තාව තේරීමේ තරගයෙන් පරාජය වුනු එංගලන්ත තරගකාරිනිය ජයග්‍රාහිකාව උපතින් පිරිමියෙකු බව කාමුක වෙබ්අඩවියක් මගින් සොයාගෙන තිබෙනවා.
  • පදක්කම් පිරිනමන වේදිකාවේ සිට තමාගේ ජයග්‍රහණය භුක්ති විඳීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බව තොම්සන් කියා සිටියා.
  • බූකර්ව තරගයෙන් නෙරපා දැමූ බවත් ඇයගේ ලිංගික තත්ත්වය පිළිබඳව තමන් නොදැන සිටි බවත් තරග සංවිධායකයන් ප්‍රකාශ කළා.
  •   ජයග්‍රහණය ලැබූ තැන් පටන් බූකර් ඔවුන්ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටින බව සංවිධායක මණ්ඩලය පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකාවේ ජැමී බූකර් (Jammie Booker) ටෙක්සාස් ප්‍රාන්තයේ ආලිංටන් නුවර පසුගිය සතිඅන්තයේ පැවති ලෝක ශූරතාවලියේදී බ්‍රිතාන්‍යයේ ඇන්ඩ්‍රියා තොම්සන් (Andrea Thompson) පරදවා 2025 ලොව ශක්තිමත්ම කාන්තාව ලෙස ශූරතාව දිනා ගත්ත ද, පසුව තරග කමිටුව එම කිරුළ ඇගෙන් උදුරා ගත්තා.

වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ්අඩවියක තිබූ බූකර්ගේ ඡායාරූපයක් තමා වෙත එවීමෙන් පසුව ජයග්‍රාහිකාව ජීව විද්‍යාත්මකව පිරිමියෙකු බව දැන ගැනීමෙන් තමා තුළ මහත් කම්පනයක් ඇතිවූ බව තොම්සන් අනාවරණය කළා.

තොම්සන්ව ජයග්‍රාහිකාව වශයෙන් නම් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ඇලිරා-ජෝයි කවුලී ට තරගයේ දෙවැනි ස්ථානයත්, කැනඩාවේ ජැකී ඔස්සෙව්ස්කි ට තෙවැනි ස්ථානයත් ලැබුනා.

පදක්කම් පිරිනමන වේදිකාවේ සිට තමාගේ ජයග්‍රහණය භුක්ති විඳීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බව තොම්සන් කියා සිටියා.

බූකර්ව තරගයෙන් නෙරපා දැමූ බවත් ඇයගේ ලිංගික තත්ත්වය පිළිබඳව තමන් නොදැන සිටි බවත් තරග සංවිධායකයන් ප්‍රකාශ කළා.

 

jamiie

ජයග්‍රහණය ලැබූ තැන් පටන් බූකර් ඔවුන්ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටින බව සංවිධායක මණ්ඩලය පවසනවා.

බූකර් 2017 වසරේදී යූටියුබ් වීඩියෝවක් ඔස්සේ තමා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක බවට ස්වයං හැඳින්වීමක් කර තිබෙනවා.



warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...