The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා ලෝලීන්ගේ වඳුරු අංග චලන හා නාසි සැලියුට් නිසා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට ලොකු දඩයක්

T

The Leader Desk

November 28, 2025 • 9:23 AM

ක්‍රීඩා ලෝලීන්ගේ වඳුරු අංග චලන හා නාසි සැලියුට් නිසා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට ලොකු දඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤයේ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් (Atletico Madrid) පාපන්දු කණ්ඩායමට යුරෝ 30,000ක දඩයක් නියම කළ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) එහි සංචාරක ක්‍රීඩා ලෝලීන්ට දඬුවම් වශයෙන් වසරකට අත්හිටුවූ එක් තරග තහනමක් පනවා තිබෙනවා.
  • ලන්ඩනයේ එමිරේට්ස් ක්‍රීඩාංණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤ පාපන්දු සමාජයේ ආධාරකරුවන් වඳුරන් මෙන් අංග චලනය කරමින් ශබ්ද නැගීම සහ හිට්ලර්ගේ නාසි සැලියුට් කිරීමේ චෝදනාව මත මේ දඩුවම් පමුණුවා ඇතැයි UEFA ප්‍රකාශ කරනවා.
  • මේ ක්‍රියාවට යුරෝ 10,000ක වෙනම දඩයක් නියම කර තිබෙන අතර එම දඬුවම සහ යුරෝ 30,000 දඩය වහාම ක්‍රියාත්මක වන පරිදියි පනවා තිබෙන්නේ.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):


මීට හේතු වී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ ආසනල් කණ්ඩායමට එරෙහිව පැවති 4-0ක පරාජිත චැම්පියන්ස් ලීග් තරගයේදී එම ක්‍රීඩා ලෝලීන් වර්ගවාදී ලෙස හැසිරීමයි.

ලන්ඩනයේ එමිරේට්ස් ක්‍රීඩාංණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤ පාපන්දු සමාජයේ ආධාරකරුවන් වඳුරන් මෙන් අංග චලනය කරමින් ශබ්ද නැගීම සහ හිට්ලර්ගේ නාසි සැලියුට් කිරීමේ චෝදනාව මත මේ දඩුවම් පමුණුවා ඇතැයි UEFA ප්‍රකාශ කරනවා.

Atletico Madrid players warm up ahead of a Champions League opening phase soccer against Union Saint-Gilloise in Madrid, Spain, Tuesday, Nov. 4, 2025. (AP Photo/Manu Fernandez)
ඇට්ලටිකෝ ක්‍රීඩා ලෝලීන් තරගය අතරතුර නොයෙකුත් ද්‍රව්‍යය පිටියට විසිකරන අයුරු ද දැක තිබෙනවා.

මේ ක්‍රියාවට යුරෝ 10,000ක වෙනම දඩයක් නියම කර තිබෙන අතර එම දඬුවම සහ යුරෝ 30,000 දඩය වහාම ක්‍රියාත්මක වන පරිදියි පනවා තිබෙන්නේ.

මීට අමතරව, නොවැම්බර් 5 වැනිදා චෙල්සී කණ්ඩායමට එරෙහිව පැවති UEFA යූත් ලීග් තරගයේදී ජාතිවාදී ලෙස හැසිරීම හේතුවෙන් Qarabag FK Youth නමැති අසර්බයිජාන් කණ්ඩායමට ද යුරෝ 5,000ක දඩයක් නියම කර ඇති UEFA එම කණ්ඩායමේ එක් සත්කාරක තරගයක් නරඹන්නන් නැති දොරවල් වැසුණු ක්‍රීඩාංගණයක පවත්වන ලෙසට ද නියෝග කර තිබෙනවා.

VISRO2Hs

 

නරඹන්නන් රහිතව තරගය ක්‍රීඩා කිරීමේ දඬුවම වසරක පරිවාස කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...