The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර ජූඩෝ තරගවලට ජාතික කොඩිය යටතේ තරග කරන්න රුසියානු ක්‍රීඩකයන්ට යළිත් අවසර

T

The Leader Desk

November 28, 2025 • 2:36 PM

ජාත්‍යන්තර ජූඩෝ තරගවලට ජාතික කොඩිය යටතේ තරග කරන්න රුසියානු ක්‍රීඩකයන්ට යළිත් අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටියදීත් එය නොසලකා හරිමින් රුසියාවේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික ධජය
  • ඒ අනුව, මේ සතිඅන්තයේ ඇරඹෙන 2025 අබුඩාබි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේදී රුසියානු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික කොඩිය, ජාතික ගීය හා සංකේත සමග තරග කිරීම සඳහා අවසර ලබා දීමට IJF විධායක කමිටුව ඡන්දය දී තිබෙනවා.
  • 2022 වසරේ පෙබරවාරියේ ආරම්භ වූ රුසියානු හමුදාවේ මහා පරිමාණයේ යුක්රේන ආක්‍රමණයෙන් පසුව රුසියානු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම තහනම් කෙරුනා.
  • ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2023 වසරේ සිට රුසියානු ඔලිම්පික් කමිටුව තහනම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යටතේ තරග කිරීමට ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය (IJF) අවස්ථාව ලබා දී තිබෙන්නේ ඔවුන්ට පෙර තිබූ පූර්ණ ජාතික නියෝජන වරප්‍රසාදය යළිත් ලබාදෙමින්.

ඒ අනුව, මේ සතිඅන්තයේ ඇරඹෙන 2025 අබුඩාබි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේදී රුසියානු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික කොඩිය, ජාතික ගීය හා සංකේත සමග තරග කිරීම සඳහා අවසර ලබා දීමට IJF විධායක කමිටුව ඡන්දය දී තිබෙනවා.

“රජයන් හෝ අනෙකුත් ජාතික ආයතන විසින් ගනු ලබන තීරණවලට ක්‍රීඩකයන්ට වගකීමක් නැහැ. ක්‍රීඩාව හා අපේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීම අපේ යුතුකමයි” එම සම්මේලනය කියනවා.

2022 වසරේ පෙබරවාරියේ ආරම්භ වූ රුසියානු හමුදාවේ මහා පරිමාණයේ යුක්රේන ආක්‍රමණයෙන් පසුව රුසියානු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම තහනම් කෙරුනා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2023 වසරේ සිට රුසියානු ඔලිම්පික් කමිටුව තහනම් කර තිබෙනවා.

ලබන වසරේ ඉතාලියේ පැවැත්වෙන ශීත සෘතුව ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා කිරීමට රුසියානුවන්ට අවසර ලබා දී ඇතත් ඔවුන්ට තරග කළ හැක්කේ තනි මධ්‍යස්ථ ක්‍රීඩකයින් ලෙස පමණක් යැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔවුන් පැනවූ ක්‍රමවේදය එලෙසම පවත්වා ගෙන යනවා.

ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය ගෙන තිබෙන්නේ ෙඑතිහාසික තීරණයක් බව රුසියානු ජූඩෝ සංගමයේ සභාපති Sergey Soloveychik කියනවා.

“දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි මේ සාධාරණ හා නිර්භීත තීරණය පිළිබඳව IJF ට ස්තූතියි” යනුවෙන් ඔහු නිවේදනයක් මගින් තවදුරටත් පවසනවා.

මීට පෙර, බෙලරුසියානු ක්‍රීඩකයන්ට පූර්ණ ජාතික නියෝජනය නැවත ලබා දුන් බව IJF ප්‍රකාශ කරනවා. බෙලරුසියාව යනු රුසියාවේ යුක්රේන ආක්‍රමණයට සහයෝගය දක්වන රටක්.

භෞමික දේශපාලනියේ න්‍යායපත්‍රයන් සඳහා ක්‍රීඩාව වේදිකාවක් වීමට ඉඩ දිය නොහැකි බව IJF අවධාරණය කරනවා.

රුසියානු ජනාධිපති පුටින් උද්යෝගිමත් ජූඩෝ ක්‍රීඩකයෙකු වන අතර ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ක්‍රීඩාව නැරඹීමට පැමිණ සිටියා. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමග පුටින් එදා ජූඩෝ තරග නැරඹුවේ රුසියානු ජූඩෝ සම්මේලනයේ සභාපති හා IJF සහ යුරෝපීය ජූඩෝ සම්මේලනයේ ගෞරවනීය සභාපතිවරයා වශයෙන් සිටියදී.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග පුටින් ට ලෝක ක්‍රීඩාවේ තිබුනු වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිල තත්ත්වය අහිමි වුනා. යුද්ධයත් සමග ඔහුගේ ගෞරවනීය සභාපති තත්ත්වය අහෝසි කළ අවස්ථාවේ යුරෝපීය ජූඩෝ සංගමයේ සභාපතිව සිටි Soloveychik එම තනතුරෙන් ඉල්ලා අස්වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...