The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකාවේ ලෝක කුසලාන පාපන්දු කුසපත් ඇදීම ඉරානය වර්ජනය කරයි

T

The Leader Desk

November 29, 2025 • 8:47 AM

 අමෙරිකාවේ ලෝක කුසලාන පාපන්දු කුසපත් ඇදීම ඉරානය වර්ජනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේදී ලබන සතියේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසපත් ඇදීම වර්ජනය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.
  • අමෙරිකාව ගෙන තිබෙන්නේ ක්‍රීඩාශීලී නොවන පියවරක් බව ඔහු සඳහන් කරනවා.
  • ඔවුන් මේ තරගාවලියට සහභාගි වන්නේ පිට පිට සිවු වැනි වතාවටයි.
  • ඉරානය අසීමිත සතුටක් ලැබුවේ ප්‍රංශයේ පැවති 1998 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ගෝල් 2-1කින් අමෙරිකාව පරාජය කළ අවස්ථාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව වී තිබෙන්නේ එම අවස්ථාවට සහභාගි වන ඉරාන නියෝජිත පිරිසේ කිහිප දෙනෙකුට වීසා ලබා දීම අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

දෙසැම්බර් මස 5 වැනි දින පැවැත්වෙන කුසපත් ඇදීමේ උත්සවය සඳහා සහභාගි වීමට නියමිතව සිටි ඉරාන පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු Amir Ghalenoei ඇතුළු නියෝජිත පිරිසේ සාමාජිකයන් සිවු දෙනෙකුට වීසා ලබා දී ඇතත් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති Mehdi Taj සහ තවත් නියෝජිතයන් කිහිප දෙනෙකුට වීසා බලපත්‍ර නිකුත් කිරීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“කුසපත් ඇදීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරාන නියෝජිත කණ්ඩායමට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අලුත්ම තත්ත්වයScreenshot 2025 11 29 at 2.16.35 PM හමුවේ ඉරාන නියෝජිත පිරිස ලෝක කුසලාන කුසපත් ඇදීමට සහභාගි වන්නේ නැහැ” යනුවෙන් ඉරාන පාපන්දු සම්මේලනයේ ප්‍රකාශක අමිර් මෙහ්ඩි අලාවි පවසනවා.


අමෙරිකාව ගෙන තිබෙන්නේ ක්‍රීඩාශීලී නොවන පියවරක් බව ඔහු සඳහන් කරනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග දින දෙකක් තිස්සේ සම්බන්ධව සිටින ඉරාන පාපන්දු සම්මේලනය එහි සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහ මහ ලේකම්වරයාට මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර ජගත් පාපන්දු සම්මේලය මේ පිළිබඳව දැඩිව සොයා බලන බව ඔවුන් දන්වා ඇතැයි අලාවි ප්‍රකාශ කරනවා.

දේශපාලන හා ආරක්ෂක හේතුන් මත අමෙරිකාව දිගු කලක පටන් ඉරාන ජාතිකයන් සඳහා වීසා නිකුත් කිරීමේදී දැඩි සීමාවක් පවත්වා ගෙන යනවා.

ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරානය හත් වැනි වරට සුදුසුකම් ලබා ගත්තේ මාර්තු මාසයේ. ඔවුන් මේ තරගාවලියට සහභාගි වන්නේ පිට පිට සිවු වැනි වතාවටයි.

ඉරානය අසීමිත සතුටක් ලැබුවේ ප්‍රංශයේ පැවති 1998 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ගෝල් 2-1කින් අමෙරිකාව පරාජය කළ අවස්ථාවේ. එහෙත් අමෙරිකාව 2022 තරගාවලියේදී ඊට පළි ගනිමින් ඉරානය 1-0කින් පරාජය කළා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...