The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගෝලීය පාපන්දුවේ ප්‍රධානියාට ලෙබනන් පුරවැසිභාවය

T

The Leader Desk

November 30, 2025 • 3:39 PM

ගෝලීය පාපන්දුවේ ප්‍රධානියාට ලෙබනන් පුරවැසිභාවය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට ලෙබනනය පුරවැසිභාවය ලබා දී තිබෙනවා.
  • මෙය ලෙබනනයේ බොහෝ දෙනෙකු ප්‍රකෝප කරවන පියවරක් වනු ඇතැයි අපෙක්ෂා කෙරෙන්නේ දරුවෙකුගේ පියා විදේශිකයෙකු නම් කාන්තාවකට ඔවුන්ගේ දරුවන්ට ලෙබනන් පුරවැසිභාවය පැවරිය නොහැකි බැවින්.
  • ජනපති මැදුරේ හමුවෙන් පසුව බාබ්ඩා නගරයෙන් නිකුත් වූ නිවේදනයේ ඉන්ෆන්ටීනෝ ට ලෙබනන් පුරවැසිභාවය ප්‍රදානය කිරීම පිළිබඳව කිසිවක් සඳහන් වුනේ නැහැ.
  • එහෙත් ලෙබනන් පාපන්දු සංගමයට අනුව, පුරවැසිභාවයේ නිල නිවේදනය පසුව නිකුත් කිරීමට හැකිවන පරිදි ඒ සඳහා වන නීතිමය ලියකියවිලි සම්පූර්ණ කරන ලෙසට ලෙබනන් ජනාධිපතිවරයා ඉන්ෆන්ටීනෝ ට පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්ෆන්ටීනෝ සමග බාබ්ඩා නුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ලෙබනන් ජනාධිපති Joseph Aoun මේ තීරණයට එළැඹුනු බව ලෙබනන් පාපන්දු සංගමය (LFA) ප්‍රකාශ කරනවා.

මෙය ලෙබනනයේ බොහෝ දෙනෙකු ප්‍රකෝප කරවන පියවරක් වනු ඇතැයි අපෙක්ෂා කෙරෙන්නේ දරුවෙකුගේ පියා විදේශිකයෙකු නම් කාන්තාවකට ඔවුන්ගේ දරුවන්ට ලෙබනන් පුරවැසිභාවය පැවරිය නොහැකි බැවින්. ඊට අමතරව, ලෙබනන් කාන්තාවකට එරට පුරවැසිභාවය ලෙබනන් නොවන සැමියා ට පවරා දීමත් කළ නොහැකියි.  

මේ නීතිය වෙනස් කිරීමට සමාජ ක්‍රියාකාරීන් දශක ගණනාවක් තිස්සේ සටන් කර තිබුන ද එය සාර්ථක වුනේ නැහැ. ඉන්ෆන්ටීනෝගේ බිරිඳ ලිනා අල් අෂ්කා (Lina AI Ashkar) ලෙබනන් ජාතිකයෙක්.

ජනපති මැදුරේ හමුවෙන් පසුව බාබ්ඩා නගරයෙන් නිකුත් වූ නිවේදනයේ ඉන්ෆන්ටීනෝ ට ලෙබනන් පුරවැසිභාවය ප්‍රදානය කිරීම පිළිබඳව කිසිවක් සඳහන් වුනේ නැහැ.
එහෙත් ලෙබනන් පාපන්දු සංගමයට අනුව, පුරවැසිභාවයේ නිල නිවේදනය පසුව නිකුත් කිරීමට හැකිවන පරිදි ඒ සඳහා වන නීතිමය ලියකියවිලි සම්පූර්ණ කරන ලෙසට ලෙබනන් ජනාධිපතිවරයා ඉන්ෆන්ටීනෝ ට පවසා තිබෙනවා.

FIFA සභාපතිවරයාට දැනටමත් ස්විට්සලන්ත හා ඉතාලි පුරවැසිභාවයන් තිබෙනවා.

මෙය ලෙබනනයේ පාපන්දු ක්‍රීඩාවට ආධාර කිරීමෙහි ලා ඔහුගේ කාර්යභාරය අගය කිරීම සඳහා ගනු ලැබූ සංකේතාත්මක තීරණයක් බව LFA සඳහන් කරනවා.

“මට එහෙම පාස්පෝට් එකක් තාම නැහැ. නමුත් ඉක්මනටම ලැබේවි” යනුවෙන් ගෝලීය පාපන්දුවේ ප්‍රධානියා සිනාමුසුව පවසනවා. “මට ලොකු සතුටක් දැනෙනවා. ලොකු ආඩම්බරයක් දැනෙනවා. අවුරුදු බො‌හෝ ගණනක ඉඳන් මම ලෙබනන් ජාතිකයෙක්. ඒ නිසා අපි මෙය විධිමත් කරන එක හොඳයි.”

පාපන්දුවට සාපේක්ෂව බලන විට ලෙබනනයට අවශ්‍ය ප්‍රධාන දෙය වන්නේ මුළු රටටම ආඩම්බර විය හැකි නවීනතම පහසුකම්වලින් යුත් උසස් තත්ත්වයේ පාපන්දු ක්‍රීඩාංගණයක් බවත් තමා මේ පිළිබඳව ජනාධිපති සමග සාකච්ඡා කළ බවත් ඉන්ෆන්ටීනෝ අනාවරණය කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝලීය පාපන්දුවේ ප්‍රධානියාට ලෙබනන් පුරවැසිභාවය | The Leader