The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රජයේ සහන සේවාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ණ සහයෝගය

T

The Leader Desk

December 1, 2025 • 12:04 PM

රජයේ සහන සේවාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ණ සහයෝගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා හටගෙන තිබෙන අතිශය දරුණු දුෂ්කරතාවන්ට ප්‍රතිචාර දක්වමින් රජය ක්‍රියාත්මක කර තිබෙන සහන සේවාවන්ට සහාය වීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්ම් සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්ෂණික පියවර ගණනාවක් ගෙන තිබෙනවා.
  • සහන සේවා මධ්‍යස්ථානයේ වැඩකටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යාම තහවුරු කිරීම පිණිස රජයේ නිලධාරීන් සමග සමීපව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණයේ පරිපාලන සේවක මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
  • මේ සහන සේවා උත්සාහයන්ට සහාය දක්වමින් දිනපතා ආහාර පැකට් සැපයීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ආරම්භ කර තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව, ගංවතුරෙන් උන්හිටි තැන් අහිමි වූ ජනතාවට නවාතැන් සපයා දීම සඳහා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගිය සිකුරාදා විවෘත කෙරුනා.

සහන සේවා මධ්‍යස්ථානයේ වැඩකටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යාම තහවුරු කිරීම පිණිස රජයේ නිලධාරීන් සමග සමීපව කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණයේ පරිපාලන සේවක මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. මේ සහන සේවා උත්සාහයන්ට සහාය දක්වමින් දිනපතා ආහාර පැකට් සැපයීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් ආරම්භ කර තිබෙනවා. සෙනසුරාදා ඇරඹුනු මේ වැඩපිළිවෙල යටතේ ආහාර පැකට් සෑම දිනකම රජයේ නිල සහන බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත භාර දීම සිදු කෙරෙනවා.

මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ සහ සහන මෙහෙයුම්වලට සම්බන්ධ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවී දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන සහන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.

rwalow


පාකිස්තානයේ රාවල්පින්ඩි නුවර සෙනසුරාදා පැවති ජාත්‍යන්තර විස්සයි20 තුන්කොන් තරගාවලියේ අවසාන තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම, දිවයිනේ තිබූ ව්‍යසනමය දේශගුණයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරව පිණිස මිනිත්තුවක නිහඬතාවත් පැවැත්වූ අතර පාකිස්තාන ක්‍රීඩකයන් ද ඊට සහභාගි වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ සහන සේවාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ණ සහයෝගය | The Leader