සමත්ව සිටිනවා. තරගාවලියේ වසර 53ක ඉතිහාසයේ මේ ප්‍රසිද්ධ කුසලානය දෙවතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වූ පළමු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාව.
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ විවෘත පිරිමි ජාත්‍යන්තර රග්බි කණ්ඩායම තරගාවලියේ ඔවුන් සතු කුසලානය මේ වසරේ ද සාර්ථකව රැක ගත්තේ ශ්‍රී ලංකාව, ෆිජි, ප්‍රංශය, ටොන්ගා සහ දකුණු අප්‍රිකාව යන රටවල ජාතික ධජයන් ද ආඩම්බරයෙන් ඔසවමින්.
ශ්‍රී ලයන්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ෆිජි ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන සුලිආනෝ වොලිවොලි විසින්. උපනායකයන් වුනේ දකුණු අප්‍රිකාවේ කෝන් බොලාන්ඩ් හා ශ්‍රී ලංකාවේ මොහමඩ් නිස්රාන්. ටොන්ගා සහ අමෙරිකාවේ ද්විත්ව ජාතික වර්ණලාභියෙකු වන සිමි මෝලාගේ දායකත්වය ද මෙහිදී කැපී පෙනුනා.
ශ්‍රී ලයන්ස් සභාපති ආචාර්ය කැලුම් සුජිත් පෙරේරා මහතා සහ ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර විධායක කමිටුවේ උපක්‍රමශීලී උපදෙස් යටතේ කණ්ඩායමට මේ ජයග්‍රාහී මඟ පෙන්වූයේ පුහුණුකරු දිලීප පීරිස්.

තරග ප්‍රතිඵල:
‘ඒ’ කොටස
ශ්‍රී ලයන්ස් 31 – 0 දකුණු අප්‍රිකා ‘බී’ කණ්ඩායම
ශ්‍රී ලයන්ස් 33 – 0 මෝල්ටා
ශ්‍රී ලයන්ස් 29 – 0 ගෝඩ්ෆාදර්ගේ රග්බි
ශ්‍රී ලයන්ස් 29 – 7 එංගලන්තයේ OG 7s
කප් අවසන් පූර්ව තරගය
ශ්‍රී ලයන්ස් 26 – 19 OG 7s
කප් අවසාන තරගය
ශ්‍රී ලයන්ස් 45 - 7 Wyvern Harlequins




(සටහන : වර්නන් ගුණසේකර)