තරගාවලියට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ හිටපු සහ වර්තමාන නෙට්බෝල් ක්‍රීඩිකාවන් හය දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත්ව සිටියා.
ශ්‍රී ලංකා ධජය ඔසවා තබමින් මේ ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලයන්ස් නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව වුනේ අකිලා ජයවර්ධන. උපනායිකාවන් වූයේ හසිතා මෙන්ඩිස් හා චතුරංගි ජයසූරිය.
කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස ජයන්ති සෝමසේකරම් කටයුතු කළ අතර ශ්‍යාමා කුරේ කළමනාකාරිනිය ලෙස පත්ව සිටියා.
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේ ඉහළට ගෙන යමින් සිටින්නේ සීමාවන් බිඳ දමමින්.
මෙය ආරම්භය පමණක් බවත් ලෝකය හරහා ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවා තැබීම පිණිස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අඛණ්ඩව ක්‍රියා කරන බවත් එම සමාජයේ නිර්මාතෘ සභාපති ආචාර්ය කැළුම් සුජිත් මහතා අවධාරණය කරනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




