The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
පුවත්

2025 නව වසර උදාවෙයි - අලුත් වෙබ් අඩවි තුනක් අද එළිදකී

T

The Leader Desk

January 1, 2025 • 2:47 AM

 2025 නව වසර උදාවෙයි - අලුත් වෙබ් අඩවි තුනක් අද එළිදකී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.
  • ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය.
  • විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි.
  • නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය.

විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි.

නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටියේය.

දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවති බව සඳහන්ය.


 The Leader' මාධ්‍ය ජාලයෙන් 2025ට අලුත් ඇරඹුමක් !

 

pulse line 2025.01.01
සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දිනපතා විශේෂාංග පුවත් හා කාලීන මතවාද ප්‍රකාශයට පත්කරනු ලබන 'ද ලීඩර්' මාධ්‍ය ජාලය මඟින් අද (01) දින සිට නව වෙබ් අඩවි 03ක් එළිදැක්වීමට කටයුතු කර  ඇත.

                  
ඒ අනුව  vow.lk  වෙබ් අඩවිය අද දිනයේ අන්තර්ජාලයට එක්වේ. කාන්තාවන් වෙනුවෙන්ම වූ එම සිංහල මාධ්‍ය වෙබ් අඩවියේ සංස්කාරකවරිය ලෙස අභිෂේකා වාසලබණ්ඩාර කටයුතු කරයි.


දමිළ මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන puthiyakural.lk  අලුත් වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සිද්ධික් කරියප්පර් කටයුතු කරනු ලබන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන pulseline.lk  වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස කෙෂාල් ජයසිංහ කටයුතු කරනු ලබයි.


'ද ලීඩර්' කළමනාකාරිත්වය යටතේ ඉදිරියේදී තවත් සමාජ මාධ්‍ය ප්‍රකාශන කිහිපයක්ම නව ආකෘතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත වන අතර  'ද ලීඩර්' මෙතෙක් පවත්වාගෙන ගිය ප්‍රතිපත්ති රාමුව තුළ මෙන්ම මාධ්‍ය ආචාර ධර්මයන්ට යටත්ව ඉදිරියටද කටයුතු කරන බව  එම කළමනාකාරීත්වය අවධාරණය කර සිටියි.

ලැබුවාවු 2025 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි 'දී ලීඩර්'' මාධ්‍ය මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...