The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන තීරණය වෙයි

T

The Leader Desk

November 7, 2025 • 3:31 PM

2026 T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන තීරණය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ද සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ තරග
  • පෙබරවාරි 7 වැනි දින ආරම්භ වනු ඇතැයි අපේක්ෂිත තරගාවලිය මාර්තු 8 වැනි දින අහමදාබාද් හි අවසාන මහා තරගය පවත්වමින් කෙළවර වීමටයි නියමිතව තිබෙන්නේ.
  • තරගාවලියේ තරග වැඩසටහන ICCය විසින් ලබන සතියේ නිකුත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.
  • කණ්ඩායම් 20ක් සහභාගි වන 2026 T20 World Cup තරගාවලිය පැවැත්වෙන්නේ ද මීට කළින් පැවති තරගාවලියේ ක්‍රමවේදයෙන්මයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වෙන ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) දැන් අවසාන තීරණයකට එළඹ සිටිනවා.

ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ තරග පැවැත්වෙන ස්ථාන වශයෙන් අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර ICCය විසින් කෙටි ලැයිස්තුගත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ස්ථාන දෙකක් වන්නේ කොළඹ සහ මහනුවර. තෙවැනි නගරය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැහැ.

පෙබරවාරි 7 වැනි දින ආරම්භ වනු ඇතැයි අපේක්ෂිත තරගාවලිය මාර්තු 8 වැනි දින අහමදාබාද් හි අවසාන මහා තරගය පවත්වමින් කෙළවර වීමටයි නියමිතව තිබෙන්නේ. තරගාවලියේ තරග වැඩසටහන ICCය විසින් ලබන සතියේ නිකුත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය හා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් එළඹ සිටින, ඉන්දියාව හා පාකිස්තානය ඔවුන්ගේ තරග මධ්‍යස්ථ ස්ථානවල ක්‍රීඩා කිරීමේ එකඟත්වයට අනුව, පාකිස්තාන කණ්ඩායම මේ ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සියලුම තරග ක්‍රීඩා කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ. පාකිස්තානය අවසාන තරගයට පිවිසියහොත් එම තරගය ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබෙන්නේ.

කණ්ඩායම් 20ක් සහභාගි වන 2026 T20 World Cup තරගාවලිය පැවැත්වෙන්නේ ද මීට කළින් පැවති තරගාවලියේ ක්‍රමවේදයෙන්මයි.

සත්කාරක ඉන්දියාව හා ශ්‍රී ලංකාව ට අමතරව තරගාවලියට ඉබේම සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් වී සිටින්නේ  ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා අමෙරිකාව යන 2024 T20 ලෝක කුසලානයේ ඉහළටම පිවිසි කණ්ඩායම් හත. සිය ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම් මත සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ නවසිලන්තය, පාකිස්තානය හා අයර්ලන්තය.

අමෙරිකානු කලාපයට තිබුනු එකම සුදුසුකම් ලබා ගැනීමේ ස්ථානය කැනඩාව හිමිකර ගත්තා. මංගල වතාවට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම් ලබාගෙන සිටින ඉතාලිය සහ නෙදර්ලන්තය යුරෝපයේ පැවති කණ්ඩායම් පහේ තරගාවලියෙන් සුදුසුකම් ලබා ගත්තා. නැමීබියාව හා සිම්බාබ්වේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ අප්‍රිකානු කලාපය සඳහා තිබූ කණ්ඩායම් අටේ තරගාවලියේ ස්ථාන දෙක ඩැහැගනිමින්. නේපාලය, ඔ්මානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබුවේ Asia-EAP තරග වටයෙන්.

බාබෙඩෝස් හි පැවති 2024 විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කළ ඉන්දියාවයි වර්තමාන ශූරයින්ව සිටින්නේ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...