The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය එකම කොටසේ

T

The Leader Desk

November 22, 2025 • 11:34 AM

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය එකම කොටසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමසත්කාරක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජික ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තුනක් ඇතුළත් කොටසකට ඇතුළත්ව සිටින බව Cricbuzz නමැති ක්‍රිකට් පුවත් වෙබ්අඩවිය වාර්තා කරනවා.
  • කෙසේ වෙතත්, කණ්ඩායම් ඇතුළත් වන ආකාරය හා තරග වැඩසටහන ICCය විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
  • බොහෝ දෙනා මහත් බලාපොරොත්තුවෙන් සිටින 2026 T20 World Cup තරග සටහන නොවැම්බර් 25 වැනි දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පැවසෙනවා.
  • මුම්බායි නුවර පැවැත්වෙන උත්සවයකදී ‌මේ තරග සටහන නිවේදනය කෙරෙන බවත් එම අවස්ථාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂා සහ හිටපු හා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ICC ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී අංක 2 ට ශ්‍රේණිගතව සිටින ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ (අංක 11), අයර්ලන්තය (අංක 12) සහ ඕමානය සමග ‘බී’ කොටසට ඇතුළත්ව සිටින බව පැවසෙනවා.



කෙසේ වෙතත්, කණ්ඩායම් ඇතුළත් වන ආකාරය හා තරග වැඩසටහන ICCය විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. බොහෝ දෙනා මහත් බලාපොරොත්තුවෙන් සිටින 2026 T20 World Cup තරග සටහන නොවැම්බර් 25 වැනි දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පැවසෙනවා.

මුම්බායි නුවර පැවැත්වෙන උත්සවයකදී ‌මේ තරග සටහන නිවේදනය කෙරෙන බවත් එම අවස්ථාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂා සහ හිටපු හා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

t20 1920x1079 6921737cb5f35

ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමසත්කාරකත්වය දරණ මේ තරගාවලිය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වීමට නියමිතයි.


අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අහමදාබාද් හි නරේන්ද්‍ර සිං මෝදි ක්‍රීඩාංගණයේ. පාකිස්තානය අවසාන තරගයට පිවිසියහොත් එය පැවැත්වෙනු ඇත්තේ කොළඹ ක්‍රීඩාංගණයක.

Cricbuzz ට අනුව කණ්ඩායම් බෙදී ඇති ආකාරය මෙසේය.

‘ඒ’ කොටස - ඉන්දියාව, පාකිස්තානය, නෙදර්ලන්තය, නැමීබියාව, අමෙරිකාව

‘බී’ කොටස - ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය

‘සී’ කොටස - එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, නේපාලය, ඉතාලිය

‘ඩී’ කොටස - දකුණු අප්‍රිකාව, නවසිලන්තය, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැනඩාව


(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...