The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ඉන්දියාව අසපු තුනක ඉඩම් රජයට පවරා ගනී

T

The Leader Desk

March 27, 2025 • 2:45 PM

2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ඉන්දියාව අසපු තුනක ඉඩම් රජයට පවරා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භුපෙන්ද්‍ර පටෙල්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ආණ්ඩුව ඔලිම්පික් ගම්මානය සහ අනෙකුත් පහසුකම් ඉදිකිරීම පිණිස අහමදාබාද් හි අක්කර 650ක ඉඩමක් පවරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
  • මේ ඉඩම්වලට විකල්ප ස්ථාන ලබා දීමේ ක්‍රමවේදයක් රජය ආරම්භ කර තිබෙන බව ද එම වාර්තාවල සඳහන්.
  • මේ තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් ඉන්දියාව ට රුපියල් කෝටි 34,700ක් සහ රුපියල් කෝටි 64,000ක් අතර මුදලක් වැයවනු ඇති බවට ඉන්දියා මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව.
  • මේ ඇස්තමේන්තුගත වියදම පසුගිය වසරේ පැවති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වැය වූ මුදලට (රුපියල් කෝටි 32,765) වඩා වැඩි වනු ඇතැයි ද එම වාර්තා අනාවරණය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා වනවා.

භුපෙන්ද්‍ර පටෙල්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ආණ්ඩුව ඔලිම්පික් ගම්මානය සහ අනෙකුත් පහසුකම් ඉදිකිරීම පිණිස අහමදාබාද් හි අක්කර 650ක ඉඩමක් පවරා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තාවන්ට අනුව සාන්ත් ශ්‍රී අසාරාම් (Sant Shree Asaram), භාර්තිය සිවා සමාජ් (Bhartiya Seva Samaj හා සදාශිව් ප්‍රාග්යා මන්දාල් (Sadashiv Pragya Mandal) යන අසපු තුනේ ඉඩම් රජයට අත්කර ගැනීමට නියමිතයි.

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඔලිම්පික් පහසුකම් නිර්මාණය කිරීමේ මහා සැලැස්මක් සූදානම් කරමින් සිටින බැවින්, ‌මේ අක්කර 650ක් පමණ වන ආශ්‍රම තුනේ ඉඩම සාර්දාර් පටෙල් ක්‍රීඩා ප්‍රාන්තය (Sardar Patel Sports Enclave), ඔලිම්පික් ගම්මානය සහ අනෙකුත් ක්‍රීඩා පහසුකම් ඉදිකිරීම පිණිස රජයට පවරා ගනු ඇති බවත් මේ ඉඩම පිහිටා තිබෙන්නේ මොටෙරා ප්‍රදේශයේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය අසල බවත් විදෙස් පුවත් සඳහන් කරනවා. (මෙයින් එක් ඉඩමක් අයත්ව තිබෙන්නේ දැරියක අපයෝජනය කිරීමට වරදකරුව සිටින අසාරාම් පූජකවරයාගේ ආශ්‍රමයට).

මේ ඉඩම්වලට විකල්ප ස්ථාන ලබා දීමේ ක්‍රමවේදයක් රජය ආරම්භ කර තිබෙන බව ද එම වාර්තාවල සඳහන්.

මේ තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් ඉන්දියාව ට රුපියල් කෝටි 34,700ක් සහ රුපියල් කෝටි 64,000ක් අතර මුදලක් වැයවනු ඇති බවට ඉන්දියා මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව. මේ ඇස්තමේන්තුගත වියදම පසුගිය වසරේ පැවති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වැය වූ මුදලට (රුපියල් කෝටි 32,765) වඩා වැඩි වනු ඇතැයි ද එම වාර්තා අනාවරණය කර තිබෙනවා.

ගුජරාටයේ එකසමාන නගර දෙකට සහ භෝපාල්, ගෝආ, මුම්බායි හා පූනෙ යන අනෙකුත් නගර හතරට ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගෙන ඒම වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන වියදම් ගැන ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ කළින් පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්හි වියදම් පිළිබඳව ද සඳහන් කරමින්.

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමේ සිය අභිලාෂය පිළිබඳව ඉන්දියාව හඬ නගා තිබෙන අතර ඉන්දියා ඔලිම්පික් කමිටුව මේ අරමුණ සඳහන් ලිපියක් නිල වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ට පසුගිය වසරේ ඔක්තෝබරයේ බාර දුන්නා.

කටාර් හා සෞදි අරාබිය ඇතුළු රටවල් දහයකට වැඩි ප්‍රමාණයක් 2036 ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියේ සත්කාරකත්වය ලබා ගැනීමේ උනන්දුව ප්‍රකාශ කර තිබුන ද තවත් කොපමණ රටවල් සංඛ්‍යාවක් නිල වශයෙන් එසේ ක්‍රියා කර ඇත්දැයි යන්න දැනගන්නට නැහැ.

2036 ඔලිම්පික් උළෙලේ සත්කාරක දේශය පිළිබඳ තීරණය 2026 වසරට පෙර ගනු ඇති බවට අපේක්ෂාවක් තබා ගන්න බැහැ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ඉන්දියාව අසපු තුනක ඉඩම් රජයට පවරා ගනී | The Leader