සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ගම්පහ දිස්ත්‍රික්කයට

පිට පිට 8 වැනි වරටත් සමස්ත ශූරතාව හිමිකර දෙමින් අවසන් වූයේ නව තරග වාර්තා 7ක්ද බිහිකරමින්.


ගම්පහ දිස්ත්‍රික්කය සමස්ත ශූරතාව දිනා ගත්තේ ලකුණු 166ක් රැස්කර ගනිමින්. කොළඹ දිස්ත්‍රික්කය ලකුණු 96ක් ලබා ගෙන අනුශූරතාව හිමිකර ගත් අතර ක්‍රීඩා උළෙලේ තෙවැනි ස්ථානයට පත්වුනේ ලකුණු 77ක් ලබා ගත් නාගරික තරුණයා දිස්ත්‍රික්කය.


නව තරග වාර්තා බිහිවීමේදී කැපී පෙණුනු සිදුවීම වුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිඳු ලක්විජය අවුරුදු 20න් ඉහළ මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ තිබුනු වාර්තාව දෙවරක් අලුත් කිරීම. ඔහු මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ඔහුගේ වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

මෙවර ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ම බී.එස්.ලක්ෂිමා. අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වශයෙන් පිළිවෙලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අයෝමාල් අකලංක හා නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ ඔෂිනි කොඩිකාර පත්වුනා.


දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනාට රුපියල් 250,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමුනා. මීට අමතරව නව තරග වාර්තාවකට රුපියල් 10,000 බැගින් ද ප්‍රදානය කෙරුණා.


34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත් ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ දෙකක්. අනුශූර කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට රුපියල් 150,000ක්ද, තෙවැනි ස්ථානයට පත්වූ නාගරික තරුණයා දිස්ත්‍රික් කණ්ඩායමට රුපියල් ලක්ෂයක්ද පිරිනැමීමට සංවිධායකයින් කටයුතු යොදා තිබුනා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ මේ ක්‍රීඩා උළෙල ට දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 3000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වුනා. ජය සංකේත ප්‍රදානය සිදුවුනේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්/සභාපති හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහාතා ද මේ අවස්ථාවට විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි වුනා.

නව තරග වාර්තා

ජනිඳු ලක්විජය (ගම්පහ): අවුරුදු 20න් ඉහළ පිරිමි මීටර් 110 කඩුලු පැනීම - තත්පර 13.72.

මාතර දිස්ත්‍රික්කය: අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 100 සහාය දිවීම - තත්පර 41.38

එච්.නෙත්සර (නාගරික තරුණයා): අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 400 - තත්පර 48.64

කේ.එම්.කේ.චතුමික (පොලොන්නරුව): අවුරුද 20න් පහළ පිරිමි දුර පැනීම - මීටර් 7.42

තරිඳු දසුන් (ගාල්ල): අවුරුදු 20න් ඉහළ පිරිමි උස පැනීම - මීටර් 2.15

ආර්.තරංග (කළුතර): අවුරුදු 20න් ඉහළ පිරිමි හෙල්ල විසිකිරීම - මීටර් 77.58

බී.එස්.මෙන්ඩිස් (ගම්පහ): අවුරුදු 20න් ඉහළ කාන්තා මීටර් 400 - තත්පර 54.24

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image