ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් හා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග සඳහා කාලය මැනීමේ ඔරලෝසු හඳුන්වා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය
කර තිබෙනවා. 

ඕවරයක අවසානය හා අනෙක් ඕවරයේ ආරම්භය අතර කාලය පාලනය කරමින් ක්‍රීඩාව වේගවත් කිරීමේ උත්සාහයක් ලෙසින් හඳුන්වා දෙන මේ ‘කාලය මැනීමේ ඔරලෝසු’ (stop clock) භාවිතය අත්හදා බැලීම 2023 දෙසැම්බරයේ සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ පැවැත්වෙන තරගවලදී සිදුවෙනවා. 
high
 
මේ අනුව, එක් ඕවරයක් අවසන් වී අනෙක් ඕවරය ආරම්භ කිරීමට ගතවන කාලය මනිනු ලබන අතර කළින් යැවූ ඕවරය සම්පූර්ණ වී තත්පර 60ක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු යවන කණ්ඩායම සූදානම් නැත්නම්, ඉනිමක එවැන්නක් සිදුවන තෙවැනි අවස්ථාවේදී ලකුණු පහක දඬුවමක් පනවන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා. 
මේ නව නීතිය අත්හදා බැලීම ප්‍රථම වතාවට සිදුවනු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදා ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ.
 
skynews angelo mathews sri lankan 6350580

මෑතකදී පැවති 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රථම වතාවට ‘කාලය අවසානයි’ යන තීරණයෙන් ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් දැවී යාම ප්‍රබල මතභේදයකට තුඩු දුන්නා. සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි මැතිව්ස් ඊළඟ පන්දුවට පහර දීමට ප්‍රමාද වූ අවස්ථාවේදී බංග්ලාදේශ නායක ෂකිබ් අල්-හසන් විසින් කරන ලද ඉල්ලීමකින් මැතිව්ස් දැවී ගිය බවට තරග විනිසුරුවන් තීරණය කළා.
 
 
මේ තීරණය පිළිබඳව සිවුවැනි තරග විනිසුරු විවේචනයට ලක් කළ මැතිව්ස්, ෂකිබ්ගේ ක්‍රියාව “නින්දාසහගත” බව කිය සිටියා. කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවල භාරකරු වන ‘එම්.සී.සී.’ විසින් තරග විනිසුරුගේ තීරණය අනුමත කළා. 

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්