රුසියාවේ හා බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මධ්‍යස්ථ තරගකරුවන් ලෙස සහභාගි

වීම සඳහා ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ඊයේ අවසර දී තිබෙන්නේ ලෝකයේ වෙනත් රටවල ක්‍රීඩා සම්මේලන හා ජාතික ඔලිම්පික් කමිටු විසින් IOCයෙන් කරන ලද ඉල්ලීම්වලට කන්දෙමින් බවට වාර්තා වෙනවා.

මේ ඉල්ලීම් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුක්රේනය ප්‍රකාශ කර තිබුනේ ජාතික ඔලිම්පික් කමිටුවල මේ ක්‍රියාවන් හේතුවෙන් ඔලිම්පික් සාධාරණත්වය හා යුක්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නායකත්වය ප්‍රදර්ශනය කිරීමට ජගත් ඔලිම්පික් කමිටුවට උවමනාවක් නැතැයි යන හැඟීමක් ඇතිවන බව.

1242689929

“ජනාධිපති වොලොඩිමර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) ඉතාමත් උචිත අයුරින් ප්‍රකාශ කර ඇති පරිදි, පැහැදිලිවම ඕනෑම රුසියානු ක්‍රීඩකයෙකුගේ මධ්‍යස්ථ ධජයක් ලේ පැල්ලම්වලින් දුර්වර්ණ වී තිබෙනවා” යැයි යුක්රේනයේ වැඩබලන ක්‍රීඩා ඇමති මත්වී බිඩ්නි (Matviy Bidnyi) පවසනවා.

රුසියාව ට ඔවුන්ගේ හමුදාමය ප්‍රචාරය සඳහා ක්‍රීඩාව පාවිච්චි කිරීමට ඉඩ නොදීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලය වගකීමෙන් යුත් තීරණයක් හා නායකත්වයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු කියා තිබුනා.

“එය මධ්‍යස්ථ කොඩියක් යටතේ කරන ක්‍රීඩාවක් වුනත් ඊට ඉඩ නොදෙනු ඇතැයි අපි IOCයෙන් බලාපොරොත්තු වෙනවා.”

16971190478817
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායමක් ලෙසින් රුසියාව ට සාම්ප්‍රදායිකව ආරාධනා නොකිරීමට IOC ගත් තීරණය සහ ඉතා මෑතකදී රුසියානු ඔලිම්පික් කමිටුව තහනම් කිරීමෙන් IOC “වගකීමෙන් යුත් නායකත්වයක්” ප්‍රදර්ශනය කිරීම බිඩ්නි උපුටා දැක්වූයේ තර්කයක් වශයෙන්

“ශ්‍රේෂ්ඨභාවය, ගෞරවය හ මිත්‍රත්වය යන ඔලිම්පික් ක්‍රීඩාවේ මූලික වටිනාකම්වලට රුසියාව ගරු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි මධ්‍යස්ථභාවයේ ප්‍රතිපත්තියට ගරු කළත් ‘මධ්‍යස්ථභාවය’ පුළුවන් වන්නේ සාමය පවතින කාලයේ පමණයි.”

මේ දක්වා ඔලිම්පික් සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4600 දෙනාගෙන් රුසියානු විදෙස් ගමන් බලපත්‍රයක් තිබෙන්නේ අට දෙනෙකුට හා බෙලරුසියානු පාස්පෝට් තිබෙන්නේ තුන් දෙනෙකුට පමණක් බව පැවසෙනවා.

IENCHWELJ5LSJBH6A4FFDBBZPY
“යුද්ධයක් තියෙද්දී විදෙස් ගමන් බලපත්‍ර තිබෙන එක රටක් තවත් රටක් විනාශ කරන විට ‘මධ්‍යස්ථභාවය’ වගකීම් රහිත එකක් බවට පත්වෙනවා.”

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයින්ව පිළිගත හැක්කේ එක් ක්‍රමයකින් පමණක් බව බිඩ්නි පෙන්වා දෙනවා.

“රුසියානු විදෙස් ගමන් බලපත්‍රය (පාස්පෝට්) ප්‍රතික්ෂේප කිරීමයි ඒ ක්‍රමය. ඔලිම්පික් ශ්‍රේෂ්ඨභාවය තමාගේ මූලික වැදගත් දෙය බවට හා යුක්රේනුවන් මරා දැමීම සම්බන්ධයෙන් තමා වගකිවයුතු නැති බවට ඔප්පු කිරීම සඳහා මලල ක්‍රීඩකයෙකුට අද තිබෙන එකම ක්‍රමය මෙයයි.

0000NAN 075 zawrzel boycottr230403 npl4H 1 jpg

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් තහනම් කිරීමේ යුක්රේන ඉල්ලීමට රටවල් 40ක සහයෝගය ලැබෙන බව බිඩ්නි කියා සිටියා.

කෙසේ වෙතත්, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමේ යුක්රේන තර්ජනය අඩුවීගන යන බවක් පෙනෙන්නේ ක්‍රීඩා තරග බිමේදී රුසියානුවන් පරාජය කරමින් තමන්ගේ රට ට කීර්තියක් අත්කර දීමට බොහෝ යුක්රේනුවන් පුල පුලා බලා සිටින බැවින්.

රුසියානුවන් හා බෙලරුසියානුවන් ට මුහුණ දෙන විට යුක්රේන් ක්‍රීඩකයින් තුළ හටගනු ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක්ද යන්න තමාට සිතාගත නොහැකි බව බිඩ්නි පවසනවා.

“රුසියානුවන්ගේ නිරන්තර කුපිත කිරීම්වලට අපේ ක්‍රීඩකයින් නිරන්තරයෙන් ලක්වෙනවා. මේ නිසා ඔවුන්ට සාමාන්‍ය හැඟීමකින් යුතුව ඉන්න බැහැ.”

31a75b799b1462048600871eb1983ffbMatviy Bidnyi

“රුසියානුවන් එක්ක තරග කරන්න මට සිද්ධ වුනොත් මොන වගේ හැඟීමක් ඇතිවේවිද කියලා මට හිතාගන්නවත් බැහැ.”

ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයන් දෙදෙනෙක් වෙන්ව ඇත්තේ අතට අතදීම් හයකින් පමණක් බවට ප්‍රසිද්ධ සමාජ විද්‍යාත්මක සිද්ධාන්තයක් තිබෙන බව යුක්රේන් වැඩබලන ක්‍රීඩා ඇමතිවරයා පෙන්වා දෙනවා.

“මෙහෙම සිතින් මවාගන්න - තරග බිමට පිවිසෙන විට ඔබ ඉදිරියේ සිටින පුද්ගලයාට පිටුපසින් අතට අතදීම් කිහිපයක් දුරින් සිටින්නේ යුක්රේනයේදී ළමයින්ට වෙඩි තබා මරා දැමූ රුසියානු සොල්දාදුවෙක්. නිකමට හිතලා බලන්න!”

ඔලිම්පික් පදක්කම් දිනා ගනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින්ද ඇතුළුව සමස්ත යුක්රේන් ක්‍රීඩා ක්ෂේත්‍රයට ම යුද්ධය ඉතා තදින් බලපා තිබෙන බව බිඩ්නි කියනවා.

ukraine vr
“යුක්රේන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් 397 දෙනෙකු මරා දමා තිබෙන බවට අපට ස්ථිර කර තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කරනවා. ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක Yegor Kigitov හා බොක්සිං ක්‍රීඩක Maksym Galynichev වැනි ඔලිම්පික් යාමට අවස්ථාව තිබුනු ක්‍රීඩකයින් ද මීට ඇතුළත්.

“ක්‍රීඩා යටිතල පහසුකම් පැත්තෙන් බලන විට, ඩොලර් මිලියන 300කට වැඩි වටිනාකමක් ඇති උපකරණ ආදී පහසුකම් 500කට වැඩි ප්‍රමාණයක් අපට දැනටමත් අහිමි වී තිබෙනවා.”

“ඒවා නැවත ඉදිකරන්න පුළුවනි. නමුත් මනුස්ස ජීවිත ආපසු ලබා ගන්න බැහැ.” 

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවත :
රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්