තමාගේ ක්‍රීඩා දිවිය අවසන් වීමට පවා ඉඩ තිබෙන තහනම් මත්ද්‍රව්‍ය තරග තහනමකට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රංශ පාපන්දු ක්‍රීඩක පොල්

පොග්බා ලොව ඉහළ ම පෙලේ අතිදක්ෂ ක්‍රීඩා නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට සැරසෙනවා.

d9pbV0Nq 400x400මයික් මෝගන්ඉතාලියේ යුවෙන්ටුස් (Juventus) පාපන්දු සමාජ ක්‍රීඩක පොග්බා මේ නීති සහාය ලබා ගන්නේ ලෝක බොක්සිං කවුන්සලයේ -WBC- හෙවිවේට් කිරුළ 2020 වසරේ සිට හිමිකර ගෙන සිටින බ්‍රිතාන්‍ය වෘත්තීය බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි (Tyson Fury), ලෝක බොක්සිං සංගමයේ -WBA- මහාද්වීප වෙල්ටවේට් කිරුළ 2018 වසරේ සිට රැකගෙන සිටින එංගලන්තයේ වෘත්තීය බොක්සිං ක්‍රීඩක කොන බෙන් (Conor Benn) සහ කෙන්යා-බ්‍රිතාන්‍ය වෘත්තීය පාපැදි ශූරයෙකු වන ක්‍රිස් ෆ්‍රෝම් (Chris Froome) වැන්නවුන් වෙනුවෙන් පෙනී සිටි සුප්‍රසිද්ධ මයික් මෝගන් (Mike Morgan) නීතිඥවරයාගෙන්.

16672462463385

පොල් පොග්බා ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයක් ගෝලයක්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක්. ඉතාලියේ පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළින්ම සිටින කණ්ඩායම් සඳහා වූ වෘත්තීය ලීග් තරගාවලිය වන Serie A කිරුළ සිවුවතාවක් දිනා ගත් ඔහු ‘මැන්චෙස්ට යුනයිටඩ්’ වෙනුවෙන් ද ජයග්‍රාහී  දස්කම් දෙවතාවක් දක්වපු ක්‍රීඩකයෙක්.

මේ නිසා පොල් පොග්බා යනු ජයග්‍රහණය අත්කර ගැනීම පුරුද්දක් කරගෙන සිටින කෙනෙක්. එබැවින් තමන්ගේ ක්‍රීඩා ජීවිතය අවසන් කිරීමට පවා ඉඩ තිබෙන තහනම් ශරීර උත්තේජන සිවුවසරක තරග තහනමකට මුහුණ දී සිටින ඔහු මේ සම්බන්ධයෙන් ලෝකයේ සිටින හොඳම පුද්ගලයා වන මයික් මෝගන් වෙත යොමු වීම පුදුමයක් නෙවෙයි. 

ලන්ඩන් මූලස්ථානය කරගත් මෝගන් නීතිඥ සමාගම ට අනුව මේ විශාරද නීතිඥවරයා දැන් පොග්බා DHEA  නමැති තහනම් ශරීර උත්තේජනය භාවිත කළ බවට ඔප්පු  වීමෙන් පසුව ඔහු උසාවියේ දැක්විය යුතු ප්‍රතිචාරය විධිමත්ව සකස් කරමින් සිටිනවා.

8e31015b67f63826fefa4df04d6cd715 XL

පොග්බා ට දැන් වයස අවුරුදු 30යි. මෙවැනි වරදකට නියමිත දඬුවම අවුරුදු හතරක තරග තහනමක්. එවැනි තහනමකින් නියත වශයෙන්ම සිදුවනු ඇත්තේ පොග්බාගේ වෘත්තීය පාපන්දු දිවිය අවසන් වීම.

පොග්බා මේ සිද්ධියෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව නොරහසක්. චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කිරීමක් ද මෙහි තිබෙනවා. එය DHEA ඔහුගේ ශරීරයේ තිබුනු බව ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි.

Paul Pogba 1024x706
පොග්බා එය තේරුම් ගෙන සිටින බව පැවසෙනවා. නමුත් මෝගන් මෙය තම සේවාදායකයාගේ වැරදීමකින් සිදුවූවක් බවට තර්ක කිරීමට ඉඩ තිබෙනවා. එය පොග්බාගේ ශරීරයට ඇතුළු වුනේ කෙසේද කියා ඔහු තුළ අදහසක් නැති බවටත් තරගකාරී වාසියක් ලබා ගැනීමේ ප්‍රයත්නයක් මෙහි නැති බවටත් ඔහු තර්ක කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙය නොදැනුවත්ව වූ අධිග්‍රහණයක් බවට මෝගන් විසින් නගන තර්කයේදී ඊට හේතු වූ සාධක සෙවීමේ දීර්ඝ හා වෙහෙසකාරී මෙහෙයුමක් දැන් ආරම්භ කර තිබෙනවා. පොග්බා මිලදී ගත් සියළු දේවල රිසිට් පත් ඉල්ලා තිබෙන අතර ඒවා පසුපස යමින් පරීක්ෂා කිරීමක් සිදුවෙමින් පවතිනවා. පොග්බාගේ නිවසේ සෑම කොටසක්ම, ඔහුගේ බිරිඳගේ රූපලාවන්‍ය දේවල් ද ඇතුළුව, පරීක්ෂා කර තිබෙනවා.

කෙසේ වෙතත්, සමහරු දැනටමත් පොග්බාගේ ඉරණම තීන්දු කර හමාර බවක් පෙනෙනවා. සිද්ධිය වන විට ඔහු ක්‍රීඩා කරමින් සිටි ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය පොග්බා ට වැටුප් ගෙවීම දැනටමත් නතර කර තිබෙන්නේ ඔහු වැරදිකරු බවට තීරණය වීමටත් පෙර. 

FILE - Juventus' Paul Pogba controls the ball during an Italian Cup soccer match between Internazionale and Juventus, at the Giuseppe Meazza San Siro Stadium, in Milan, Italy, April 26, 2023. Anti-doping prosecutors in Italy requested a four-year ban for Juventus midfielder Paul Pogba on Thursday, Dec. 7, 2023 after the World Cup winner tested positive for testosterone. (Spada/LaPresse via AP, File)
තහනම් ශරීර උත්තේජන ද්‍රව්‍යය පොග්බා ඔ්නෑකමින් නොගත් බවටත් එය ඔහුගේ ශරීරයේ තිබීම යම් උපක්‍රමයකින් සිදුවූවක් බවටත් තර්ක කරනු ඇතැයි පැවසෙනවා.

2018 වසරේදී බ්‍රසීලයේ ඉදිරි පෙළ ක්‍රීඩක ජොආ පේඩ්‍රෝ (Joao Pedro) මුත්‍රා වර්ධක ඔසුවක් භාවිතා කිරීමෙන් පසුව තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බව‌‌ට තහවුරු වී සිවුවසරක තරග තහනමකට ලක්වීමේ අවදානමකට මුහුණ දුන් අවස්ථාවේදී අවධාරණය කර සිටියේ තමා නොදැනුවත්ව විෂ පැතිරුනු අතිරේක ආහාරයක් ගත් බව. 

පේඩ්‍රෝගේ තර්කය පිළිගැනුණු අතර ඔහුට ලැබුනේ හය මසක තහනමක් පමණයි. එය ද ගෙවුනේ තරග වාරයට පෙර කාලයේ.

මෝගන් ඔහුගේ තර්කයේ කොටසක් වශයෙන් පේඩ්‍රෝගේ නඩුව උපයෝගී කර නොගත්තොත් එය පුදුමයක්.

සබැඳි ලිපිය:
පොල් පොග්බා සිවුවසරක තරග තහනමක් ලැබීමේ අවදානමක

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්