පිට පිට ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාර දෙකකින් පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක ප්‍රතිඵලය තීරණය කෙරුණු උණුසුම් අවස්ථාවක්

දැක ගැනීමට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

ඒ, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඉන්දියාවේ බැංගලෝර්හි පැවති තුන්වන පන්දුවාර විස්ස තරඟයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 04 කට ලකුණු 212 ක් රැස් කළා.

නායක රෝහිත් ශර්මා පන්දු 69 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 ක්. ඊට හයේ පහර 8 ක් ඇතුලත්.

රින්කු සින් පන්දු 39කදී වේගවත් ලකුණු 69 ක් රැස් කළේ හයේ පහර 6 ක් ද සමඟයි.

 rohith

 

ඉන්දිය කණ්ඩායමේ කඬුලු 4 ක් ලකුණු 22 ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක්වූ ඔවුන් දෙදෙනා පස්වන කඬුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 190 ක සබඳතාවක් ගොඩනැගුවා.

ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 නිම කළේ කඬුලු 6 කට ලකුණු 212 ක් ලබාගනිමින් තරඟය සම කරමින්.

ඉවසිලිවන්ත ලෙස ඉනිම ගොඩනැගූ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ආරම්භක කඬුල්ලට ලකුණු 93 ක සබඳතාවක් ගොඩනැගුවා.

වේගවත් පිතිහරඹයක නිරතවූ ගුලාබ්දින් නබී පන්දු 23 කදී හයේ පහර 4 ක් සමඟ නොදැවී ලකුණු 55 ක් රැස් කළා.

අවසන් පන්දුවාරයේදී තරඟයේ ජයග්‍රහණයට ඇෆ්ගනිස්තානයට ලකුණු 19 ක් ලබාගත යුතු වුවවත් ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 18 ක් පමණයි.

ඒ අනුව තරඟයේ තීරණය ලබාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළා.

එහිදී ඇෆ්ගනිස්තානය ලකුණු 16 ක් රැස්කර ගත්තා.

කෙසේවෙතත් ඉන්දියාවට ද සුපිරි පන්දුවාරයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණයි.

ඒ අනුව එම පන්දුවාරය ද සම වුණා.

පසුව තීරණය කෙරුණේ තරඟයේ තීරණය ලබාගැනීමට තවත් සුපිරි පබන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමටයි.

එහිදී ඉන්දිය කණ්ඩායම ලකුණු 11 කට සීමා කිරීමට ඇෆ්ගන් පන්දුයාවන්නන්ට හැකි වුණා.

එහෙත් එම පන්දුවාරයේ කඬුලු 2ක් බිඳවැටීමත් සමඟ ඉන්දියාව තරඟය ජයගත්තා.

win indian

ලෝක ක්‍රිකට් පිටියට මතක රැසක් එක්කළ මෙම උණුසුම් තරඟය ඉතිහාසගත වුණේ එදාමෙදා තුර පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක වූ පළමු තරඟය ලෙසයි.

ඉන්දියාවේ පැවති මෙම තරඟාවලිය ඇෆ්ගනිස්තානය පරාජයට පත්වුව ද ඉන්දියාවට ගොස් ඇෆ්ගනිස්තානය තරඟාවලිය පුරා දැක්වූ මෙම විශිෂ්ඨ දක්ෂතා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර දැන් කතාබහක් ඇතිකර තිබෙනවා.

පෙරළිකාර ඇෆ්ගනිස්තානය ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ද තරඟ සංචාරයකට එක්වීමට නියමිතයි.

(nethnews.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්