The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

T

The Leader Desk

February 3, 2024 • 11:17 AM

ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 3 ට ලකුණු 287

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළපුරුදු පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු ක අගනා සබඳතාවෙන් ශ්‍රී ලංකාව එස්.එස්.සී.
  • මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 89කින් පෙරමුණට පැමිණ සිටියා.
  • මුළු ලකුණු 148දී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ මැතිව්ස් හා චන්දිමාල් ගොඩනගා ගෙන සිටියේ ලකුණු 139ක නොබිඳි සබඳතාවක්.
  • මැතිව්ස් ලකුණු 79ක් ද, චන්දිමාල් ලකුණු 68ක් ද ලබා ගනිමින් ඇෆ්ගන් පන්දු යවන්නන්ට පහර දුන්නේ ආයාසයකින් තොරව.
අකුරු ප්‍රමාණය (Font Size):
ක්‍රීඩාංගණයේ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ සවස තේ පානය වන විට ලකුණු 287ක් රැස්කර ගෙන සිටියේ කඩුලු 3ක් පමණක් අහිමි කරගෙන.

මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 89කින් පෙරමුණට පැමිණ සිටියා.

මුළු ලකුණු 148දී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ මැතිව්ස් හා චන්දිමාල් ගොඩනගා ගෙන සිටියේ ලකුණු 139ක නොබිඳි සබඳතාවක්.

මැතිව්ස් ලකුණු 79ක් ද, චන්දිමාල් ලකුණු 68ක් ද ලබා ගනිමින් ඇෆ්ගන් පන්දු යවන්නන්ට පහර දුන්නේ ආයාසයකින් තොරව. පන්දු 152කට මුහුණ දී සිටි මැතිව්ස් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඔහුගේ නොදැවුනු ඉනිමට ඇතුළත් කරගෙන සිටි අතර චන්දිමාල් පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් එල්ල කර සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ලබා ගෙන උදය වරුවේ ක්‍රීඩාවේදී දැවී ගියා.

 දෙවැනි දින තරගයේ දෙවැනි ඔ්වරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් දිමුත් කරුණාරත්න ඔහුගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. ඊළඟ ඔ්වරයේ දෙවැනි පන්දුවේදී දිමුත් සහ නිශාන්ත මදුෂ්කගේ ලකුණු 93 ආරම්භක කඩුලු සබඳතාව අවසන් වුනා.

පන්දු 98ක මේ සබඳතාව බිඳ වැටුනේ නවීඩ් සඩ්රාන්ගේ පන්දුවකට මදුෂ්ක දුන් උඩ පන්දුවක් ‘ලෙග් ස්ලිප්’ හි සිට නූර් අලි සඩ්රාන් ප්‍රදර්ශනය කළ දක්ෂ පන්දු රැකීමකින්. මෙය නවීඩ් සඩ්රාන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් කඩුල්ල වුනා. පන්දු 53කට මුහුණ දුන් නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමග ලකුණු 37ක් වාර්තා කළා.
 
 Chandimal 2024.02.03
                                    දිනේෂ් චන්දිමාල්

ඊළඟට කඩුල්ලට පිවිසියේ ඊයේ සිය 29 වැනි උපන්දිනය සැමරූ කුසල් මෙන්ඩිස්. කෙසේ වෙතත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවක් නොතිබුනු ඔහු නජිට් මසූඩ්ගේ පන්දුවට ‘ලෝං ලෙග්’ හි පන්දු රකිමින් සිටි සියා උර් රෙහමාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 10කට දැවී ගියා. 
 
පන්දු 22කට මුහුණ දුන් කුසල් දැවී යාමට පෙර එක් හතරේ පහරක් එල්ල කර තිබුනා. මේ අනුව ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 115දී බිඳ වැටුනේ ඊයේ තරගයේ 8 වැනි ඔ්වරයේ. එය ශ්‍රී ලංකා ඉනිමේ 22 වැනි ඕවරය වී තිබුනා.

ශ්‍රී ලංකා තෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 148ක්ව තිබියදී. ශතකයක් කරා යනු ඇතැයි අපේක්ෂා කෙරුනු දිමුත් කරුණාරත්න 30 වැනි ඔ්වරයේදී කයිස් අහමඩ්ගේ පන්දුවට ‘ෂෝට් මිඩ් විකට්’ හි ඉබ්‍රහිම් සඩ්රාන් අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් ලකුණු 77කට දැවී ගියා. පන්දු 72ක දිමුත්ගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්ව තිබුනා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 177ක් රැස්කර ගෙන සිටියා.

ශ්‍රී ලංකාවට ප්‍රතිවාදී ඇෆ්ගන් මුළු ලකුණු ප්‍රමාණය වූ 198 පසු කිරීම සඳහා ගතවූයේ ඔ්වර 42.3ක් පමණයි.

තරගයේ 51 වැනි ඔ්වරය ආරම්භයේදී සියා උර් රෙහ්මාන්ගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 41 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 100කින් ලබා ගත් එම අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුනා.

56 වැනි ඔ්වරයේදී සියා උර් රෙහ්මාන් ට හතරේ පහරක් එල්ල කිරීමත් සමග දිනේෂ් චන්දිමාල්ගේ 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයත්, ඔහු සහ මැතිව්ස් අතර සිවුවැනි කඩුලු සබඳතාවේ ලකුණු 100ත් වාර්තා වුනා. මේ වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා පන්දු 170කට මුහුණ දී තිබුනා. ‘චන්දි’ගේ අර්ධ ශතකය වෙනුවෙන් ඔහු පන්දු 83කට මුහුණ දී තිබූ අතර හතරේ පහර 6ක් ඊට ඇතුළත්.


warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

        

සබැඳි පුවත් :
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...