දිවයිනේ විශාලතම කණිෂ්ඨ ජල පෝලෝ තරගාවලිය වන RCUAC අභියෝග පළිහ තරගාවලියේ ප්‍

රධානතම ශූරතා වන අවුරුදු 15න් පහළ බාලක කිරුළ කොළඹ රාජකීය විදුහලත් බාලිකා කිරුළ බිෂොප් විදුහලත් දිනා ගත්තා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස නම් කෙරුණේ රාජකීය විදුහලේ සුලෙයිමාන් ෂිහාර් සහ බිෂොප් විදුහලේ සිනාලි රත්නායක.

රාජකීය විදුහල් ජල ක්‍රීඩා සමාජ සංගමය පිට පිට තෙවැනි වසරටත් සංවිධානය කළ මේ RCUAC Water Polo තරගාවලිය සඳහා අවුරුදු 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ +25 මාස්ටර්ස් යන වයස් ඛාණ්ඩ යටතේ කණ්ඩායම් 30ක් සහභාගි වුනා.

මීළඟ අවුරුදු 5-10දී ජල පෝලෝ ක්‍රීඩාව තරුණ පරපුර අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මේ තරගාවලියට පිහිනුම් සමාජ හා පාසල්වලින් ලොකු පිළිගැනීමක් තිබෙන අතර ඉරිදා පැවති තරග වෙනුවෙන් රාජකීය විදුහලේ පිහිනුම් තටාකයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් එක්ව සිටියා.

වයස අවුරුදු 9න් පහළ තරගාවලියක් මෙවර එක්කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට. එහිදී නාලන්දා විදුහල විසින් රාජකීය විදුහල බාලක තරගාවලියේදී 14-04කින් පරාජය කරනු ලැබූ අතර බාලිකා තරගාවලියේදී විශාඛා විදුහල ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමයට අනුව ජයග්‍රාහිකාවන් වුනා.

අවුරුදු 11න් පහළ ඛාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේත් නාලන්දා විදුහල. ඒ, තියුණු තරගයකදී 10-09කින් රාජකීය විදුහල පරදවමින්. බාලිකා අංශයේ අවසාන තරගයේදී කාන්තා විදුහල 14-04කින් බිෂොප් විදුහල පරාජය කළා.

අවුරුදු 13න් පහළ බාලක ඛාණ්ඩයේ ශූරයන් වුනේ රාජකීය විදුහල. ඔවුන් ශූරතාව හිමිකර ගත්තේ පරම ප්‍රතිවාදීන් වන සාන්ත තෝමස් විදුහල 20-04කින් අභිබවා යමින්. මේ අතර තවත් ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමවේදයකින් විශාඛා විදුහල අවුරදු 13න් පහළ බාලිකා කිරුළ අත්කර ගත්තා.

RCWP
දිනයේ අවසන් ඉසව්ව වුනේ රාජකීය හා සාන්ත තෝමස් විදුහල් මාස්ටර්ස් කණ්ඩායම් අතර පැවති තරගය. මේ තරගය සංවිධානය කර තිබුනේ මතක සටහන් හා දෙපිල අතර පැරණි මිතුදම් නැවත ගොඩනැගීමේ අරමුණින්.

කොළඹ රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ පැවැති මේ තරගාවලියට බිෂොප්, විශාඛා, කාන්තා, මියුසියස්, කොළඹ ජාත්‍යන්තර, සාන්ත තෝමස්, නාලන්දා, තර්ස්ටන්, රාජකීය යන පාසල් ද RCUAC සහ OTSC යන පිහිනුම් ක්‍රීඩා සමාජ ද සහභාගි වුනා.

ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති තිළිණ ප්‍රදානෝත්සවයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වුනා.

RCPS

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්