The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

22 සිට IPL තරගාවලියේ දසුන් ගෙන ඒමට Supreme TV සූදානම්

T

The Leader Desk

March 14, 2024 • 10:09 AM

22 සිට IPL තරගාවලියේ දසුන් ගෙන ඒමට Supreme TV සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) - 2024 සඳහා ශ්‍රී ලංකාවේ නිල විකාශන අනුග්‍රාහකත්වය හිමි කරගෙන ඇති සුප්‍රීම් නාලිකාව (Supreme
  •   මෙය සුප්‍රීම් නාලිකාව නිල විකාශක ලෙසින් ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියක් අත්පත් කර ගත් දෙවන වතාවයි.
  •   මෙරට රූපවාහිනී ඉතිහාසය තුල නවතම රූපවාහිනී නාලිකාවක් ලෙසින් මෙවන් විශාල ආයෝජනයක් සහිතව දෙවරක් ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියක් මිලට ගත් ප්‍රථම අවස්ථාව ද වෙයි.
  • ලෝකයෙම ක්‍රිකට් උන්මාදයක් බවට මෙන්ම වාර්ෂික සැණකෙළියක් බවට පත්ව ඇති අයි පී එල් තරගාවලිය (IPL) සුපැහැදිලි දසුන් සහිතව එළෙඹෙන මාර්තු මස 22 වනදා සිට නැරඹීමට අවස්ථාව උදාවනු ඇතිබව සුප්‍රීම් නාලිකාව නිවේදනය කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

TV) ඒ අනුව මේ මස 22 වැනිදා සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සුපිරි IPL තරගාවලියක දසුන් ගෙන ඒමට සූදානම් වේ.  

මෙය සුප්‍රීම් නාලිකාව නිල විකාශක ලෙසින් ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියක් අත්පත් කර ගත් දෙවන වතාවයි.

 

මෙරට රූපවාහිනී ඉතිහාසය තුල නවතම රූපවාහිනී නාලිකාවක් ලෙසින් මෙවන් විශාල ආයෝජනයක් සහිතව දෙවරක් ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියක් මිලට ගත් ප්‍රථම අවස්ථාව ද වෙයි.


ලෝකයෙම ක්‍රිකට් උන්මාදයක් බවට මෙන්ම වාර්ෂික සැණකෙළියක් බවට පත්ව ඇති අයි පී එල් තරගාවලිය (IPL) සුපැහැදිලි දසුන් සහිතව එළෙඹෙන මාර්තු මස 22 වනදා සිට නැරඹීමට අවස්ථාව උදාවනු ඇතිබව සුප්‍රීම් නාලිකාව නිවේදනය කර සිටියි.

 

431854987 934820525178817 3274994880904690526 n

මෙම IPL තරගාවලී විකාශයට සමගාමීව මේරට ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තවත් සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සුප්‍රීම් නාලිකාව විසින් මේ වන විටත් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත්, ෆේස්බුක් සමාජ ජාලය තුළ  සුප්‍රීම් ටීවි සමාජ ජාලා පිටුව සබ්ස්ක්‍රයිබ් කර තබා ගැනීමෙන් ඒ පිළිබඳව උණුසුම් පුවත් ලබා ගැනීමට හැකියාව ඇති බවත්  සුප්‍රීම් නාලිකාව පවසයි.

 

සමාරම්භක උත්සවයේ සිට සෑම තරගයක්ම පන්දුවෙන් පන්දුව ඔබ වෙත වඩාත් සුපැහැදිළි දසුන් සහිතව ගෙන ඒමටත් තවත් සමගාමී විශේෂාංග ගණනාවකුත් සමගින් මෙවර IPL තරග උණුසුම විඳගන්න දැන්ම ඔබේ රූපවාහිනියත් UHF 47 ට ( දීප ව්‍යාප්ත ) සුසර  කර ගන්නැයි සුප්‍රීම් නාලිකාව වැඩිදුරටත් දැනුම්දී සිටියි.


 (සෙසු පළාත් - බස්නහිර UHF 49 | මධ්‍යම UHF 47 | දකුණ UHF 28 | සබරගමුව UHF 56  | වයඹ UHF 32 )

 
වැඩි විස්තර සඳහා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සන්නිවේදන අංශය අමතන්න.
(+94) 777 253 444
pr@surpeme.lk  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...