මැලේසියාවේ පැවති ආසියානු සවිඑසවීම (Powerlifting) ශූරතාවලියේදී පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ශ්‍රී ලාංකික සවිඑසවීමේ ක්‍රීඩකයන් මේ ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 7ක් දිනා ගත්තේ ශ්‍රී ලංකා වාර්තා ගණනාවක් ම බිඳ දමමින්.

ආසියානු කලාපයේ රටවල් 36කින් ක්‍රීඩකයන් 600කට වැඩි පිරිසක් තරග වැදුනු මේ ශූරතාවලියේදී සියළුම බර පංතිවල විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වීම විශේෂත්වයක්.

මේ ශූරතාවලියේ ‘මාස්ටර්ස් 1’ අංශයේ තරග වැදුනු සුරංග ද සිල්වා රන් පදක්කම් 4ක් දිනා ගනිමින් ද, රොහාන් පඋලස් ‘මාස්ටර්ස් 3’ අංශයේ තරග කරමින් රන් පදක්කම් 3ක් දිනා ගනිමින් ද ශ්‍රී ලංකා පදක්කම් මෙහෙයුමට නායකත්වය දුන්නා.

ප්‍රදීප් සනුනු, කුනම් පුශාන්තන් හා උවිඳු ජයසිංහ වැදගත් පදක්කම් කිහිපයක් දිනා ගත්තේ ඉතාමත් තරගකාරී ලෙසින් පැවති විවෘත තරග අංශයේ. කණිෂ්ඨ අංශයේදී සුලේෂ් මෙන්ඩිස් රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුනා. පළපුරුදු සවිඑසවීමේ ක්‍රීඩක ඩැරින් වීරසිංහ ද ‘මාස්ටර්ස් 1’ අංශයේ රිදී පදක්කමක් හිමිකර ගත්තා.

Powerlifting12 2024.02.17

2023 ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පදක්කම්:

ප්‍රදීප් සුමුදු (59 බර පංතිය - විවෘත)

Squat - ලෝකඩ

Bench Press - රිදී

Deadlift - රිදී

Overall - රිදී

උවිඳු ජයසිංහ (105 බර පංතිය - විවෘත)

Squat - ලෝකඩ

කුනම් පුශාන්තන් (120+ බර පංතිය - විවෘත)

Bench Press - රිදී

Deadlift - රිදී

සුලේෂ් මෙන්ඩිස් (120 බර පංතිය - Sub-කණිෂ්ඨ)

Squat – ලෝකඩ

Bench Press – ලෝකඩ

Deadlift – රිදී

Overall - රිදී

ජෙනෝශ මෙන්ඩිස් (74 බර පංතිය - කණිෂ්ඨ)

Squat - රිදී

ෂෙවෝනි නෙතාරා (84 බර පංතිය - කණිෂ්ඨ)

Squat –ලෝකඩ

Bench Press – ලෝකඩ

Deadlift – රිදී

Overall - ලෝකඩ

සුරංග ද සිල්වා (66 බර පංතිය - මාස්ටර්ස් 1)

Squat – රන්

Bench Press – රන්

Deadlift – රන්

Overall - රන්

තිලකරත්න චන්දන (83 බර පංතිය - මාස්ටර්ස් 1)

Deadlift - රිදී

හිරාන් ප්‍රනාන්දු (93 බර පංතිය - මාස්ටර්ස් 1)

Squat - රිදී

ඩැරින් වීරසිංහ (120 බර පංතිය - මාස්ටර්ස් 1)

Bench Press - රිදී

රොහාන් පඋලස් (105 බර පංතිය - මාස්ටර්ස් 3)

Squat – රන්

Bench Press – රිදී

Deadlift – රන්

Overall - රන්

 warnan Gunasekara

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image