ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 1 වැනි ජාතික කිලෝමීටර් 20

තරග ඇවිදීමේ ශූරතාවලියේදී වැඩි දස්කම් ප්‍රදර්ශනය වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන්.

මේ ශූරතාවලියේ පිරිමි පළමු ස්ථාන 3 මෙන්ම කාන්තා පළමු ස්ථාන 2 ද හිමිකර ගත්තේ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

ඩී.එම්.අයි.එස්.එස්.දුනුකාර පිරිමි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ පැයයි මිනිත්තු 37යි තත්පර 35ක කාලයක් වාර්තා කරමින්. වයි.එස්.විමලසූරිය දෙවැනි ස්ථානයත් (1:39.22), ආර්.බී.එස්.කේ.සම්පත් තෙවැනි ස්ථානයත් (1:42.58) හිමිකර ගත්තා.

කාන්තා ඉසව්වේ පළමු ස්ථානය යූ.වී.කේ.මදිරිකා දිනා ගත්තේ පැයයි මිනිත්තු 51යි තත්පර 45ක් සටහන් කරමින්. පී.බී.ගයානි 1:52.12 කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර තෙවැනි ස්ථානයට පත්වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ටී.එච්.දිනූෂා ඩිහානි (1:57.03).

walk winner

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image