දියුණුගේ අකීෂා හිරුන්දි සිල්වා

 

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ ආසියානු වයස අවුරුදු 14 හා ඊට අඩු සංවර්ධන ශූරතාවලියේ - ITF Asia 14 & Under Development Championships 2024 - අවසාන තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විදුහලේ දියුණුගේ අකීෂා හිරුන්දි සිල්වා සමත්ව සිටිනවා.

 

මේ අනුව, මැලේසියාවේ කුෂුං හි අප්‍රේල් 8 සිට 19 දක්වා පැවැත්වෙන අවසාන තරගයේදී SA/SEA/EA කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අකීෂාව තෝරා ගෙන තිබෙනවා.


අකීෂා හිරුන්දි මේ අවසාන මහා තරගයේ ක්‍රීඩා කිරීම පිණිස සුදුසුකම් ලබා ගත්තේ වියට්නාමයේ පැවති ITF Asia 14 & Under Development ශූරතාවලියේදී ප්‍රදර්ශනය කළ විශේෂ දස්කම් මත. රටවල් 7කින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් මේ තරගාවලියට සහභාගි වූ අතර එම සියළු ක්‍රීඩිකාවන් අතරින් අවසාන තරගය සඳහා තෝරා ගත් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඇතුළත් වීම විශේෂත්වයක්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image