එක්සත් ලෝක ක්‍රීඩා හා යෝග්‍යතා සම්මේලනය - United World Sports & Fitness Federation (UWSFF) - මෙහෙයවීමෙන් පැවති

UWSFF GALAXY 2024 කායවර්ධන තරගාවලියේදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන  ශූර නිශාන්ත පෙරේරා සමත්ව සිටිනවා.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ එක ම තරගකරුවා වූ නිශාන්ත එහිදී මාස්ටර් ඉසව්වෙන් රන් පදක්කමක් ද, කිලෝග්‍රෑම් 85 බර පංතියෙන් රිදී පදක්කමක් ද හිමිකර ගෙන තිබෙනවා.

තායිලන්තයේ පටායා නුවර මේ තරගාවලිය පැවැත්වුනේ මාර්තු 2, 3, 4 දිනවල. තායිලන්තය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හත් දෙනෙක් මේ තරගාවලියට සහභාගි වුනා.

නිශාන්ත පෙරේරා ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන් බරඉසිලීම ක්‍රීඩාවේ ප්‍රවීනයෙක්. රට වෙනුවෙන් විදේශයක තරග කර පදක්කම් දිනා යළි මව්බිමට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා රතු පලසක් එලා තිබුනේ නැහැ. තනිව ම පැමිණි නිශාන්ත වෙත දුව ගොස් මල් කළඹක් දී සිඟිති පුතා විසින් පියා පිළිගනු ලැබූ අවස්ථාව සැබැවින්ම හැඟීම්බර මොහොතක්.

Nishantha Perera 2024.03.09

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image