ලෞකික ආගමකට සම්බන්ධ නැති ප්‍රංශයේ රාමසාන් පිළිවෙත් පිළිපැදීම එහි මුස්ලිම් පාපන්දු ක්‍රීඩකයන්ට මහත් අසීරු කර්තව්‍යයක්.

ප්‍රංශ ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර තිබෙන ආගමික මධ්‍යස්ථභාවයේ ප්‍රතිපත්තිය අවියක් කරගෙන සිටින රටේ පාපන්දු සම්මේලනය ඉස්ලාමීය ශුද්ධ මාසයේ අරුණෝදයේ සිට හිරු බැසයාම දක්වා කාලය තුළ කෑමෙන් හෝ බීමෙන් වැළකී සිටීමේ උවමනාවෙන් පසුවන ක්‍රීඩකයන්ට එම කාර්යයේ නියැලීම අපහසු කර තිබෙනවා. 

උපවාස කිරී‌මේ ආගමික පිළිවෙත් ක්‍රමය සම්පූර්ණයෙන් ම පිළිපැදීමේ අවශ්‍යතාවෙන් සිටින ක්‍රීඩකයන්ට සරිලන පරිදි ආහාර ගැනීම හා පුහුණුව සඳහා වන වැඩසටහන් වෙනස් නොකරන බව මාර්තුවේ පැවති පුහුණු කඳවුරට පෙර ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) පැහැදිලිව කියා තිබුනා.

සමහර වාමාංෂික දේශපාලනඥයින්, පුහුණුකරුවන් හා හිටපු ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් ඉමහත් කෝපයට පත්ව සිටිනවා. ඔවුන් නගන ආගමිකව වෙනස්කම් කිරීමේ චෝදනා සම්මේලනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 


සන්ධ්‍යාවේ පැවැත්වෙන තරග අතරතුර උපවාසය අත්හැරීම පිණිස පිටියේ පැති රේඛාවට ගොස් මුස්ලිම් ක්‍රීඩකයන්ට ඉක්මනින් කෑමක් හා බීමක් ගැනීමට ඉඩ සැලසෙන පරිදි ලීග් තරග විනිසුරුවන් විසින් තරගය මඳකට නතර කිරීමේ ක්‍රියාව ප්‍රංශයේ තිබෙන මේ අනාගාමික ආකල්පයෙන් වළක්වා තිබෙනවා. මෙවැනි කෙටි විරාමයන් සඳහා ජර්මනිය, එංගලන්තය හා නෙදර්ලන්තය වැනි ප්‍රංශය ට සමීපව තිබෙන රටවල් අවසර දී තිබෙනවා.

ආගමික නිදහසට එකඟ වන අතර ම ප්‍රංශ ලෞකිකත්වයෙන් ප්‍රකාශ වන්නේ එම දේශය කිසිම ආගමකට අනුග්‍රහයක් නොදක්වමින් මධ්‍යස්ථව සිටින බව. සිය මෙහෙවරේ එක් කොටසක් වන්නේ පොදු ජන ජීවිතයේ ලෞකිකත්වය වෙනුවෙන් තිබෙන රටේ පිළිපැදීමේ ක්‍රියාවලිය තරයේ ආරක්ෂා කිරීම බව ප්‍රංශ පාපන්දු සම්මේලනය පවසනවා.

විවේචකයන් කියන්නේ මෙය මුස්ලිම් විරෝධී නීතිවලට කැඳවා යාමක් බව යි.

“මෙයින් පෙනෙන්නේ ඔවුන් මුස්ලිම් වීම තහනම් කිරීමට අවශ්‍ය බවක්. අපි කැමැති වුනත් නැතත්,
අපි  මේ මකා දමන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ අනන්‍යාතාවේ කොටසක්” යැයි ප්‍රංශයේ උපන් මුස්ලිම්වරයෙකු වන හිටපු සෙනෙගාල් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක Demba Ba ප්‍රකාශ කරනවා.
 

තමාගේ මුළු වෘත්තීය ක්‍රීඩා දිවිය පුරා ම තරග පැවති දිනවල පවා තමා රාමසාන් වෙනුවෙන් උපවාසයේ යෙදුනු බව ඔහු සඳහන් කරනවා. ‘නිව්කාසල්’ කණ්ඩායම සමග එංගලන්ත ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කළ අවධියේ ප්‍රමාද වී හිරු බැස යන ගිම්හානයේ පස්වරු 1.00 ට තරග පැවැත්වීම යෙදී තිබියදී තමා මුහුණ දුන් අසීරු දිනයන් පිළිබඳව ඔහු විශේෂයෙන් විස්තර කර තිබෙනවා.                               

කතෝලික ආගම ප්‍රධාන ආගම බවට රැඳී තිබියදී, ප්‍රංශයේ දෙවැනියට විශාල විශ්වාසයක් තිබෙන්නේ ඉස්ලාම් ධර්මයට. එය එරට ජනගහණයෙන් සියයට 10ක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා. 

 

2024032905038 660685b933deec29b6e02883jpeg

 

රාමසාන් කාලයේ උපවාසයේ යෙදෙන ක්‍රීඩකයන්ගේ පහසුව පිණිස මුස්ලිම් රටවල ක්‍රීඩා සමාජ ඔවුන්ගේ පුහුණු කාලසටහන වෙනස් කරනවා. මෑත වසරවලදී බටහිර රටවල් ද මෙය අනුගමනය කර තිබෙන අතර ප්‍රංශයේ දැක්ම වේගයෙන් හුදෙකලා වෙමින් තිබෙන බවක් පෙනෙනවා.

එංගලන්ත ප්‍රිමිය ලීගයේදී, ක්‍රීඩකයන්ට හිරු බැස යද්දී ඔවුන්ගේ උපවාසය අත්හැරීමට ඉඩ සැලසෙන පරිදි තාවකාලික නැවතීමක් තරග නිලධාරීන් සමග නිර්මාණය කර ගැනීමට මුස්ලිම් ක්‍රීඩකයන් සිටින කණ්ඩායම්වල නායකයින්ට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ පාපන්දු නිලධාරීන් ද මේ ක්‍රමය ම තෝරාගෙන තිබෙන්නේ මේ ක්‍රීඩා වාරයේ ප්‍රථම වතාවට රාමසාන් උපවාසයේ යෙදෙන ක්‍රීඩකයන්ට කෙටි විවේකයක් හඳුන්වා දෙමින්.

 

download 1
අමෙරිකාවේදී, ප්‍රධාන පාපන්දු ලීගය බීම පානය කිරීමේ කෙටි විරාමයන් පසුගිය වසරේ හඳුන්වා දුන්නා.

මීට අමතරව, සමහර ප්‍රිමිය ලීග් කණ්ඩායම් වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මුස්ලිම් ක්‍රීඩක ප්‍රඥප්තියක් අත්සන් කර තිබෙනවා.

මේ අතර, ප්‍රංශයේදී, Nantes වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Antoine Kombouare පසුගිය වසරේ කියා සිටියේ රාමසාන් අවශ්‍යතාවන්ට සුදුසු පරිදි ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වැඩසටහන් සකස් කර ගැනීමට තමා උදව් කළත් තරග පැවැත්වෙන දිනයේ උපවාසයේ යෙදීම විකල්පයක් නොවන බව. 

French Antoine Kombouare gives his first press conference as Nantes football club's head coach at the La Beaujoire stadium in Nantes on February 11, 2021. (Photo by Sebastien SALOM-GOMIS / AFP) (Photo by SEBASTIEN SALOM-GOMIS/AFP via Getty Images) Antoine Kombouare


සතිය තුළ උපවාසයේ නිරත වීමට ක්‍රීඩයන්ට Kombouare අවසර දුන්නත්, තරග පැවැත්වෙන දිනයේදී උපවාසයේ යෙදෙන ක්‍රීඩකයන් ඔහු කණ්ඩායමට ඇතුළත් කර ගන්නේ නැහැ.

“ක්‍රීඩකයෙක් උපවාස කරන එකට මම ගරු කරනවා. නමුත් අනෙක් පැත්තෙන්, ඔහු මගේ නීතිවලට ගරු කළ යුතුයි. ඒ නීති හැමෝටම පොදුයි” ඔහු පවසනවා. දැඩි නීති නිසා රාමසාන් පිළිවෙත් පිළිපැදීමේ තහනමක් සිදුවන බවට නැගෙන චෝදනා FFF සභාපති Philippe Diallo ප්‍රතික්ෂේප කරනවා.

“මගෙන් පටන් ගෙන, ප්‍රංශ පාපන්දු සම්මේලනයේ කිසිම කෙනෙක්, කිසිම කෙනෙකුට උපවාස කිරීම තහනම් කර නැහැ” යනුවෙන් Diallo ප්‍රකාශ කරනවා. “අපි ආගමික පදනමක ඉඳන් වෙනස්කම් කරනවා කියා මිනිස්සු කියන එක මට පිළිගන්න බැහැ.”

il ne faut pas se laisser troubler par ce qui peut parfois se passer au sommet a confie philippe diallo venu a la rencontre des dirigeants de la ligue du grand est photo er alexandre marchi 1673713459Philippe Diallo


උපවාස කරන ක්‍රීඩකයන්ට ආහාර වේල නොගෙන සිටීමට ඉඩ දෙන අතර ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබා දෙන බව ද FFF ප්‍රකාශ කරනවා. තමන්ගේ උපවාස දවස් කල්දැමීමට අදහස් කරන මුස්ලිම් ක්‍රීඩකයන්ට ආගමික බළධාරීන්ගෙන් පිළිගැනීමක් තිබෙන සමාවක් ලැබෙනු ඇතැයි ද ඔවුන් පවසනවා.

මේ මතභේදය පිළිබඳ අවධානය යොමු වූයේ පසුගිය වසරේ ප්‍රංශ අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් උපවාස කිරීමේ අයිතිය වෙනුවෙන් වර්ජනය කරන බවට තර්ජනය කර සිටි බැවින්. මෙවර එය උත්සන්න වී තිබෙන්නේ පැරිසිය මූලස්ථානය කර ගත් Red Star ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Habib Beye ආගමික උපවාස සම්බන්ධයෙන් තිබෙන ප්‍රංශ පාපන්දු සම්මේලනයේ රාමුව විවේචනයට ලක් කිරීමෙන් පසුව.

 

 129265298 break2

“මගේ ක්‍රීඩකයන්ගේ ඕනැම ආකාරයක විශ්වාසයට මම ගරු කරනවා” යැයි Beye කියා සිටියා. “කිතුනු උපවාසය පිළිපදින ක්‍රීඩකයනුත් මට ඉන්නවා. කෙනෙකුට පේන්නේ පහළින් තිබෙන දේ පමණයි. නමුත් මම දකින්නේ ප්‍රයෝජනවත් දේ පමණයි. එය ජනතාව පාපන්දු පිටියක නොදකින ඒකාබද්ධ භාවය, සාකච්ඡා හා සහයෝගිතාවක් නිර්මාණය කරනවා.”


තමා මුස්ලිම් හා කතෝලික මව්පියන්ගේ පුතෙකු බව කියන Beye, දැඩි නීති පනවා තිබෙන්නේ මුස්ලිම් ක්‍රීඩකයන්ට පමණක් බවට විශ්වාස කරනවා.

“මම ඒක හඳුන්වන්නේ ආගමිකව වෙනස්කම් කිරීමක් ලෙස.”

 

1246147454


ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරණ විට තමා ඔවුන්ගේ ආගම කුමක්දැයි නොඇසූ බව ප්‍රංශ පාපන්දු සභාපතිවරයා සඳහන් කරනවා.

මේ නීති මුස්ලිම් විරෝධී ඒවා නොවන බවට තහවුරු කරන FFF උදාහරණයක් වශයෙන් කිතුනු උපවාස කාලය පිළිපැදීමට අවශ්‍ය ක්‍රීඩකයන් ද  සම්මේලනයේ නීති රාමුව තුළ කටයුතු කළ යුතු බවත් ඔවුන්ට වෙන ම නිදහසක් නොලැබෙන බවත් අවධාරණය කරනවා.

 
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්