ලංකාව ට පළමු ආසියානු ක්‍රීඩා රන් පදක්කම හිමිකර දුන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම මලල ක්‍රීඩකයෙකු වන ආචාර්ය නාගලිංගම්

එදිර්වීරසිංගම් අමෙරිකාවේදී මිය ගියා.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අප්‍රේල් 18 වැනි දින මිය යන විට ඒ මහතා 90 වැනි වියේ පසුවෙමින් සිටියා.

1953 වසරේ සිට දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව උසුලමින් සිටි නාගලිංගම් 1958දී ජපානයේ ටෝකියෝ නුවර පැවති 3 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 2.03ක් උස පනිමින් නව ආසියානු ක්‍රීඩා වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගත්තේ නොයෙකුත් බාධක හා කෙනහිලිකම් මැද.

ඉන්පසු, 1962 වසරේදී ද නාගලිංගම් ආසියානු ක්‍රීඩා රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුනා.

පසු කලෙක, මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලිකව උපකාර කළ ඔහු විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වශයෙන් දායක වුනා.

Nagalingam Ethirveerasingam.young
නාගලිංගම් එදිවීරසිංගම් (Ethir) 1934 වසරේදී උපත ලැබුවේ යාපනයේ පෙරියවිලාන් නමැති කුඩා ගම්මානයේ තල් අතු සෙවිලි කළ වහලක් සහ මඩ පොලවකින් යුත් එක කාමරයක් පමණක් තිබුනු පැලක. ඔහු ගෙයි පිටුපස වත්තේදී උස පනින්න තමා ට ම උගන්වා ගත්තේ යාපනය මැදි විදුහලේ ඔහුගේ එක් පළමු ක්‍රීඩා තරගයක ජයග්‍රහණයකින් දිනා ගත් ත්‍යාගයක් වූ මලල ක්‍රීඩා පොතක තිබුනු පිංතූර විශ්ලේෂණය කරමින්.

දිනෙක, යාපනය ටවුමේ නාට්‍ය ශාලාවකදී 1948 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රවෘත්ති කෙටි චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව තමා කෙදිනක හෝ ඔලිම්පික් යන බවට නාගලිංගම් ඔහු ට ම නිහඬ පොරොන්දුවක් දුන්නා. ඊට සිවු වසරකට පසුව, වයස අවුරුදු 17දී, ඔහු ෆින්ලන්ඩ් රටේ හෙල්සින්කි නුවර පැවති 1952 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කළා. 

1958 ටෝකියෝ හි ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත්තේ සිලෝන් (Ceylon) වෙනුවෙන් ඕනෑම ක්‍රීඩාවක පළමු රන් පදක්කම වාර්තා කරමින්.


සිය මලල ක්‍රීඩා ගමන නොනවත්වා කරගන යමින් 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ද ඔහු තරග වැදුනු අතර ටෝකියෝ හි 1958 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත්තේ සිලෝන් (Ceylon) වෙනුවෙන් ඕනෑම ක්‍රීඩාවක පළමු රන් පදක්කම වාර්තා කරමින්. අනතුරුව, ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති 1962 ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම හිමිකර ගැනීමට ඔහු සමත් වුනා.


නාගලිංගම් යාපනය මැදි විදුහලේ ඉගෙනුම ලබන අවධියේ සෑම වයස් ඛාණ්ඩයකම උස පැනීමේ වාර්තා බිඳ දැමුවේ පරණ බස් ඇක්සල් හා බස් රථයක අනෙකුත් කොටස්වලින් නිවසේදීම සාදා ගත් බර ඉසිලීමේ උපකරණයකින් ව්‍යායාම් කර ශක්තිමත් වෙමින්. කොළඹදී පැවති 1951 ජාතික ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය ලැබීමෙන් පසුව ඔහු අවසානයේ විශාරද මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන පී.ඊ.රජේන්ද්‍රගේ සේවය ලබා ගත්තා. හෙල්සින්කි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඔහුව තෝරා ගනු ලැබුවේ ඉන්පසුව.


පින්ලන්තය ට ළඟා වීම පිණිස මාසයකට වැඩි කාලයක් ඔහු නැවෙන් ගමන් කළා. ඊළඟට ඔහු සහභාගි වුනේ 1954 ආසියානු ක්‍රීඩා උළෙලට. එහිදී නාගලිංගම් අනෙකුත් පදක්කම්ලාභීන් පැන්න උස ප්‍රමාණය ම සටහන් කළත් ඔහුට ලැබුනේ සිවුවැනි ස්ථානය. මෙහිදී ඔහු පදක්කම්ලාභීන් සමග නව ආසියානු වාර්තාවක් බෙදා ගත්තා.

1955 සහ 1956 වසරවලදී නාගලිංගම් ‘සිලෝන් ඩේලි නිව්ස්’ පුවත්පතේ ‘වසරේ ක්‍රීඩා තරුව’ ලෙස ඡන්දයෙන් තේරී පත්වුනා. ඔහු සිය උසස් පෙල අධ්‍යාපනය සඳහා කොළඹ සාන්ත ජෝසප් විදුහලට මාරු වුනේ ඔහුගේ පුහුණුකරු අසල සිටීමට හැකිවීම පිණිස. 1956 වසරේදී ඔහුට ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා සරසවියෙන් (UCLA) පූර්ණ මලල ක්‍රීඩා ශිෂ්‍යත්වයක් පිරිනැමුනු අතර පසුව ඔහු 1971 වසරේදී කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධියක් ද, කෝනෙල් සරසවියෙන් දර්ශනශූරී (ආචාර්ය) උපාධියක් ද ලබා ගත්තා.

sfgdrtertertertre
නාගලිංගම් උස පැනීමේ ආසියානු වාර්තාව මෙන්ම සිලෝන් වාර්තාව ද හිමිකර ගෙන සිටියත් 1958 වසරේදී, ටෝකියෝ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන ලංකා කණ්ඩායමට ඔහුව මුලින් තෝරා ගෙන තිබුනේ නැහැ. කෙසේ වෙතත්, ‘ඩේලි නිව්ස්’ ක්‍රීඩා කර්තෘ කාල්ටන් සෙනෙවිරත්න විසින් දිගින් දිගටම ලියන ලද ලිපිවලින් පසුව ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කමිටුව පසුබසිමින් නාගලිංගම් ට එම ක්‍රීඩා උළෙලට සහභාගි වීමට අවසර දුන්නා. නමුත් ඔහුව බොහෝ ප්‍රමාද වී තෝරා ගැණුනු බැවින්, ලොස් ඇන්ජලීස් සිට ටෝකියෝ දක්වා ගමන් වියදම් ඔහු විසින් ම සොයා ගත යුතු බවට කමිටුව නාගලිංගම් ට දන්වා සිටියා. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ ඩොනවන් ඇන්ඩ්‍රි නම් වූ පරිත්‍යාගශීලියා ඔහුට ඩොලර් 5,000ක් ප්‍රදානය කළේ ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී. ක්‍රීඩා උළෙල ආරම්භ වීමට ආසන්න දිනයක නාගලිංගම් එහි පැමිණියේ Ceylon ලාංජනය සහිත පැච් එකක් කටුවකින් අමුනා ගත් UCLA ක්‍රීඩා ඇඳුමෙන්. ඔහුට ඒ ඇඳුම පැළඳීමට සිදුවුනේ මලල ක්‍රීඩා සංගමය ඔහුට රටේ ක්‍රීඩා ඇඳුම ලබා දී නොතිබුනු බැවින්. අනතුරුව, ඔහුගේ කණ්ඩායමේ සගයන් නාගලිංගම්ව කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කර ගත්තා.


එම ක්‍රීඩා උළෙලේදී නාගලිංගම් රන් පදක්කම දිනා ගත්තා පමණක් නොව අඩි 6යි අඟල් 8ක (මීටර් 2.03) නව ආසියානු හා සිලෝන් වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුනා. ඔහුගේ සිලෝන් වාර්තාව 1989 තෙක් ම නොබිඳී පැවතුනා. මේ අතර, ලංකාවේදී, 1958 දෙමළ විරෝධී කලකෝලාහල හටගෙන තිබුනේ නාගලිංගම් ආසියානු තරග බිමේ තරග කරමින් සිටියදී. නැවත අමෙරිකාවට ගොස් තමාගේ සොහොයුරාට කතා කරන තෙක් ඔහු තම රටේ සිදුවූ සිද්ධීන් ගැන දැන සිටියේ නැහැ.

1960 සහ 1962 වසරවලදීත් ඉතිහාසය නැවත ලියවුනා. 1960දී, ආසියානු හා සිලෝන් උස පැනීමේ වාර්තාලාභියාව සිටීමට අමතරව ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ උස පැන සිටියදීත් නාගලිංගම් මෙක්සිකෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැණුනේ නැහැ. නැවත 1962දීත් ඔහු තෝරා ගැනීම පිණිස පෙර පරිදි මෙහෙයුමක් සිදු කිරීම අවශ්‍ය වූ අතර ඔහු ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගත්තේ ඒ මෙහෙයුමෙන් පසුව.

dfhfghfdty
සිලෝන්/ශ්‍රී ලංකා යුද්ධයට පෙර කලබලකාරී ඉතිහාසයේදී ඇතිවූ අතිශය වැදගත් සිදුවීම් කිහිපයක් නාගලිංගම් අත්විඳ තිබෙනවා. 1956 වසරේදී, ඔහු ඝාතනය වීමේ ආසන්නයටම පිවිසියේ මිතුරන් දෙදෙනෙකු සමග ගාලු මුවදොර පිටියේ පැවති ‘සිංහල පමණයි පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහි සත්‍යග්‍රහය නැරඹීමට ගිය අවස්ථාවේදී. සාමකාමී විරෝධතාකරුවන්ට එහිදී එල්ල වූ ප්‍රහාරවල ප්‍රතිඵලයක් වශයෙන් හටගත් දෙමළ විරෝධී කැරලි කෝලාහලවලදී කැරලිකරුවන් අතින් නාගලිංගම් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා මැරුම්කෑම ආසන්නයටම පැමිණියා. වාසනාවකට, එක් කැරලිකරුවෙක් නාගලිංගම්ගේ ‘වසරේ ක්‍රීඩා තරුව’ පුවත්පත් වාර්තා ඡායාරූපවලින් ඔහුව හඳුනා ගත්තා. මේ පුද්ගලයා ඔවුන්ව ඔසුහලකට රැගෙන ගොස් අවට ආරක්ෂාව තහවුරු වන තෙක් ඔවුන්ව එහි රඳවා ගෙන සිටින ලෙසට ඔසුහලේ අයිතිකරුට නියෝග කළා.


1994 වසරේ වයස අවුරුදු 60දී රැකියාවෙන් විශ්‍රාම යාමෙන් පසුව, තමාගේ මලල ක්‍රීඩා දිවියේදී තමන්ට දුන් සහයෝගයට හා රට ට නැවත යමක් ලබා දීමට මේ උස පැනීමේ ශූරයාට අවශ්‍ය වුනා. නාගලිංගම් අවසන් වතාවට ශ්‍රී ලංකාව ට පැමිණ 2023 පෙබරවාරියේ සිට අප්‍රේල් දක්වා මෙහි ගත කළ කාලය තුළ ඔහු යාපනය හා කිලිනොච්චි යන ප්‍රදේශවල මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයන්ට පුහුණු කිරීමේ ක්‍රම හා දක්ෂතා හඳුනා ගැනීමේ වැඩමුළු පැවැත්වූවා.

xfgfdgdrrrrrr

නාගලිංගම් ජාතිය, ආගම, භාෂාව කුමක් වූවත් මිනිසුන්ට උපකාර කළ යුතු බවට විශ්වාස කළ කෙනෙක්. ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් පුහුණු කිරීම් කළ කාලයේදී ඔහු ජාත්‍යන්තර තලයේ තරග කළ හැකි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගත්තා. මොවුන් අතරින් පළමුවැන්නා වූයේ පසු කලෙක උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභියා බවට පත්වූ මංජුල කුමාර විජේසේකර. ලොස් ඇන්ජලීස් හි වෙසෙන තම පවුල සමග ජීවත් වීමට අමෙරිකාවට පැමිණෙන ලෙසට ඔහු මංජුල ට ආරාධනා කරන විට මංජුල ට කතා කිරීමට හැකිව තිබුනේ ඉංග්‍රීසි භාෂාවෙන් ටිකක් පමණක් වූ අතර නාගලිංගම් සිටියේ සිංහල භාෂාව කොහෙත්ම බැරි මට්ටමක. මංජුල වසරක කාලයක් නාගලිංගම්ලා සමග ජීවත් වූ අතර එම කාලය තුළ ඔහු මංජුල පුහුණු කරද්දී මංජුල ඉංග්‍රීසි පංති ගියා. අවසානයේ ඔහු දකුණු කැලි‌ෆෝනියාවේ සරසවියට පූර්ණ ශිෂ්‍යත්වයක් දිනා ගත්තා. වර්තමාන ශ්‍රී ලංකා උස පැනීමේ ශූරයා වන උෂාන් තිවංක පෙරේරාටත් නාගලිංගම් සැලකුවේ ඒ ආකාරයෙන් ම යි. නලින් ප්‍රියදර්ශන හා පූර්නිමා ගුණතිලක යන උස පැනීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ රැඳී සිටි අතර ඔහු ඔවුන්ට පුහුණුව ලබා දෙමින් ඔවුන්ට අමෙරිකානු සරසවිවල ශිෂ්‍යත්ව ලබා ගැනීම පිණිස උපකාර කළා.



ශ්‍රී ලාංකික ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ ද නාගලිංගම්ගේ නිවසේ නැවතී සිට ඇති අතර 2007 වසරේ ඇය නැවත වතාවක් මලල ක්‍රීඩාවට පිවිසි අවස්ථාවේදී මාස තුනක් ඇයව පුහුණු කළේ නාගලිංගම්. ඇය ජපානයේ ඔසාකා නුවර පැවති ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඒ වසරේදී. සුසන්තිකා හා මංජුල යන දෙදෙනා ම යුද්ධයෙන් පසුව නාගලිංගම් උතුරේ මෙහෙයවූ පුහුණු වැඩසටහන්වලදී ඔහුට උදව් කළා.

xfgdfgdftgy

නිම්මි හරස්ගමගේ මාමණ්ඩි ආචාර්ය නාගලිංගම් එදිර්වීරසිංගම්


1998 වසරේදී, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය නාගලිංගම් එදිර්වීරසිංගම් ට ‘දේශබන්දු’ ගෞරවනීය නාමය පිරිනැමීමට තීරණය කළද ඔහු එය නිහතමානීව ප්‍රතික්ෂේප කරමින් ඇයට මෙසේ ලිපියක් යැවුවා.

“මගේ ජනතාව දුක් විඳින අතරතුර යුද්ධය දිගටම පවතිද්දී හෘද සාක්ෂියට එකඟව මට එවැනි පදවි නාමයක් බාරගන්න බැහැ!”

ආචාර්ය නාගලිංගම් එදිර්වීරසිංගම් නිම්මි හරස්ගමගේ මාමණ්ඩි යයි.

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.





worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්