The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රේමයේ නගරය: පැරිස් ඔලිම්පික් ගම්මානයට නොමිලේ කොන්ඩම් 300,000ක්

T

The Leader Desk

March 18, 2024 • 10:12 AM

ප්‍රේමයේ නගරය: පැරිස් ඔලිම්පික් ගම්මානයට නොමිලේ කොන්ඩම් 300,000ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා තිබූ ලිංගික සබඳකම් තහනම පැරිස් ඔලිම්පික් උළෙලේදී ඉවත් කර තිබෙන සංවිධායකයින් ක්‍රීඩක ගම්මානය තුළ උපත්
  • ‘ප්‍රේමයේ නගරය’ ලෙසින් ප්‍රචලිත ප්‍රංශයේ අගනුවර ලොව සතර දෙසින් පැමිණෙන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9,000ක් සාදරයෙන් පිළිගැනීමට පුල පුලා බලා සිටිනවා.
  • ආරක්ෂිතව ලිංගික සබඳතාවල යෙදීම සඳහා උනන්දු කරවීමේ පියවරක් ලෙස ඔලිම්පික් ගම්මානය තුළ උපත් පාලන කොපු 300,000ක් නොමිලේ ලබා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
  •   එක් එක් ක්‍රීඩකයෙකුට ඔලිම්පික් උළෙල පුරා ම දිනකට දෙවතාවක් බැගින් ලිංගිකව සම්බන්ධවීම සඳහා මෙය ප්‍රමාණවත්.
අකුරු ප්‍රමාණය (Font Size):

පාලන කොපු 300,000ක් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

‘ප්‍රේමයේ නගරය’ ලෙසින් ප්‍රචලිත ප්‍රංශයේ අගනුවර ලොව සතර දෙසින් පැමිණෙන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9,000ක් සාදරයෙන් පිළිගැනීමට පුල පුලා බලා සිටිනවා.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් ජගත් ඔලිම්පික් කමිටුව විසින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ නීතියක් පැනවූ බැවින් මීට තෙවසරකට පෙර ටෝකියෝ හි පැවති ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ලිංගික ඇසුර තහනම් කරනු ලැබුවා.

 



නමුත් පැරිසියේදී ඒ නීතිවලට යටත් වීමට ඔලිම්පික් ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ නැහැ.

ආරක්ෂිතව ලිංගික සබඳතාවල යෙදීම සඳහා උනන්දු කරවීමේ පියවරක් ලෙස ඔලිම්පික් ගම්මානය තුළ උපත් පාලන කොපු 300,000ක් නොමිලේ ලබා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

 

top view condoms red wrappers 794401160

එක් එක් ක්‍රීඩකයෙකුට ඔලිම්පික් උළෙල පුරා ම දිනකට දෙවතාවක් බැගින් ලිංගිකව සම්බන්ධවීම සඳහා මෙය ප්‍රමාණවත්.

මේ අතර, පොදු සම්මතයෙන් බැහැර වීමක් ප්‍රදර්ශනය වෙමින්, මෙවර ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිදා ගන්නා ඇඳන්වල රාමුව තනා තිබෙන්නේ කාඩ්බෝඩ්වලින්. 

 

2024 french president emmanuel macron 883077330
කෙසේ වෙතත්, ඒවාට කිලෝග්‍රෑම් 250ක් දක්වා වන බරක් දැරිය හැකි වන අතර එයින් කියවෙන්නේ එම ඇඳන් එක් පුද්ගලයෙකුට වඩා වැඩි බරකට ඔරොත්තු දෙන බව.

පාපන්දු පිට්ටනි 70ක් තරම් විශාල ප්‍රමාණයක පැතිරුණු ඔලිම්පික් ගම්මානය ඉදිකිරීම පිණිස පවුම් බිලියන1.7ක් වැයකර තිබෙන බව වාර්තා වෙනවා. මීටර් 350ක් දුරට විහිදුනු දැවැන්ත බුෆේ ස්වයං සේවා ආහාර ක්‍රමයකින්ද මෙය සමන්විත යි.

 

2024 shows general view olympic 883031562

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රේමයේ නගරය: පැරිස් ඔලිම්පික් ගම්මානයට නොමිලේ කොන්ඩම් 300,000ක් | The Leader