The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ඕවර 37කින් ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක්

T

The Leader Desk

October 20, 2024 • 4:12 PM

ශ්‍රී ලංකාවට ඕවර 37කින් ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු 4කට ලකුණු 185ක් රැස්කර ගෙන සිටියදී ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ ඉනිම නතර වී පැය තුනහමාරකින් පසුව නැවත තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව ට ඕවර 37කින් ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්.
  • කොදෙව් ඉනිම නතර වන විට ෂර්ෆේන් රදෆෝඩ් හා රොස්ටන් චේස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78කින් ලකුණු 85ක නොබිඳි සබඳතාවක් ගොඩනගා තිබුනා.
  • රදෆෝඩ් ඔහුගේ අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 64කින්.
  • වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් ලබා ගත් අතර ඉතිරි කඩුලු දෙක ලබා ගත්තේ ජෙෆ්රි වැන්ඩසේ හා චරිත් අසලංක.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු 4කට ලකුණු 185ක් රැස්කර ගෙන සිටියදී ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ ඉනිම නතර වී පැය තුනහමාරකින් පසුව නැවත තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව ට ඕවර  37කින් ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්.

කොදෙව් ඉනිම නතර වන විට ෂර්ෆේන් රදෆෝඩ් හා රොස්ටන් චේස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78කින් ලකුණු 85ක නොබිඳි සබඳතාවක් ගොඩනගා තිබුනා.

se5rt43ෂර්ෆේන් රදෆෝඩ් හා රොස්ටන් චේස්
රදෆෝඩ් පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 74ක් ද, චේස් හතරේ පහර 4ක් සමග පන්දු 33කින් ලකුණු 33ක් ද රැස්කර ගෙන සිටියා.

රදෆෝඩ් ඔහුගේ අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 64කින්.

වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් ලබා ගත් අතර ඉතිරි කඩුලු දෙක ලබා ගත්තේ ජෙෆ්රි වැන්ඩසේ හා චරිත් අසලංක.

කාසියේ වාසිය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තෝරා ගත්තේ පළමුව පන්දුවට පහර දීම. මුළු ලකුණු සංඛ්‍යාව 34ක්ව තිබියදී තරගයේ අට වැනි ඕවරය යැවීමට කැඳවනු ලැබූ වනිඳු හසරංග ඔහුගේ පළමු පා දඟ පන්දුවෙන් ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුනා.

srt346වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් ලබා
කොදෙව් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ හතරේ පහර දෙකක් සමග ලකුණු 14ක් ලබා සිටි බ්‍රැන්ඩන් කිං.

ඊළඟ කඩුල්ල මුළු ලකුණු 41දී ලබා ගත්තේ ද හසරංග. මෙවර ඔහුට ගොදුරු වූයේ අනෙක් ආරම්භක පිතිකරු ඇලික් ඇතනේස් (10). ඔහු ස්ටම්ප් කර දවාලීමට කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා දහ වැනි ඕවරය ආරම්භයේදී සමත් වුනා.

අනෙක් පා දඟ පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ ද ඔහුගේ පළමු ඕවරයෙන් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙමින් නායක ෂායි හෝප් (5) දවාලුවා.

මුළු ලකුණු 54දී යවමින් තිබූ 13 වැනි ඕවරයේ අවසන් පන්දුවට හෝප් දැවී ගියේ කඩුල්ල මුවා කරමින්. කෙසේ වෙතත්, පිටියේ විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළ බැවින් ශ්‍රී ලංකාව එම කඩුල්ල ලබා ගත්තේ තෙවැනි විනිසුරුගෙන්.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...