leader s

*ඩන්කන් වයිට්ගෙන් පසුව මලල ක්‍රීඩාවෙන් ලද පළමු රන් පදක්කම: මීටර් 89.75ක දක්ෂතාවක් සමඟින් ශ්‍රී ලංකාව රන් හතරක් දක්වා ඔසවයි

*23 හැවිරිදි කළුතර ක්‍රීඩකයා ලොව දෙවන ස්ථානයේ සිටිමින් ස්කොට්ලන්තයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබයි

 

ඓතිහාසික රන් පදක්කම සහ තරගකාරිත්වය

 

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට නව කීර්තියක් එක් කරමින්, පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය. ග්ලාස්ගෝ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක අවසන් තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ මීටර් 89.75ක දක්ෂතාව, ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට උපකාරී විය.

 

රුමේෂ් හට තමන්ට හිමි වූ පළමු අවස්ථාව සාර්ථක කර ගැනීමට නොහැකි වුවද, දෙවන අවස්ථාවේදී මීටර 89.75ක දුරක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට හැකි විය. මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු වන අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.

 

වසර 20ක පදක්කම් පිපාසය සහ මලල ක්‍රීඩා ඉතිහාසය

 

ශ්‍රී ලංකාව අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගත්තේ මීට වසර 20කට පෙර, 2006 මෙල්බර්න් ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ විසිනි. රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලවලදී දිනා ඇති මුළු රන් පදක්කම් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ යයි.

 WhatsApp Image 2026 08 01 at 10.37.19

 

විශේෂයෙන්ම, 1950 වසරේදී ඩන්කන් වයිට් මීටර 440 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමෙන් අනතුරුව, මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනූ පළමු පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම මෙය වීම කැපී පෙනෙයි. මීට පෙර බොක්සින් ක්‍රීඩක බාර්නි හෙන්රික්ස් (1938), පුෂ්පමාලී රාමනායක සහ මාලි වික්‍රමසිංහ (1994, වෙඩි තැබීම) අනෙකුත් රන් පදක්කම් දිනා තිබුණි.

 

රුමේෂ් තරංගගේ පසුබිම සහ දක්ෂතා

 IMG 6486 768x1024

 

23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ කළුතරදී උපත ලබා, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියාද යගුලිය සහ කවපෙත්ත විසි කිරීමේ ශූරයෙකි. මූලිකව ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දැක්වූ රුමේෂ්, 2019 වසරේදී යොවුන් වේග පන්දු යවන්නන් තේරීමේ තරගාවලියකදී පැයට කි.මි 134ක වේගයක් වාර්තා කළේය. පසුව, පුහුණුකරු ටෝනි ප්‍රසන්න ගේ මඟපෙන්වීම යටතේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට යොමු විය.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන රුමේෂ්, 2024 සහ 2025 වසරවල ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ගත්තේය. හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ වර්තමාන ශ්‍රේණිගත කිරීම් අනුව ලොව දෙවන ස්ථානයේ පසු වන ඔහු, ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවා ඇත.

 

ග්ලාස්ගෝ හී සුදුසුකම් ලැබීමේ තරගය

 IMG 5801

මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට පළමු වරට සහායෝගී වන රුමේෂ් තරංග, ජූලි 30 වන දා පැවති සුදුසුකම් ලැබීමේ තරගයේදී මීටර් 82.84ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් පළමු අවස්ථාවේදීම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. එම වටයේදී ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවද එය විය. ක්‍රීඩාංගණයේ පැවති සුළඟේ වේගය මත ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අවසන් තරගයට පිවිසීමට නොහැකි වූ පසුබිමක රුමේෂ්ගේ මෙම දක්ෂතාව කැපී පෙනුණි.

 

මෙරට හිටපු අංක එකේ හෙල්ල විසි කිරීමේ ශූරයාව සිටි සුමේධ රණසිංහ ද මෙම තරගාවලියට සහභාගී වූ නමුත් ඔහුට සුදුසුකම් ලැබීමේ වටයෙන් ඔබ්බට යාමට හැකි වූයේ නැත.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil