The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ධාවකයන් 50,000කට විනෝදය ගෙන දුන් ලන්ඩන් මැරතන් තරගය

T

The Leader Desk

April 23, 2024 • 3:50 PM

ධාවකයන් 50,000කට විනෝදය ගෙන දුන් ලන්ඩන් මැරතන් තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධාවකයන් 50,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ඉරිදා පැවැත්වුනේ ඉතිහාසයේ ලොකුම ලන්ඩන් මැරතන් තරගය යි.
  • බ්ලැක්හීත් පෙදෙසින් ආරම්භ වී ලන්ඩනයේ සංකේතාත්මක ස්ථාන වන Big Ben, Tower Bridge සහ බකිංහැම් මාලිගය පසු කර The Mall දක්වා සැතපුම් 26.2 දුරක මේ තරගය පැවතියේ මෑත වසරවල මේ ඉසව්ව පැවති මාර්ගයේ ම යි.
  • මේ අතර, වූස්ට පෙදෙසින් පැමිණ සිටි 45 හැවිරිදි Marcus Mumford කරාමයක් ලෙස සැරසී වේගවත්ම මැරතන් ධාවනයේ යෙදුනේ 2014 වසරේ වැසිකිළියක් ලෙස ඇඳුම් ඇඳගෙන ඔහු වාර්තා කළ වේගවත්ම මැරතන් දිවීමට තවත් වර්ණවත් හැකියාවක් එක් කර ගනිමින්.
  • මේ සියළු දේ ජල ආධාර පිණිසයි - අගේ ඇති පරිත්‍යාගයක්.” David McNab ද රයිනෝසිරස් ලෙස ඇඳගෙන වේගවත්ම මැරතන් ධාවනයේ යෙදීමට උත්සාහ කළේ සත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රභූවරයන් හා දේශපාලනඥයන් විශාල සංඛ්‍යාවක් ද තරගකරුවන් අතර සිටියා.

බ්ලැක්හීත් පෙදෙසින් ආරම්භ වී ලන්ඩනයේ සංකේතාත්මක ස්ථාන වන Big Ben, Tower Bridge සහ බකිංහැම් මාලිගය පසු කර The Mall දක්වා සැතපුම් 26.2 දුරක මේ තරගය පැවතියේ මෑත වසරවල මේ ඉසව්ව පැවති මාර්ගයේ ම යි.

මේ වසරේ අවධානය දිනා ගත් පොදු ධාවකයන්ගෙන් කෙනෙකු වූයේ ඇඳුම් සෝදන යන්ත්‍රයක් පිටේ බැඳන් සිටි Jason Byrd.

මේ අතර, වූස්ට පෙදෙසින් පැමිණ සිටි 45 හැවිරිදි Marcus Mumford කරාමයක් ලෙස සැරසී වේගවත්ම මැරතන් ධාවනයේ යෙදුනේ 2014 වසරේ වැසිකිළියක් ලෙස ඇඳුම් ඇඳගෙන ඔහු වාර්තා කළ වේගවත්ම මැරතන් දිවීමට තවත් වර්ණවත් හැකියාවක් එක් කර ගනිමින්.
marcus mumford

“මම නානකාමර උපකරණ එක්ක දුවන්නයි මහන්සි වෙන්නේ” ඔහු කියා සිටියා. “මම කවුද කියලා මිනිස්සු හරියටම දැන සිටියේ නැහැ. මාව කාලගුණ සුළංපෙත්තක්, ගුවන්විදුලි ස්ථනායක් විදියට හැඳින්වූවා. මේ සියළු දේ ජල ආධාර පිණිසයි - අගේ ඇති පරිත්‍යාගයක්.”

David McNab ද රයිනෝසිරස් ලෙස ඇඳගෙන වේගවත්ම මැරතන් ධාවනයේ යෙදීමට උත්සාහ කළේ සත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්. වර්තමානයේ පවතින රයිනෝ ඇඳුමේ වාර්තාව පැය හතරයි මිනිත්තු හයක් බව ඔහු කීවා.
David McNab

“මම බොහෝ කලක් උයන්පල්ලෙක් විදියට දකුණු අප්‍රිකාවේ රැකියාව කළා. ඒ නිසා රයිනෝලාට තියෙන කරදර ගැන මම දන්නවා” යැයි ඔහු කීවා. “උන්ට හැම උදව්වක්ම අවශ්‍යයි. උන්ට උදව් කිරීම සතුටක් ගෙන එන වෑයමක්.”

“මේ ඇඳුම කිලෝග්‍රෑම් 10ක් විතර බරයි. ඒක ඇඳගෙන ඉන්න කොට පොඩි අපහසුවක් දැනෙනවා. මේක ලොකු අභියෝගයක්. නමුත් එ්ක මේ වෑයමේ ම තවත් කොටසක්.”


ග්ලොස්ටෂය ප්‍රාන්තයේ ලෝංබ්‍රෝ පෙදෙසින් පැමිණි 61 හැවිරිදි Steve Edwards මෙවර ලන්ඩන් මැරතන් තරගයේ අවසන් රේඛාව පසුකළේ මැරතන් තරග දහසක් දිවීමේ වේගවත්ම සමස්ත කාලය වාර්තා කරමින්.
Steve Edwards
එඩ්වර්ඩ්ස් සිය පළමු මැරතන් තරගය ධාවනය කළේ 1981 වසරේදී. ඔහු මේ වික්‍රමය කර තිබෙන්නේ එම වසරේ සිට මේ දක්වා ලන්ඩන් මැරතන් තරගයට 26 වතාවක් නැවත නැවත සහභාගි වීම ද ඇතුළුව රටවල් 25ක මැරතන් තරගවලට සහභාගි වෙමින්.

“මේ දිවීම අවසන් කරන්න මේක හොඳ අංකයක්” යනුවෙන් එඩ්වර්ඩ්ස් පවසනවා.

Becky Sharp
අනතුරක් සිදුකර පැන යන රියදුරෙකුගේ පාරෙන් අහකට තම බබාගේ කරත්තය තල්ලු කර දමා දරුවා බේරා ගැනීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ ‘බ්‍රිතාන්‍යයේ වඩාත්ම නිර්භීත අම්මා’ වන Becky Sharp තරගයේ අවසාන රේඛාවේදී ඇයගේ සැමියා සිපගෙන ඔහුට සුබ පතන අයුරු දර්ශනය වුනා.
 
ඇගේ සැමියා මේ අතිශය වෙහෙසකර තරගයට ප්‍රථම වතාවට ඉදිරිපත් වීමට තීරණය කර තිබුනේ ජීවිතය වෙනස් කරන තුවාලවලින් සිය බිරිඳ සුවය ලැබීමෙන් ඇතිවූ ප්‍රබෝධය නිසා.

Russ Cook
අප්‍රිකාවේ සම්පූර්ණ දුර ධාවනය කළ පළමු පුද්ගලයා බවට මේ මාසයේ පත්වෙමින් ‘වඩාත්ම මුරණ්ඩු මහල්ලා’ යන විරුදාවළිය ලත් Russ Cook ද ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වුනා. අප්‍රිකාව හරහා ගිය ඒ දැවැන්ත ගමනේදී මැරතන් තරග 385කට සමාන දුරක් ඔහු ධාවනයේ යෙදුනේ රටවල් හයක් හරහා යමින්.


තරගයට සහභාගි වූ කීර්තිමත් පුද්ගලයන් අතර McFly පොප් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක Harry Judd ද සිටි අතර 38 හැවිරිදි ඔහු තරගයේ දුවන අතරතුර තමාගේම වීඩියෝවක් පටිගත කරමින් තරගයේ පරිසරය මවිත කරන එකක් ලෙසින් හැඳින්වූවා.
Romesh Ranganathan
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය විකට නළු Romesh Ranganathan ඔහුගේ මංගල මැරතන් තරගයට සහභාගි වූ අතර බ්‍රිතාන්‍යයේ වඩාත්ම ධනවත් පුද්ගලයා වන ‘මැන්චෙස්ට යුනයිටඩ්’ පාපන්දු කණ්ඩායමේ අයිතිකරු Sir Jim Ratcliffe ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූයේ පිට පිට දෙවැනි වසරට.

බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් මාලාවක් වන Eastenders හි නළු නිළියන් වන Jamie Borthwick සහ Emma Barton මීට පෙරත් ලන්ඩන් මැරතන් තරගය ධාවනය කර තිබුනත් ඔවුන් මෙවර දෙවැනි වරටත් සහභාගි වී සිටියේ එම රූපවාහිනි කතාවේ දර්ශනයක් වෙනුවෙන්.
 
Jeremy Huntලන්ඩන් මැරතන් ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සහභාගි වූ මෙවර තරගයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ධාවනයේ යෙදුනු අතර චාන්සලර් Jeremy Hunt ද ඒ අතර සිටියා.


ලන්ඩන් පුරපති Sadiq Khan පැමිණ සිටියේ තරගය නිම කළ ඔහුගේ දියණියට සුබ පතන්නට. හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් Matt Hancock ද, ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන Chris Evans හා ඔහුගේ බිරිඳ ද ධාවක පිරිස අසර සිටිනු දක්නට ලැබුනා.

තවත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා හාස්‍ය නළුවකු වන Joel Dommett තරග කළේ පිරානා නමැති තියුණු දත් ඇති මාළුවෙක් මෙන් ඇඳුමක් පැළඳ ගෙන. චාල්ස් රජ්ජුරුවන් ලෙස සම්පූර්ණ රාජකීය ඇඳුමෙන් සැරසුනු ධාවකයෙක්ද දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබුනා. ධාවනයේ යෙදුනු අය අතර තවත් කැපී පෙනෙන චරිතයක් වූයේ ලේනෙක් මෙන් ඇඳුමක් ඇඳගෙන රෝද පුටුවක තරග කරමින් සිටි පුද්ගලයෙක්.
 
Sid Keyte2014 වසරේදී ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ පළපුරුදු ලන්ඩන් මැරතන් ධාවක Sid Keyte තරගයට සහභාගි වී සිටියේ නැවත වතාවක් දුරකථන කුටියක් ලෙස හැඳ පැළඳ.

මෙවර ලන්ඩන් මැරතන් තරගයේ ජයග්‍රාහකයා වූයේ කෙන්යාවේ Alexander Mutiso Munyao. ඔහු සටහන් කළ කාලය පැය 2යි මිනිත්තු 4යි තත්පරයක්. ඔහු වෙතින් පරාජය ලැබ දෙවැනි ස්ථානයට පත්වුනේ දුර දිවීමේ පුරාවෘත්තයක් වන ඉතියෝපියාවේ Kenenisa Bekele.

කාන්තාවන් සඳහා පමණක් පැවති තරගය කෙන්යාවේ Peres Jepchirchir ජයග්‍රහණය කළේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින්. ඇය පැය 2යි මිනිත්තු 16යි තත්පර 16ක කාලයකින් තරගය අවසන් කළේ සතුටු කඳුළු වගුරුවමින්.

ස්විට්සලන්තයේ Marcel Hug සහ Catherine Debrunner පිරිමි හා කාන්තා රෝදපුටු තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වුනා.
xgdfgfdgr
zdfsdfsfsd
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...