The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

මතීෂ පතිරණ: තරග 6කදී IPL Purple Cap අබියස සිටින 'අභිමානයේ සිනහව'

T

The Leader Desk

May 3, 2024 • 2:48 PM

මතීෂ පතිරණ: තරග 6කදී IPL Purple Cap අබියස සිටින 'අභිමානයේ සිනහව'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'බේබි මාලිංග' යනුවෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අතර ආදරයට පාත්‍ර වූ මතීෂ පතිරණ මේ වන විට ඉන්දියාව තුළ
  • මෙවැනි අවධානයක් ඔහුට මුල් කාලයේ හිමි වූයේ, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම නිසා වුව ද, ඔහු මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නැතිව ම බැරි ක්‍රීඩකයෙකු බවට පත්ව සිටී.
  • පුහුණුවීම් පන්දු යවන්නෙකු ලෙස මහේන්ද්‍ර සිං දෝනිගේ මැදිහත් වීමෙන් චෙන්නායි කණ්ඩායමට එක්වුණු මතීෂ පතිරණ, මේ වන විට එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටී.
  •   2022 IPL ආගමනය 2022 වසරේදී මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග එක් වන විට ඔහු වයස අවුරුදු 20ක පසු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙකු පමණක් නොව බොහෝ තරුණියන්ගේ අවධානය දිනාගෙන සිටින ක්‍රීඩකයෙකි.

මෙවැනි අවධානයක් ඔහුට මුල් කාලයේ හිමි වූයේ, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම නිසා වුව ද, ඔහු මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නැතිව ම බැරි ක්‍රීඩකයෙකු බවට පත්ව සිටී.

පුහුණුවීම් පන්දු යවන්නෙකු ලෙස මහේන්ද්‍ර සිං දෝනිගේ මැදිහත් වීමෙන් චෙන්නායි කණ්ඩායමට එක්වුණු මතීෂ පතිරණ, මේ වන විට එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටී.

 

2022 IPL ආගමනය

2022 වසරේදී මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග එක් වන විට ඔහු වයස අවුරුදු 20ක පසු විය.

එම වසරේදී තරග 2කට පමණක් ක්‍රීඩා කළ ඔහු කඩුලු 2ක් දවා ගත්තේය.

ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග එක්වූයේ, පුහුණුවීමේ දැල් තුළ පන්දු යවන්නෙකු (Net bowler) වශයෙනි.

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ, චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීමට පසුව නායක මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු කළමනාකාරීත්වය තීරණය කර තිබිණි.

ඒ අනුව, ඔහුට මුලින් ගෙවීමට එකඟ වී සිටි මුදල මෙන් දෙගුණයක් ලබා දීමට පියවර ගත් බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

2023 වසරේදී මතීෂ පතිරණ, තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 19ක් බිද හෙළීය.

 

2024 දක්ෂතා

matheesha 2024

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපීපෙනෙන පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ, ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍යවලින් පෙනී යයි.

කෙසේ වෙතත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා තරග 10කට ක්‍රීඩා කර ඇතත්, මතීෂ පතිරණ ක්‍රීඩා කර ඇත්තේ, ඉන් තරග 6කට පමණි.

මෙවර තරගාවලියේ ඔහු සහභාගි වූ තරග 6කදී කඩුලු 13ක් බිද හෙළීමට ඔහු සමත් වී තිබේ.

මේ වන විට වැඩි ම කඩුලුලාභියා ලෙස පෙරමුණේ පසු වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 14ක් බිඳ හෙළා ඇත්තේ, තරග 10කට සහභාගි වෙමිනි.

ඒ සඳහා ඔහු යවා ඇති පන්දු වාර ගණන 40කි.

දෙවන සහ තුන් වන ස්ථානයේ පසු වන හර්ෂල් පටෙල් සහ මුට්සෆිසුර් රහ්මන් තරග 10 බැගින් ක්‍රීඩා කර කඩුලු 14 බැගින් බිඳ හෙළා තිබේ.

විශේෂත්වයක් වන්නේ, තරග 6කට පමණක් සහභාගි වූ මතීෂ පතිරණ පන්දු වාර 22ක් පමණක් යවමින් කඩුලු 13ක් බිඳ හෙළීම ය.

ඔහු මැයි 02 වන දා පන්ජාබ් කණ්ඩායම සමග පැවති තරගයට ද ක්‍රීඩා කළේ නැත.

 

කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය අනුව 3 වන ස්ථානයේ පසු වන්නේ ද, මතීෂ පතිරණ ය.

ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 13.00කි

 

'අභිමානයේ සිනහව'

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අතිශය අවධානයට පාත්‍ර වී ඇති සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට පත්ව සිටී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල ට්විටර් පිටුවෙහි මතීෂ පතිරණගේ පන්දු යැවීමේ නිරවද්‍යතාව අගය කරමින් වීඩියෝ පළ කර තිබේ.

එහිදී, මතීෂ පතිරණගේ යෝකර් පන්දු හමුවේ දක්ෂ පිතිකරුවන් දැවී යන ආකාරය අගය කර තිබේ.

kkkdj
මේ අතර, මතීෂ පතිරණගේ සිනහව පිළිබඳව ද චෙන්නායි සුපර් කිංග්ස් ට්විටර් පිටුවෙහි විවිධ අදහස් පළ වී තිබේ.

එක් සටහනක දැක්වෙන්වෙන්, මතීෂගේ සිනහව “අභිමානයේ සිනහව” යනුවෙනි.

kjdjfe
චෙන්නායි කණ්ඩායමේ නිල ට්විටර් පිටුවෙහි පළ කර ඇති තවත් ට්විටර් සටහනක සඳහන් කර ඇත්තේ, “ඔබේ දවස ආරම්භ කිරීමට සුදුසු දීප්තිමත් සිනහව” යනුවෙනි.

mndlkjdf
මේ අතර, ඉන්දීය දරුවන්ගේ වීරයෙකු බවට ද මතීෂ පතිරණ පත්ව සිටී.

sjsdfd

සමාජ මාධ්‍යවල ප්‍රතිචාර

සමාජ මාධ්‍ය භාවිත කරන ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් ද මතීෂ පතිරණගේ බිහිසුණු යෝකර් පන්දුවේ රසිකයින් බවට පත්ව ඇති ආකාරය මේ උදාහරණ තුළින් පැහැදිලි වනු ඇත.

ඇතැමෙක් මතීෂ පතිරණ හඳුන්වා ඇත්තේ, ලෝකයේ දක්ෂතම නවක ක්‍රීඩකයා ලෙස ය.

lhlkdjsd

මේ අතර, ඇතැමෙකු මතීෂ පතිරණ “යෝකර් මැෂිම” ලෙස ද හඳුන්වා තිබේ.

මේ අතර, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඒයිඩ්න් මාක්‍රාම්ගේ මැද ඉන්න බිඳ දැමීම සම්බන්ධයෙන් ද සටහන් පළ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පළ කළ ට්විටර් සටහනක දැක්වුණේ, “මතීෂ පතිරණ මැද ඉන්නට දක්වන ආදරය අඛණ්ඩව පවත්වාගෙන යන,” බව ය.

 

ඉන්දීය තරුණියන්ගේ ආකර්ෂණය

මේ වන විට, මතීෂ පතිරණ ඉන්දීය ක්‍රිකට් ලෝලී තරුණියන්ගේ ද දැඩි ආකර්ෂණයට ලක්ව සිටී.

පහත වීඩියෝවල දැක්වෙන පරිදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සහය පළ කරන බොහෝ යෞවනියන්ගේ ආකර්ෂණය ඔහු වෙත ලැබී තිබේ.

 

කවුද මේ මතීෂ පතිරණ?

2002 වසරේ මහනුවරදී උපත ලද මතීෂ පතිරණ තවමත් 21 වන වියේ පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඔහු, චෙන්නායි සුපර් කිංග්ස්, ඩෙසර්ට් වයිපර්ස්, බංග්ලා ටයිගර්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, කැන්ඩි ෆෝල්කන්ස්, රංග්පූර් රයිඩර්ස් සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් නියෝජනය කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබුවේ, 2022 අගෝස්තු 27 වන දා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවති පන්දු වාර 20 තරගයකිනි.

ඔහු මේ වන විට ජාත්‍යන්තර පන්දු වාර 20 තරග 6කට සහභාගි වී කඩුලු 11ක් බිඳ හෙළා තිබේ.

2023 වසරේ ජූනි 02 වන දා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවති එක්දින තරගයට සහභාගි වෙමින් ඔහු එක්දින ක්‍රිකට් වරම් හිමි කර ගත්තේ ය.

මේ වන විට එක්දින තරග 12කට ක්‍රීඩා කර ඇති මතීෂ පතිරණ කඩුලු 17ක් බිඳ හෙළා තිබේ.

(BBC සිංහල සේවය) 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...