The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 747 දෙනෙක්

T

The Leader Desk

March 14, 2024 • 8:49 AM

ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 747 දෙනෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය හමුව: වමේ සිට - දනාජි ද සිල්වා (ජලක්‍රීඩා කමිටු සාමාජික), මහින්ද ලියනගේ (ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමයේ ලේකම්), වෛද්‍ය ජෙෆාරි ඩූලපන්ඩන් (ජලක්‍රීඩා තාක්ෂණික කමිටු සාමාජික), නෙත්රු නානායක්කාර (ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමයේ උපසභාපති),
  • මෙරට පිහිනුම් තරග ක්ෂේත්‍රයේ ද පැරණි ඉසව්වක් වන ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලිය මේ සිකුරාදා (15) හා සෙනසුරාදා (16) දිනවල ගල්කිස්ස හෝටල මුහුදේ පැවැත්වෙනවා.
  •   Mount Lavinia Hotel අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමය මේ තරගාවලිය මෙහෙයවන අතර වසරක් පාසා පවත්වනු ලබන මේ පිහිනුම් තරගාවලිය මෙවර ක්‍රියාත්මක වන්නේ 85 වැනි වරට.
  • පාසල් හා ක්‍රීඩා සමාජ 75කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 747 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටිනවා.  මේ තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ පළමු දිනයේ කාන්තා, බාලිකා හා බාලක තරග ද, දෙවැනි දිනයේ පිරිමි හා ආරාධිත තරග ද පැවැත්වෙන අයුරින්.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුර දේවපුර (ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි) හා සම්පත් සේනානායක (ජලක්‍රීඩා කමිටු සාමාජික) 

 

ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලිය යනු මුළු මහත් ආසියාවේ පැරණිතම විවෘත ජලයේ පිහිනුම් ඉසව්ව යි. මෙය ලෝකයේ පැවැත්වෙන පැරණිතම විවෘත ජලයේ පිහිනුම් ශූරතාවලියන්ගෙන් එකක් ද වනවා.

ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලිය ආරම්භ වී තිබෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන්වල. එතැන් පටන් වාර්ෂිකව පවත්වා ගෙන එන මේ ශූරතාවලිය පවත්වා නැත්තේ අවස්ථා තුනකදී පමණ යි. දෙවැනි ලෝක යුද්ධය නිසා එක් වතාවක් ද, කොරෝනා වසංගතය හේතුවෙන් දෙවතාවක් ද මේ තරගාවලිය පැවැත්වුනේ නැහැ.

මෙරට පිහිනුම් තරග ක්ෂේත්‍රයේ ද පැරණි ඉසව්වක් වන ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලිය මේ සිකුරාදා (15) හා සෙනසුරාදා (16) දිනවල ගල්කිස්ස හෝටල මුහුදේ පැවැත්වෙනවා.

 

56164167 10157510796069665 4059237904289890304 n
Mount Lavinia Hotel අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමය මේ තරගාවලිය මෙහෙයවන අතර වසරක් පාසා පවත්වනු ලබන මේ පිහිනුම් තරගාවලිය මෙවර ක්‍රියාත්මක වන්නේ 85 වැනි වරට.

පාසල් හා ක්‍රීඩා සමාජ 75කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 747 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටිනවා. 

මේ තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ පළමු දිනයේ කාන්තා, බාලිකා හා බාලක තරග ද, දෙවැනි දිනයේ පිරිමි හා ආරාධිත තරග ද පැවැත්වෙන අයුරින්.

කාන්තා තරගාවලිය සඳහා සහභාගි වන පිහිනුම් තරගකාරියන් ගණන 170ක්. ඒ, කාන්තා අංශය සඳහා තරගකාරියන් 115ක් හා බාලිකා වයස අවුරුදු 15න් පහළ අංශයේ 55 දෙනෙක් ලෙසින්. මීට අමතරව බාලක අවුරුදු 15න් පහළ අංශයෙන් ක්‍රීඩකයන් 121 දෙනෙකු ද පළමු දිනයේ තරග වැදීමට නියමිතයි.

පිරිමි අංශයේ තරග ඉසව් පැවැත්වෙන්නේ දෙවැනි දිනයේ දී. මීට තරගකරුවන් 364 දෙනෙක් සහභාගි වීමටයි නියමිත. මීට අමතරව චීනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 92 දෙනෙකුගෙන් සමන්විත ආරාධිත කණ්ඩායමක් ද එදින තරගාවලියට සහභාගි වනවා. 

55519566 10157510796109665 1715557371364769792 n

 

අතීතයේදී මේ ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලියට ප්‍රධාන වශයෙන් සහභාගි වූයේ අම්බලන්ගොඩ පිහිනුම් ශූර ශූරියන්. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී ඇති බවත් මේ තරගාවලියට දැන් කොළඹ මෙන්ම දඹුල්ල, අම්පාර, නිකවැරටිය, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් ද දක්ෂ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමයේ ලේකම් මහින්ද ලියනගේ පවසනවා.

“මේ තරගාවලියේ අවුරුදු හතරක් ම එකදිගට ශූරයා වුනේ කොළඹ නාලන්දා විදුහලේ ඩිලංක ෂෙහාන්. ඔහු මෙවර තරගාවලියට සහභාගි වන්නේ නැහැ. ලෝක ජලක්‍රීඩා සම්මේලනයෙන් ලැබුනු විවෘත ජලයේ පිහිනුම් ශිෂ්‍යත්වයක් මත එයා දැන් ඉන්නේ අමෙරිකාවේ” යැයි මහින්ද ලියනගේ මහතා ප්‍රකාශ කරනවා.

 

55450439 10157510796179665 2362396840759918592 n

 

ගල්කිස්ස හෝටලයේ මුහුදු වෙරළෙන් හෙට සහ අනිද්දා තරග ආරම්භ වන්නේ පෙරවරු 8.00 ට.

සෙනසුරාදා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විශේෂ ආරාධිත අමුත්තා යි. මීට අමතරව, ගල්කිස්ස හෝටල සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් උක්වත්ත, ජාතික ඔලිම්පික් කමිටුවේ කමිටු සාමාජික රිෆ්ඩි ෆාමි, තරගාවලියේ තවත් අනුග්‍රාහකයෙකු වන Glory Swim Shop හි කළමනාකාර අධ්‍යක්ෂ රංග බාලසූරිය හා කාවින්ද නානායක්කාර යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 747 දෙනෙක් | The Leader