The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

8 වැනි නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියෙන් NSSF 2024 දේශීය තරග කැලැන්ඩරය ඇරඹෙයි

T

The Leader Desk

March 16, 2024 • 9:15 AM

8 වැනි නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියෙන් NSSF 2024 දේශීය තරග කැලැන්ඩරය ඇරඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැලිසර නාවික හමුදා වෙඩිතැබීම් රේන්ජයේදී අද ඇරඹෙන 8 වැනි නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවේ ජාතික
  • අද (16) සිට ලබන 22 දක්වා පැවැත්වෙන මේ ශූරතාවලිය මෙහෙයවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව යි.
  • දිවයිනේ ඉහළින් ම සිටින වෙඩිතැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු දෙනාම මේ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  •     ලෝක කුසලාන තරගාවලියන් හා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය මේ වසරේ ජාතික මට්ටමේ ඉසව් 12ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) ඔවුන්ගේ 2024 දේශීය තරග කැලැන්ඩරය ආරම්භ කරනවා.


අද (16) සිට ලබන 22 දක්වා පැවැත්වෙන මේ ශූරතාවලිය මෙහෙයවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව යි.
දිවයිනේ ඉහළින් ම සිටින වෙඩිතැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු දෙනාම මේ තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

shooting

 

ලෝක කුසලාන තරගාවලියන් හා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය මේ වසරේ ජාතික මට්ටමේ ඉසව් 12ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


NSSF 2024 දේශීය තරග වැඩසටහන ආරම්භ වීමට නියමිතව තිබුනේ පෙබරවාරි මස තෙවැනි සතියේ කොහුවල වෙඩිතැබීම් පිටියේ පවත්වන ආධුනික ගුවන් තුවක්කු ශූරතාවලියෙන්. නමුත් එම තරගාවලිය දැන් නැවත සංවිධානය කරමින් තිබෙන අතර එය පැවැත්වෙන ස්ථිර දිනය ඉදිරියේදී දැනුම් දෙන බව සම්මේලනය පවසනවා.

 

 

අද ඇරඹෙන තරගාවලියෙන් පසුව මේ මස අග කාලය තුළ NSSF Skeet Open හා NSSF Trap Open යන කෙටි තුවක්කු (shotgun) තරගාවලියන් දෙකක් පයාගල පිහිටි කොළඹ වෙඩ්තැබීම් රේන්ජයේ Clay Target Shooting Club හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ලාංකේය වෙඩිතැබීමේ ක්‍රීඩාව මැයි මස දෙවැනි සතියේදී කොහුවල NSSF වෙඩිතැබීම් රේන්ජයට පිවිසෙන්නේ විවෘත ගුවන් තුවක්කු (Open Air Gun) ශූරතාවලිය සඳහා.

ඉන්පසුව, ජූනි දෙවැනි සතියේ වැලිසරදී විවෘත මීටර් 25 හා මීටර් 50 ශූරතාවලියන් පැවැත්වීමටයි නියමිත.


මේ තරගාවලියන් අතරතුර, දිවයිනේ ඉහළින් ම ශ්‍රේණිගතව සිටින ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩකයින් ජාත්‍යන්තර වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ (ISSF) ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂා කරනු ඇත්තේ අප්‍රේල් 22 සිට 30 දක්වා ඩෝහා කටාර් හි පැවැත්වෙන කෙටි තුවක්කු සඳහා වන ISSF අවසාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී. ජාත්‍යන්තර වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ ලෝක කුසලාන තරගාවලි ද්විත්වය ජූනි මාසයේ ජර්මනියේ හා ඉතාලියේ පැවැත්වෙන අතර ඉන්පසුව පැමිණෙන්නේ පැරිස් ඔලිම්පික් උළෙල යි.

 

paris

 

දේශීය වෙඩිතැබීමේ තරග නැවත වරක් පයාගල Clay Target Shooting Club of Colombo Range වෙත පිවිසෙන්නේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත NSSF Skeet හා NSSF Trap ජාතික ශූරතාවලියන්ගෙන්. ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ යොවුන් හා කණිෂ්ඨ ගුවන් තුවක්කු ශූරතාවලිය සැප්තැම්බර් දෙවැනි සතියේ කොහුවල NSSF වෙඩිතැබීම් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඇතුගල යොවුන් හා කණිෂ්ඨ ගුවන් තුවක්කු ශූරතාවලිය ඔක්තෝබරයේ කුරුණෑගලදී පැවැත්වෙන්නේ ඉන්පසුව.


මේ වසරේ අවසන් දේශීය තරග දෙක පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී. ගුවන් තුවක්කු ජාතික ශූරතාවලිය නොවැම්බර් තෙවැනි සතියේදී කොහුවලදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර 2024 දේශීය තරග වැඩසටහන අවසන් වන්නේ දෙසැම්බර් දෙවැනි සතියේ වැලිසර නාවික හමුදා වෙඩිතැබීම් පිටියේ පැවැත්වෙන NSSF ජාතික මීටර් 25 හා මීටර් 50 ශූරතාවලියෙන්.

 

warnan Gunasekara-වර්නන් ගුණසේකර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com   

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

8 වැනි නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියෙන් NSSF 2024 දේශීය තරග කැලැන්ඩරය ඇරඹෙයි | The Leader