The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

‘ක්‍රිකට්වලදී අතටඅත දෙන්න ඕන කියලා නීතියක් නෑ’ -BCCI කියයි

T

The Leader Desk

September 16, 2025 • 4:45 PM

‘ක්‍රිකට්වලදී අතටඅත දෙන්න ඕන කියලා නීතියක් නෑ’ -BCCI කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරඟයකින් පසු කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් අතටඅත දිය යුතු බවට නීතියක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ
  • ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ පසුගියදා පැවති ඉන්දියාව සහ පාකිස්තාන නායකයන් අතර තරගයට පෙරදී සහ පසුව සම්ප්‍රදායික අතටඅත දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය 2025 ආසියානු කුසලාන තරඟයට වඩා ලෝකයේ අවධානය දිනාගැනීමෙන් පසුවයි.
  • මෙම සිද්ධියෙන් පසුව ඊට විවේචනාත්මක අදහස් වේගයෙන් ගලා ආ අතර තරග විනිසුරු ඇන්ඩි පයික්‍රොෆ්ට් ක්‍රීඩාවට උචිත නොවන හැසිරීම නිසා ඉන් ඉවත් කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ඉල්ලා තිබිණ.
  • "බලන්න, ඔබ නීති පොත කියෙව්වොත්, විරුද්ධ කණ්ඩායම සමඟ අතට අත දීම පිළිබඳ එහි නිශ්චිතභාවයක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

(BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ පසුගියදා පැවති ඉන්දියාව සහ පාකිස්තාන නායකයන් අතර තරගයට පෙරදී සහ පසුව සම්ප්‍රදායික අතටඅත දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය 2025 ආසියානු කුසලාන තරඟයට වඩා ලෝකයේ අවධානය දිනාගැනීමෙන් පසුවයි.

තරගයෙන් පසුව, නායක සූර්යකුමාර් පැවසුවේ, අප්‍රේල් 22 වන දින ඉන්දියාවේ කාශ්මීරයේ දී පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු විසින් පුද්ගලයන් 26 ක්, එනම් ඉන්දියාවෙන් සහ විදේශයන්ගෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙකු මහදවල් කරන ලද කුරිරු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පෙනීසිටින බවයි.

මෙම සිද්ධියෙන් පසුව ඊට විවේචනාත්මක අදහස් වේගයෙන් ගලා ආ අතර තරග විනිසුරු ඇන්ඩි පයික්‍රොෆ්ට් ක්‍රීඩාවට උචිත නොවන හැසිරීම නිසා ඉන් ඉවත් කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ඉල්ලා තිබිණ.

"බලන්න, ඔබ නීති පොත කියෙව්වොත්, විරුද්ධ කණ්ඩායම සමඟ අතට අත දීම පිළිබඳ එහි නිශ්චිතභාවයක් නෑ. එය ක්‍රීඩවේදී ගෝලීය වශයෙන් අනුගමනය කරනු ලබන සුහද ඉරියව්වක් මිස, නීතියක් නොව සම්මුතියක්" යනුවෙන් නම හෙළි නොකිරීමේ කොන්දේසියක් මත BCCI නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් පුවත් වාර්තා කර ඇත.

"නීතියක් නොමැති නම්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැඩි සබඳතාවක් ඇති විරුද්ධ කණ්ඩායමක් සමඟ අතට අත දීමට බැඳී නෑ" ඔහු තවදුරටත් පවසා ඇත.

| hirunews


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

'අතට අත නොදීම': ඇන්ඩි පයික්‍රොෆ්ට් ආසියානු කුසලාන තරග තීරක කටයුතුවලින් ඉවත් කරන්නැයි පකිස්ථානයෙන් ඉල්ලීමක්

'අතට අත දෙන්න බැරි නම් ජාත්‍යන්තර ක්‍රීඩාවලින් ඉවත් වෙන්න' - ඉන්දීය ක්‍රිකට් නායකයාගේ ක්‍රියාවට දැඩි විවේචන

Asia Cup: ඉන්දීය ක්‍රීඩකයින් අතට අත දීම ප්‍රතික්ෂේප කළා - පකිස්ථාන පුහුණුකරු

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...