The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

CBL – Munchee කුසලාන ක්‍රිකට් තරගාවලිය පිට පිට පස්වැනි වසරටත්

T

The Leader Desk

January 16, 2025 • 11:17 AM

CBL – Munchee කුසලාන ක්‍රිකට් තරගාවලිය පිට පිට පස්වැනි වසරටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘ඩී’ කොටසේ ඕවර 40 ලීග් තරගාවලිය 2025 අවසන් පූර්ව වටයට HNB Finance, Power Hand Plantations, Central Finance සහ Teejay Lanka යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා. ‘සී.බී.එල්.
  • කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් දෙසැම්බර් 4 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග ජනවාරි 19 වැනිදාත්, අවසාන තරගය ජනවාරි 25 වැනිදාත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
  • කොටස් 3කට බෙදී තරග වැදුනු කණ්ඩායම් මෙසේය.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘ඩී’ කොටසේ ඕවර 40 ලීග් තරගාවලිය 2025 අවසන් පූර්ව වටයට HNB Finance, Power Hand Plantations, Central Finance සහ Teejay Lanka යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා. 


‘සී.බී.එල්. - මන්චී’ කුසලානය (‘CBL -Munchee’ Trophy) වෙනුවෙන් පැවැත්වෙන මේ තරගාවලිය සඳහා නොකඩවා පස්වැනි වසරටත් අනුග්‍රහය දක්වන්නේ සීමාසහිත සිලෝන් බිස්කට්ස් (CBL Group) ආයතනය යි.
 
කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් දෙසැම්බර් 4 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග ජනවාරි 19 වැනිදාත්, අවසාන තරගය ජනවාරි 25 වැනිදාත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
 
කොටස් 3කට බෙදී තරග වැදුනු කණ්ඩායම් මෙසේය.

‘ඒ’ කොටස - Hemas Group, The Recovery Room, Peoples Leasing PLC, Colombo Dockyard, Yokohama TWS

‘බී’ කොටස - Airport & Aviation, Abans Group, Nations Trust Bank, HNB Finance, Power Hand Plantations

‘සී’ කොටස - Central Finance, Millenium IT, Teejay Lanka, Delmege Group, Seylan Bank 

තරග 30කින් සමන්විත ලීග් සහ තරග 7කින් යුත් පිළිමළුන් පිටු දැකීම යන අදියර දෙකකින් මේ තරගාවලිය පැවැත්වුනා.

හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, අවසාන තරගයේ වීරයා සහ තරගමාලාවේ වීරයා ට විශේෂ ත්‍යාග පිරිනැමීමට අනුග්‍රාහකයන් තීරණය කර තිබෙනවා.

මීට පෙර පැවති තරගාවලියේ ‘සී.බී.එල්.මන්චී’ කුසලානය හිමිකර ගත්තේ සීමාසහිත Melwire Rolling (Pvt) කණ්ඩායම යි.
 
CBL 2
CBL – Munchee 2025 කුසලාන තරගාවලියේ අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමීම වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේදී ඊයේ සිදු කෙරුනු අතර එහිදී විජිත් නිශාන්ත (වෙළඳ කළමනාකරු) සිලෝන් බිස්කට්ස් ආයතනය නියෝජනය කළ අතර වෙළඳ සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරනු ලැබුවේ එහි සභාපති මහේෂ් ද අල්විස් හා උපසභාපති සිරෝෂ ගුණතිලක විසින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...