The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෞදි තෙල් කොම්පැනිය සමග FIFA ඇති කරගත් හවුලට රටවල් 24ක ක්‍රීඩිකාවන් 100කගේ විරෝධය

T

The Leader Desk

October 22, 2024 • 3:25 PM

සෞදි තෙල් කොම්පැනිය සමග FIFA ඇති කරගත් හවුලට රටවල් 24ක ක්‍රීඩිකාවන් 100කගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (FIFA) තිබෙන අනුග්‍රාහක ගිවිසුම අවසන් කරන ලෙසට රටවල් 24ක වෘත්තීය පාපන්දු ක්‍රීඩිකාවන් 100කට වැඩි දෙනෙක් ඉල්ලා තිබෙනවා.
  • වසර දක්වා දිවෙන මේ ගිවිසුමට අනුව 2026 FIFA ලෝක කුසලානය සහ 2027 FIFA කාන්තා ලෝක කුසලානය ඇතුළු තරගාවලියන් ගණනාවක අයිතීන් මේ කොම්පැනියට ලැබෙනවා.
  • Saudi Aramco කොම්පැනිය සිය ප්‍රධාන හවුල්කරු බවට FIFA කළ නිවේදනය මගින් “අපට පිළිගැනීමට අපහසු තරමට අපව ඉතා දුරක් ආපස්සට ගෙන ගොස් තිබෙනවා” යනුවෙන් රටවල් 24ක පාපන්දු ක්‍රීඩිකාවන් ලිපියකින් කියා තිබෙනවා.
  • “කාන්තාවන් හා LGBTQIA ඇතුළු අනෙකුත් සුළු කණ්ඩායම්වලට එරෙහිව මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ දරුණු වාර්තාවක් තිබෙන සෞදි අරාබියට මුදල් පොම්ප කරන ප්‍රධාන ආයතනය Saudi Aramco යි” එම ලිපියේ සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

(FIFA) තිබෙන අනුග්‍රාහක ගිවිසුම අවසන් කරන ලෙසට රටවල් 24ක වෘත්තීය පාපන්දු ක්‍රීඩිකාවන් 100කට වැඩි දෙනෙක් ඉල්ලා තිබෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේදී FIFA සෞදි අරාබි රජයට අයත් මේ කොම්පැනිය සමග සිවු වසරක ගෝලීය හවුලකට අත්සන් කළා. 2027 වසර දක්වා දිවෙන මේ ගිවිසුමට අනුව 2026 FIFA ලෝක කුසලානය සහ 2027 FIFA කාන්තා ලෝක කුසලානය ඇතුළු තරගාවලියන් ගණනාවක අයිතීන් මේ කොම්පැනියට ලැබෙනවා.

etw345

Saudi Aramco කොම්පැනිය සිය ප්‍රධාන හවුල්කරු බවට FIFA කළ නිවේදනය මගින් “අපට පිළිගැනීමට අපහසු තරමට අපව ඉතා දුරක් ආපස්සට ගෙන ගොස් තිබෙනවා” යනුවෙන් රටවල් 24ක පාපන්දු ක්‍රීඩිකාවන් ලිපියකින් කියා තිබෙනවා.

“කාන්තාවන් හා LGBTQIA ඇතුළු අනෙකුත් සුළු කණ්ඩායම්වලට එරෙහිව මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ දරුණු වාර්තාවක් තිබෙන සෞදි අරාබියට මුදල් පොම්ප කරන ප්‍රධාන ආයතනය Saudi Aramco යි” එම ලිපියේ සඳහන්.


“මේ හවුල පිළිබඳව නැවත සලකා බලා ඒ කොම්පැනිය වෙනුවට ස්ත්‍රී පුරුෂ සමානතාව, මානව අයිතීන් හා අපේ ලෝකයේ අනාගතය සුරක්ෂිත කිරීම සමග එකඟ වන වෙනත් අනුග්‍රාහකයන් සොයා ගන්නා ලෙස අපි FIFAගෙන් ඉල්ලා සිටිනවා. අනාගත අනුග්‍රාහක ගිවිසුම්වල ආචාරධර්ම නිරීක්ෂණය කිරීමට හා ඒවා අපේ ක්‍රීඩා වටිනාකම් හා ඉලක්කයන් සමග පෙළගැසෙන බවට තහවුරු කර ගැනීම පිණිස ක්‍රීඩිකාවන් නියෝජනය වන නිරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කරන ලෙසට ද අපි යෝජනා කරනවා.”


විශේෂයෙන් ලිංගිකත්ව සමානතාව හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව අයිතීන් දිගටම උල්ලංඝනය කරමින් සිටින බවට සෞදි අරාබිය ට චෝදනා එල්ල වී තිබෙනවා.

“2018 රුසියාව හා 2022 කටාර් ලෝක කුසලාන වාර්තාවන්ට අනුව, FIFA ඔවුන්ගේ සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිපත්තීන් අලෙවි කළ අවසන් වතාවේ උදාහරණ තිබෙන්නේ වැඩි ඈතක නෙවෙයි. FIFAගේ මෑත කාලයේ තීරණ ගෙන තිබෙන්නේ 37 දෙනෙකුගෙන් සමන්විත කවුන්සලයක් විසින්. එහි කාන්තාවන් සිටින්නේ අට දෙනෙක් (22%) පමණයි. මේ තීරණ ගෙන ඇත්තේ කාන්තාවන්ට, LGBTQ පුද්ගලයන්ට, සංක්‍රමණිකයන්ට හෝ කාලගුණික වෙනස්වීම්වලින් වැඩිම තර්ජනයක් එල්ල වන වර්තමාන හා අනාගත ප්‍රජාවට සෞදි රජය සලකන නින්දිත ආකාරය නොසලකා හැරීමට තරම් වරප්‍රසාද භුක්ති විඳින පිරිමින් විසින්” යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

සෞදි රාජ්‍යයේ දරුණු මානව අයිතීන් උල්ලංඝනයෙන් ලෝකයාගේ අවධානය බිඳීම පිණිස සෞදි බලධාරීන් බිලියන ගණනින් මුදල් වැය කළ ද කාන්තාවන්ට ඔවුන් සලකන ආකාරයෙන් ඔවුන්ගේ නිරුවත දිස්වන බව ද ක්‍රීඩිකාවන් කියා සිටිනවා.


“සම අයිතින් වෙනුවෙන් සාමකාමීව අදහස් පළ කිරීම නිසා සෞදි රජය විසින් සිරගත කර සිටින Manahel al-Otaibi සහ Salma al-Shehab වැනි කාන්තාවන් සමග අපි සිටගන්නවා. ඒ කාන්තාවන්ගේ ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිය, LGBTQ අයිතීන් සහ ලෝකයේ සෞඛ්‍යය යන කාරණා FIFA විසින් වැඩි මුදලක් උපයා ගැනීමට වඩා වැදගත් විය යුතුයි” අමෙරිකාව වෙනුවෙන් තරග 217කට ක්‍රීඩා කර ඇති අමෙරිකානු ජාතික කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා Becky Sauerbrunn පවසනවා.

 

ty45f
FIFA වෙත යවන ලද ලිපිය සකස් කළ එක් ක්‍රීඩිකාවක වන ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර ක්‍රීඩිකා Sofie Junge මෙසේ කියනවා.


“වටිනාකම් යනු කොල කෑල්ලක ඔහේ ලියන්න තිබෙන වචන නෙවෙයි. ඔබ ඒවායේ ජීවත් වෙමින් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අවසානයේ, FIFA මානව අයිතීන් හා ඒවා නොනැසී පැවතීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සාරධර්ම වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. මේ අනුග්‍රාහකත්වයෙන් ඔවුන් එය කරන්නේ නැහැ.”


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...