The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සම්මානයක් ලැබෙන්නේ ඉල්ලුවොත් විතරයි: නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ට්‍රම්ප් ට FIFA සාම ත්‍යාගයක්

T

The Leader Desk

December 7, 2025 • 10:08 AM

සම්මානයක් ලැබෙන්නේ ඉල්ලුවොත් විතරයි: නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ට්‍රම්ප් ට FIFA සාම ත්‍යාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය පාලකයන් දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනික මධ්‍යස්ථභාවයක් පවත්වා ගෙන යන බැවින් දේශපාලන පණිවුඩ ප්‍රදර්ශනය කරන ක්‍රීඩකයන් දඩ හා තරග තහනම්වලට නිතර මුහුණ දෙනවා.
  • මේ ත්‍යාගය ඔහුට පිරිනමා තිබෙන්නේ ට්‍රම්ප් පරිපාලනය තවත් මාරාන්තික ගුවන් ප්‍රහාරයක් කැරිබියන් හි දියත් කර පැය 24කටත් අඩු කාලයක් ඇතුළත බව විවේචකයන් පෙන්වා දෙනවා.
  • කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියනු ලබන බෝට්ටුවකට අමෙරිකානු හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු මරණයට පත්වූ බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබෙනවා.
  • පාපන්දුවට භූ දේශපාලනික සිදුවීම් පාලනය කළ නොහැකි බව පවසමින් ඉන්ෆන්ටීනෝ ඊශ්‍රායලය ට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් පසුගිය සිකුරාදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට මංගල FIFA සාම ත්‍යාගය පිරිනැමුවේ රිපබ්ලිකන් නායකයා සමග තිබෙන මිත්‍රත්වය තවත් ස්ථිර කර ගනිමින්.

මේ ත්‍යාගය ඔහුට පිරිනමා තිබෙන්නේ ට්‍රම්ප් පරිපාලනය තවත් මාරාන්තික ගුවන් ප්‍රහාරයක් කැරිබියන් හි දියත් කර පැය 24කටත් අඩු කාලයක් ඇතුළත බව විවේචකයන් පෙන්වා දෙනවා. කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියනු ලබන බෝට්ටුවකට අමෙරිකානු හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු මරණයට පත්වූ බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබෙනවා.

 

ගාසා තීරයේ සිදුකරන මහා ජන ඝාතනය හේතුවෙන් ඊශ්‍රායලය ලෝක පාපන්දුවෙන් නෙරපා දමන ලෙසට ඉල්ලමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරියෙකු වන ක්‍රේග් මොක්හිබ (Craig Mokhiber), ට්‍රම්ප් ට සාම ත්‍යාගයක් පිරිනැමීම “ඇත්තෙන්ම ලජ්ජාසහගත ක්‍රියාවක්” ලෙස හඳුන්වනවා.

පාපන්දුවට භූ දේශපාලනික සිදුවීම් පාලනය කළ නොහැකි බව පවසමින් ඉන්ෆන්ටීනෝ ඊශ්‍රායලය ට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

trump fifa 2

“පලස්තීනයේ සිදුවන මහා ජන සංහාරයට වසර දෙකක් තිස්සේ FIFA දක්වන පාප සහායකතාව ගැන සතුටු වෙන්න බැහැ. දැන් ඉන්ෆන්ටීනෝ සහ ඔහුගේ අඹ යහළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උදව් ලබා ගන්න සාම ත්‍යාගයක් නිර්මාණය කර තිබෙනවා” යනුවෙන් මොක්හිබ පෙන්වා දෙනවා.

මේ ත්‍යාගයෙන් ට්‍රම්ප් ඊශ්‍රයාලය ට දක්වන නින්දා සහගත සහයෝගයේ වාර්තාව, ඔහු කැරිබියන් මුහුදේ යාත්‍රාවලට එල්ල කරන මාරක ප්‍රහාර සහ අමෙරිකාව ඇතුළත ඔහු සිදුකරන බරපතළ මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සඟවන බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

trump fifa 1

 

අමෙරිකානු ජනාධිපතිවරයාට ඔහු වෙනුවෙන් ම ප්‍රථම වතාවට නිර්මාණය කළ සාම ත්‍යාගය පිරිනමමින් ඉන්ෆන්ටීනෝ, පලස්තීන ජනපදයේ ප්‍රශ්නය නොවිසඳා ඊශ්‍රායලය හා තවත් අරාබි රටවල් කිහිපයක් සමග ඇතිකර ගත් නිල සබඳතා ඇතුළු ට්‍රම්ප්ගේ ජාත්‍යන්තර ගිවිසුම්වලට සහාය පළකර සිටියා.

“නායකයෙකුගෙන් අපට අවශ්‍ය වන්නේ මෙයයි. ජනතාව ගැන සොයා බලන නායකයෙක්. අවට උවමනා වන්නේ ආරක්ෂාකාරී වටපිටාවකින් යුත් ආරක්ෂිත ලෝකයක ජීවත් වෙන්නයි. අපට ඕන එක්සත් වෙන්නයි. අද අපි මෙතන සිදුකරන්නේ ඒ දෙයයි. ලෝක කුසලාන තරගාවලියේදී අපට කරන්න අවශ්‍යත් එයයි” යනුවෙන් ට්‍රම්ප් ට ත්‍යාගය පිළිගන්වමින් ඉන්ෆන්ටීනෝ සඳහන් කළා.

“ජනාධිපතිතුමනි, ඔබේ ක්‍රියාවන්, ඔබේ ක්‍රමයට ඔබ අත්කර ගෙන තිබෙන දේවල් හා ඒවා අත්කර ගත් විස්මිත ආකාරය අනුව ඔබ පැහැදිලිවම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සාම ත්‍යාගය - FIFA Peace Prize - ලබන්න සුදුසුයි.”

 

trump fifa 3
ගෞරවනීය ‘නොබෙල් සාම ත්‍යාගය’ (Nobel Peace Prize) මේ වසරේ තමන්ට ලබා ගැනීම පිණිස ඩොනල්ඩ් ට්‍රම්ප් විවෘත ක්‍රියාවලියක නිරත වූවද ඒ මෙහෙයුම අසාර්ථක වුනා.

මේ නව FIFA පිළිගැනුම තමන්ට ලැබුනු එක් විශිෂ්ටතම ගෞරවයක් බව පැවසූ අමෙරිකානු ජනාධිපතිවරයා, තමාගේ ජනාධිපති ධූරය විසින් ජීවිත මිලියන ගණනක් බේරාගෙන යුද්ධ අටක් අවසන් කර ඇති බවට වන ඔහු‌ගේ හිමිකම නැවත ප්‍රකාශ කර සිටියා. සාමය හා සමගිය සැමරීම පිණිස සාම ත්‍යාගයක් නිර්මාණය කළ ඉන්ෆන්ටීනෝ එය මීට දින කිහිපයකට පෙර සෝමාලියාවේ ජනතාව ‘කුණුකසල ගොඩක්’ ලෙසින් හැඳින්වූ ජනාධිපතිවරයෙකුට ලබා දී ඇතැයි විවේචකයන් ප්‍රකාශ කරනවා.

ffv45y

 

මෙක්සිකෝව හා කැනඩාවේ සමසත්කාරකත්වයෙන් ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට අමෙරිකාව සූදානම් වෙද්දී ඉන්ෆන්ටීනෝ, ට්‍රම්ප් සමග කිට්ටු සබඳතාවක් ඇතිකර ගෙන සිටිනවා.

ධවල මන්දිරයේ නිතර දක්නට ලැබෙන මුහුණක් බවට පත්ව සිටින FIFA සභාපතිවරයා, ගාසා සාම ගිවිසුමක් ස්ථාපිත කිරීම පිණිස ඔක්තෝබරයේ ඊජිප්තුවේ පැවති සම්මන්ත්‍රණයකට ද ට්‍රම්ප් සමග සහභාගි වුනා.

නව FIFA සාම ගිවිසුම ඉලක්ක කරගත් විවේචකයන් අතර ඩෙමොක්‍රටික් පක්ෂය ද සිටිනවා. “නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්න ට්‍රම්ප් ට බැරිවුනා. ඒ නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඔහු වෙනුවෙන් සාම ත්‍යාගයක් හැදුවා” යනුවෙන් එම පක්ෂය සමාජ මාධ්‍ය පෝස්ටුවකින් සඳහන් කරනවා.

රුවන්ඩාව හා කොන්ගෝ රටවල් අතර ආසන්නතම ගිවිසුම ඇතුළුව යුද වැදී සිටින පාර්ශවයන් අතර සමහර සාම ගිවිසුම් ඇති කිරීමට ට්‍රම්ප් උපකාර කළ ද, ඔහු බටහිර ලෝකය හරහා යුද වියදම් වැඩිකර තිබෙනවා.

 

vw47w5yfghfdff

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමට ජූනි මාසයේ නියෝග කළ ට්‍රම්ප්, මුළු ලෝකය ට ම පෙනෙන පරිදි පලස්තීන ජනයාට හිරිහැර කරන ඊශ්‍රායලය දිගටම ආයුධවලින් සන්නද්ධ කරමින් සිටිනවා. බටහිර අර්ධගෝලයේදී ද, ට්‍රම්ප්ගේ පරිපාලනය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන යාත්‍රාවන්ට ගුවන් ප්‍රහාර 22ක් එල්ල කර තිබෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් 86ක් මරා දමමින්.

ඊට අමතරව, ට්‍රම්ප් වෙනිසියුලාව අසල හමුදා රැස් කරමින් සිටින්නේ එරට වාමාංෂික ජනාධිපති නිකොලස් මඩුරා බලයෙන් පහකිරීම පිණිස අමෙරිකාව එම රට සමග යුද්ධයකට යනු ඇති බවට තිබෙන අනුමාන කිරීම් ඉහළ දමමින්.

අමෙරිකාවේදී ට්‍රම්ප්, සංක්‍රමණික විරෝධී වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගැනීම් සහ පුරවැසියන් නොවන පුද්ගලයින් රටින් නෙරපා දැමීමේ මෙහෙයුම් වැඩි කර තිබෙනවා. කතා කිරීමේ නිදහසට වැට බඳිමින් ඊශ්‍රයාලය විවේචනය කරන සමහර විශාරදයින්ව ඉලක්ක කර තිබෙනවා.

 

trump fifa 4
ට්‍රම්ප් ට ලබා දුන් ‘සප්පට’ සාම ත්‍යාගය වහාම අවලංගු කළ යුතු බව ක්‍රේග් මොක්හිබ තරයේ කියා සිටිනවා.

“මඩ සහිත පිටියක ක්‍රීඩා කරන්න FIFA නීති ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් පැහැදිළිවම ලේ සහිත පිටියක සෙල්ලම් කළ යුතු නැහැ. නමුත් ජියානි ඉන්ෆන්ටීනෝ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හරියටම රැගෙන යන්නේ ඒ දිසාවටයි!”


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සම්මානයක් ලැබෙන්නේ ඉල්ලුවොත් විතරයි: නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ට්‍රම්ප් ට FIFA සාම ත්‍යාගයක් | The Leader