The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

FIFA Series 2024: පැපුවා නිව් ගිනියාවට සම වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ආරම්භයක්

T

The Leader Desk

March 23, 2024 • 12:08 PM

 FIFA Series 2024: පැපුවා නිව් ගිනියාවට සම වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ආරම්භයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව අංක 204 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මංගල FIFA Series 2024 තරගමාලාවේ ශ්‍රී ලංකා අදියර විස්මිත අයුරින්
  • කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ ඊයේ (22) පැවති මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ වැඩි කාලයක් පන්දුව අයිති කරගෙන සිට ගෝල් ලබා ගැනීමේ අවස්ථාවන් ලබා ගත්ත ද එය වාසියට හරවා ගැනීමට අපොහොසත් වුනා.
  • මේ තරගාවලියට සත්කාරක රට වන ශ්‍රී ලංකාව හා මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, භූතානය, පැපුවා නිව් ගිනියාව යන කණ්ඩායම් හතර සහභාගි වන අතර තරගාවලිය මාර්තු 22 සිට 25 දක්වා පැවැත්වීමටයි නියමිත.
  • 23 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතයේ ක්‍රීඩකයින් 11 දෙනෙකු ම ද්විත්ව පුරවැසිභාවය ලැබූවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරම්භ කළේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 165 වැනි ස්ථානයේ සිටින පැපුවා නිව් ගිනියාව සමග තරගය 0-0 ක් ලෙසින් ජය පැරදුමකින් තොරව අවසන් කිරීමට සමත් වෙමින්.

කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ ඊයේ (22) පැවති මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ වැඩි කාලයක් පන්දුව අයිති කරගෙන සිට ගෝල් ලබා ගැනීමේ අවස්ථාවන් ලබා ගත්ත ද එය වාසියට හරවා ගැනීමට අපොහොසත් වුනා.

Sri Lanka Vs Papua New Guinea1

2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේදී යේමනය ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව දැන් නැවතත් දිවයිනට පැමිණ තිබෙන්නේ ජගත් පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වතාවට පවත්වන මේ FIFA Series 2024 තරගමාලාවේ ශ්‍රී ලංකා අදියරෙන්.

මේ තරගාවලියට සත්කාරක රට වන ශ්‍රී ලංකාව හා මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, භූතානය, පැපුවා නිව් ගිනියාව යන කණ්ඩායම් හතර සහභාගි වන අතර තරගාවලිය මාර්තු 22 සිට 25 දක්වා පැවැත්වීමටයි නියමිත.

ජගත් පාපන්දු සම්මේලනය විසින් පනවනු ලැබූ තහනම මෑතකදී ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මව්බිමේදී ක්‍රීඩා කරන ප්‍රථම තරගාවලිය මෙය යි.

Sri Lanka Vs Papua New Guinea3
මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ පළපුරුදු ක්‍රීඩක සුජාන් පෙරේරා. 23 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතයේ ක්‍රීඩකයින් 11 දෙනෙකු ම ද්විත්ව පුරවැසිභාවය ලැබූවන්.

ජගත් පාපන්දු සම්මේලනය - FIFA - ප්‍රථම වතාවට මේ ආරාධිත තරගමාලාව සංවිධානය කර තිබෙන්නේ වෙනස් මහාද්වීපයන්හි පාපන්දු සම්මේලනවල ජාතික කණ්ඩායම් අතර මිත්‍ර තරග පැවැත්වීමට.

 FIFA Series මංගල අදියර විවිධ තරගමාලා පහකින් සමන්විත වන අතර ඒවා මාර්තු 21 සිට 26 දක්වා සත්කාරක රටවල් පහක් හරහා ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාව, ඇල්ජීරියාව, ඊජිප්තුව, අසර්බයිජානය හා සෞදි අරාබිය එම සත්කාරක රටවල්.

Sri Lanka 2023FiFA

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

FIFA Series 2024: පැපුවා නිව් ගිනියාවට සම වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ආරම්භයක් | The Leader