The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෂායි හෝප්: ICC පූර්ණ සාමාජික රටවල් සියල්ලටම එරෙහිව ජාත්‍යන්තර ශතක ලැබූ පළමු පිතිකරුවා

T

The Leader Desk

November 20, 2025 • 9:20 AM

ෂායි හෝප්: ICC පූර්ණ සාමාජික රටවල් සියල්ලටම එරෙහිව ජාත්‍යන්තර ශතක ලැබූ පළමු පිතිකරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක හා කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) අනෙක් පූර්ණ සාමාජික රටවල් 11 ට ම එරෙහිව ජාත්‍යන්තර ශතක වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත්ව සිටිනවා.
  • එහිදී ඔහු පන්දු 69කින් නොදැවී ලකුණු 109ක් වාර්තා කළේ 158කට මඳක් අඩු ප්‍රහාරක වේගයකින්.
  • ඔහු‌ගේ මේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබුණා.
  • ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 11 ට අමතරව හෝප් නෙදර්ලන්තය හා නේපාලය ට එරෙහිව ද ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ රටවල් 13කට එරෙහිව ශතක වාර්තා කළ පළමු පිතිකරුවා බවට ද පත්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝප් මෙසේ ඉතිහාසගත වුනේ නේපිය හිදී ඊයේ (19) නවසිලන්තය ට එරෙහිව ඔහුගේ පළමු ශතකය සටහන් කරමින්. එහිදී ඔහු පන්දු 69කින් නොදැවී ලකුණු 109ක් වාර්තා කළේ 158කට මඳක් අඩු ප්‍රහාරක වේගයකින්. ඔහු‌ගේ මේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබුණා. කෙසේ වෙතත් එම දක්ෂතාව ප්‍රදර්ශනය වුනේ කොදෙව්වන් කඩුලු පහකින් පරාජය වූ තරගයකයි.

nz hope

 

ලෝකයේ වෙනත් කිසිම පිතිකරුවෙක් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසිලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ට එරෙහිව ශතක ලබා ගෙන නැහැ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 11 ට අමතරව හෝප් නෙදර්ලන්තය හා නේපාලය ට එරෙහිව ද ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ රටවල් 13කට එරෙහිව ශතක වාර්තා කළ පළමු පිතිකරුවා බවට ද පත්වනවා.

 

මේ දකුණත් පිතිකරුවා එංගලන්තය ට එරෙහිව ටෙස්ට් ශතක දෙකක් ද, ඉන්දියාව ට එරෙහිව එක් ටෙස්ට් ශතකයක් ද වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේදී ඔහු ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නේපාලය, නෙදර්ලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ යන රටවලට එරෙහිව ශතක ලබා ගෙන තිබෙන අතර මේ වසරේදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඔහුගේ පළමු ජාත්‍යන්තර විස්සයි20 ශතකය ද සටහන් කළා.

hope934509384

 

හෝප් දැන් ප්‍රතිවාදීන් 12කට එරෙහිව ශතක ලබා ගෙන සිටි මහේල ජයවර්ධන හා ක්‍රිස් ගේල් අභිබවා ගොස් සිටිනවා.

රටවල් 12කට එරෙහිව ජාත්‍යන්තර එක්දින ශතක ලබා ගැනීම ද හෝප්ගේ වාර්තාවක්. කුමාර් සංගක්කාර, සචින් ටෙන්ඩුල්කා, රිකී පොන්ටිං, හෂිම් අම්ලා සහ මාටින් ගප්ටිල් ඇතුළු පිතිකරුවන් නව දෙනෙකු ම ශතක වාර්තා කර තිබෙන්නේ ප්‍රතිවාදීන් 11 දෙනෙකුට එරෙහිවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම රටවලට එරෙහි ශතක

* ෂායි හෝප් - රටවල් 13
* මහේල ජයවර්ධන - 12
* ක්‍රිස් ගේල් - 12
* සචින් ටෙන්ඩුල්කා - 11
* ගැරී කර්ස්ටන් - 11
* රිකී පොන්ටිං - 11
* රාහුල් ඩ්‍රාවිඩ් - 11
* කුමාර් සංගක්කාර - 11
* හෂිම් අම්ලා - 11
* ෂිකර් ධවාන් - 11
* මාටින් ගප්ටිල් - 11
* පෝල් ස්ටර්ලිං - 11

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...