The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පලුදු වූ පැරිස් ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් දෙනවා - IOC

T

The Leader Desk

January 17, 2025 • 3:07 PM

පලුදු වූ පැරිස් ඔලිම්පික් පදක්කම් වෙනුවට අලුත් පදක්කම් දෙනවා - IOC

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හානි වූ සෑම පදක්කමක් ම ඒවා නිෂ්පාදනය කළ ‘මොන්නේ ඩ පාහි’ (Monnaie de Paris) ආයතනය විසින් සර්වසම පදක්කමකින් ආදේශ කරන බවත් ඒ ආදේශිත පදක්කම් ද මුල් පදක්කම් මෙන්ම කැටයම් කර ඇති බවත් IOCය පවසනවා.
  • අලුත් පදක්කම් ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කිරීමට IOCය බලාපොරොත්තු වනවා.
  • පසුගිය අගෝස්තු මාසයේ සිට ක්‍රීඩකයන් විසින් පැමිණිලි කර තිබෙන මේ දුර්වර්ණ වූ පදක්කම් ‘දෝෂ සහිත’ ලෙසින් හඳුන්වනවා වෙනුවට ‘පලුදු වූ’ ලෙසින් නම් කරනවා නම් තමන් වඩාත් කැමති බව ‘මොන්නේ ඩ පාහි’ ප්‍රකාශකයෙක් පෙන්වා දී තිබෙනවා.
  • අගෝස්තු මාසයේ සිට, පලුදු වූ සෑම පදක්කමක් වෙනුවට අලුත් පදක්කම් ලබා දී ඇති බවත් එලෙසම ඉදිරියටත් වෘත්තීය ආකාරයෙන් කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හානි වූ සෑම පදක්කමක් ම ඒවා නිෂ්පාදනය කළ ‘මොන්නේ ඩ පාහි’ (Monnaie de Paris) ආයතනය විසින් සර්වසම පදක්කමකින් ආදේශ කරන බවත් ඒ ආදේශිත පදක්කම් ද මුල් පදක්කම් මෙන්ම කැටයම් කර ඇති බවත් IOCය පවසනවා.

පදක්කම්වල තත්ත්වය සම්බන්ධයෙන් පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව දැන් අවධානය යොමු කර තිබෙන බව ප්‍රකාශ කරන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, එම පදක්කම් නිර්මාණය කිරී‌මේ වගකීම දරණ ‘මොන්නේ ඩ පාහි’  නිෂ්පාදනාගාරය සමග ඔවුන් ආදේශිත පදක්කම් සම්බන්ධව කටයුතු කරමින් සිටින බව සඳුදා ස්ථිර කළා.

අලුත් පදක්කම් ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කිරීමට IOCය බලාපොරොත්තු වනවා.

පසුගිය අගෝස්තු මාසයේ සිට ක්‍රීඩකයන් විසින් පැමිණිලි කර තිබෙන මේ දුර්වර්ණ වූ පදක්කම් ‘දෝෂ සහිත’ ලෙසින් හඳුන්වනවා වෙනුවට ‘පලුදු වූ’ ලෙසින් නම් කරනවා නම් තමන් වඩාත් කැමති බව ‘මොන්නේ ඩ පාහි’ ප්‍රකාශකයෙක් පෙන්වා දී තිබෙනවා.

අගෝස්තු මාසයේ සිට, පලුදු වූ සෑම පදක්කමක් වෙනුවට අලුත් පදක්කම් ලබා දී ඇති බවත් එලෙසම ඉදිරියටත් වෘත්තීය ආකාරයෙන් කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා කියා සිටිනවා.

ආදේශ පදක්කම් දැනටමත් සූදානම් වෙමින් පවතින බවත් ඉල්ලීම් ලැබෙන පරිදි ඒවා ලබා දෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

පලුදු වූ හෝ දුර්වර්ණ වූ පදක්කම් 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩකයන් විසින් ආපසු ලබා දී ඇතැයි ප්‍රංශ ඔන්ලයින් මාධ්‍ය ජාලයක් වන La Lettre වාර්තා කර තිබෙනවා.

සමහර ඔලිම්පික් ක්‍රීඩකයන් ඔවුන්ගේ පලුදු වූ පදක්කම්වල පිංතූර සමාජ මාධ්‍යයේ බෙදා ගෙන තිබෙනවා. වීදි ස්කේට්බෝඩිං ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගත් අමෙරිකානු ස්කේට්බෝඩ් ක්‍රීඩක Nyjah Huston ඉන් කෙනෙක්. ඔහුගේ ලෝකඩ පදක්කම ඉක්මනින්ම දිරාපත්ව ගොස් තිබෙන අයුරු සමාජ මාධ්‍යයේ වීඩියෝවක් පළ කරමින් ඔහු පෙන්වා තිබුනේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසාන වීමටත් පෙර. ඉන්පසුව තවත් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ද මේ බව පැමිණිලි කළා. ප්‍රංශ පිහිනුම්කරුවන් වන Yohann Ndoye-Brouard සහ Clement Secchi ඔවුන්ගේ නරක් වූ පදක්කම් මෑතකදී සමාජ මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කළේ ඒවා කිඹුල් හම හෝ 1924 වසර දක්වා වන පරණ පෙනුමක් තිබෙන බවට විස්තර කරමින්.

we5253| අමෙරිකානු ස්කේට්බෝඩ් ක්‍රීඩක Nyjah Huston
“මේ ඔලිම්පික් පදක්කම් අලුතින්ම තියෙන විට ඉතා හොඳ පෙනුමක් තියෙනවා. නමුත් එය මගේ හමේ ගෑවෙන්න තියාගෙන ටික වෙලාවකින් ඒකට දහඩිය ගෑවුනාම සහ එය මිතුරන්ට සතිඅන්තයක පළඳින්න දුන්නාම ඒ පදක්කමේ දිස්වුනේ දිරාපත් පෙනුමක්. ඒ පදක්කම් ඔබ සිතන තරමට උසස් තත්ත්වයේ ඒවා නෙවෙයි” යනුවෙන් Huston කියා තිබුනා.

“ඒකෙ තියෙන්නේ ගොරෝසු පෙනුමක්. ඉස්සරහ පැත්තෙ පවා තියෙන්නේ රළු පෙනුමක්. ටිකක් පතුරු ගැලවෙනවා.”


පදක්කම්වල වාර්නිෂ් සඳහා පනවා තිබූ නව නීති හේතුවෙන් මෙය සිදුවීමට ඉඩ ඇතැයි La Lettre හඟවනවා. කළින් භාවිතා කළ සංඝටකයක් තහනම් කිරීම හේතුවෙන් අන්තිම මිනිත්තුවේදී යොදා ගැනීමට සිදුවූ ආදේශකයක් පදක්කම්වල කල් පැවැත්මට බලපෑමක් ඇති කර තිබෙනවා.

රන්, රිදී හා ලෝකඩ පැරිස් ඔලිම්පික් පදක්කම්වල මෝස්තරය නිර්මාණය කළේ සුඛෝපභෝගී ස්වර්ණාභරණ හා ඔරලෝසු තනන්නෙකු වන ෂුමේ (Chaumet) වන අතර ඒවා නිෂ්පාදනය කළේ මොන්නේ ඩ පාහි.

පැරිස් 2024 පදක්කම්වල තිබෙන විශේෂත්වය වනුයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුනේ (Eiffel Tower) කුඩා කැබැල්ලක් ඒවා ඇතුළට ගිල්වා තිබීම.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...