The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සිම්බාබ්වේ ඔලිම්පික් ශූරී කවෙන්ට්‍රි නිරායාසයෙන් IOC සභාපති ඡන්ද සටන ජයගනී

T

The Leader Desk

March 21, 2025 • 2:12 PM

සිම්බාබ්වේ ඔලිම්පික් ශූරී කවෙන්ට්‍රි නිරායාසයෙන් IOC සභාපති ඡන්ද සටන ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘සිම්බාබ්වේ රත්තරං කෙල්ල’ ලෙසින් හැඳින්වෙන මේ ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය IOC සභාපති ධූරය සඳහා පැවති නිලවරණය ජය ගත්තේ ප්‍රකාශ කළ හැකි ඡන්ද 97න් ඡන්ද 49ක් ලබා ගෙන විශාල පරතරයක ජයග්‍රහණයක් වාර්තා කරමින්.
  • වසර 130ක IOC ඉතිහාසයේ කාන්තාවක් සහ අප්‍රිකානු ජාතිකයෙක් ‌මේ ඉතාමත් වැදගත් තනතුරට තෝරා ගනු ලැබූ ප්‍රථම අවස්ථාවයි මේ.
  • කවෙන්ට්‍රිගේ ජයග්‍රහණය සභාපති ධූරය හැර යන තොමස් බාහ්ගේ ද ජයග්‍රහණයක් වනුයේ ඔහු බොහෝ කලක සිට ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 41 හැවිරිදි කවෙන්ට්‍රිව ප්‍රවර්ධනය කරමින් සිටි බැවින්.
  • බාහ් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔහුට තිබූ අයිතිය පාවිච්චි කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


‘සිම්බාබ්වේ රත්තරං කෙල්ල’ ලෙසින් හැඳින්වෙන මේ ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය IOC සභාපති ධූරය සඳහා පැවති නිලවරණය ජය ගත්තේ ප්‍රකාශ කළ හැකි ඡන්ද 97න් ඡන්ද 49ක් ලබා ගෙන විශාල පරතරයක ජයග්‍රහණයක් වාර්තා කරමින්.

drty546
වසර 130ක IOC ඉතිහාසයේ කාන්තාවක් සහ අප්‍රිකානු ජාතිකයෙක් ‌මේ ඉතාමත් වැදගත් තනතුරට තෝරා ගනු ලැබූ ප්‍රථම අවස්ථාවයි මේ. කවෙන්ට්‍රිගේ ජයග්‍රහණය සභාපති ධූරය හැර යන තොමස් බාහ්ගේ ද ජයග්‍රහණයක් වනුයේ ඔහු බොහෝ කලක සිට ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 41 හැවිරිදි කවෙන්ට්‍රිව ප්‍රවර්ධනය කරමින් සිටි බැවින්. බාහ් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔහුට තිබූ අයිතිය පාවිච්චි කළේ නැහැ.

මෙය දශක ගණනාවක් තුළ පැවති ජයග්‍රාහකයා කවුරුන් වේවිදැයි කීමට වඩාත්ම අපහසු IOC සභාපති නිලවරණය වූ අතර මෙහිදී පරම බහුතරයක් නොමැතිව කවෙන්ට්‍රි පළමු වටයේදී පෙරමුණ ගනු ඇතැයි අපේක්ෂා කර තිබුණා. ඡන්ද විමසීම උණුසුම් මුහුණුවරක් ගනිමින් වට ගණනාවක් ම පැවැත්වෙනු ඇතැයි බොහෝ අනාවැකි පළව තිබුන ද කවෙන්ට්‍රි ට අවශ්‍ය නිශ්චිත බහුතරය වන ඡන්ද 49 පළමු වටයේදී ම ඇයට ලැබීමෙන් ඇගේ ප්‍රතිවාදීන් හය දෙනා අන්දමන්ද වූ බවට සැකයක් නැහැ. මොවුන් අතර පෙරමුණේ සිටියේ තවත් හිටපු ඔලිම්පික් ශූරයෙකු වන බ්‍රිතාන්‍යයේ සෙබැස්ටියන් කෝ.

ජවන හා පිටිය ඉසව්වල ඔලිම්පික් පදක්කම්ලාභීන්ට ත්‍යාග මුදල් නිවේදනය කරමින් අනෙකුත් ක්‍රීඩාවන් තුළ කැළඹීමක් ඇති කළ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබැස්ටියන් කෝ ට හිමිවූයේ ඡන්ද අටක් පමණයි. ඔහුට ඡන්ද සටනේ හිමිවූයේ කවෙන්ට්‍රි හා ස්පාඤ්ඤයේ හුවාන් අන්තෝනියෝ සමරෑන් (කණිෂ්ඨ) ට පසුව තෙවැනි ස්ථානය. සමරෑන් ට හිමිවූ ඡන්ද ප්‍රමාණය 28ක්.

iccrtr
සිම්බාබ්වේ නමැති අප්‍රිකානු රටේ ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් සියල්ලෝම කාන්තාවන් වන බැවින් IOCයේ පළමු කාන්තා සභාපති එම රටෙන් පැමිණීම සමපාතීය සිදුවීමක් නෙවෙයි. සිම්බාබ්වේ දේශය ප්‍රථම වතාවට ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත්තේ 1980 වසරේදී ඔවුන්ගේ හොකී කණ්ඩායම පදක්කම් පිරිනමන වේදිකාවේ ඉහළින්ම සිටගෙන සිටි අවස්ථාවේ. ඉක්බිති 2004 සහ 2008 වසරවලදී කවෙන්ට්‍රි පිහිනුම් ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් දිනා ගත්තා.

“මීට වසර බොහොමයකට පෙර සිම්බාබ්වේ දේශයේ ප්‍රථම වතාවට පීනන්න පටන් ගත් තරුණියට මේ වගේ මොහොතක් ඒවි කියා එදා සිහිනෙන්වත් නොසිතෙන්න ඇති” යනුවෙන් කවෙන්ට්‍රි පැවසුවේ ඡන්දය භාවිතා කළ රාජකීයයන්, රාජ්‍යවල ප්‍රධානීන්, හොලිවුඩ් ‘ඒ’ ලැයිස්තුගත පුද්ගලයන් හා බිලියනපතියන්ගෙන් සමන්විත IOCයේ සුපිරි සමූහය ඉදිරියේ.

“ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පළමු කාන්තා සභාපති වීම පිළිබඳවත්, මේ තනතුරට අප්‍රිකාවෙන් පත්වූ පළමු පුද්ගලයා වීම පිළිබඳවත් මම විශේෂයෙන් ආඩම්බර වෙනවා. මේ ඡන්දය බොහෝ පුද්ගලයන්ට ප්‍රබෝධය ගෙන දෙන්නක් වනු ඇතැයි මම අපේක්ෂා කරනවා. වීදුරු සීලිම අද කැබලිවලට බිඳී තිබෙනවා. ආදර්ශමත් කාන්තාවක් ලෙසින් මගේ වගකීම් ගැන මම හොඳින් දැනුවත්” යනුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩා ඇමතිවරිය වන කවෙන්ට්‍රි වැඩිදුරටත් කියා සිටියේ, “මේ ඡන්දය අපි ඇත්තටම ගෝලීය බවට නිකුත් කළ සංඥාවක්” බව ද පවසමින්.

කර්ස්ටී කවෙන්ට්‍රි 10 වැනි IOC සභාපති ලෙස වැඩ බාර ගැනීමට නියමිතව තිබෙන්නේ ජූනි 23 වැනිදාට යෙදෙන ඔලිම්පික් දිනයේ.

සබැඳි පුවත ;

IOCයේ පවතින තත්ත්වයට අභියෝග කිරීමට සැරසෙන සිම්බාබ්වේ ‘රත්තරං කෙල්ල’

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිම්බාබ්වේ ඔලිම්පික් ශූරී කවෙන්ට්‍රි නිරායාසයෙන් IOC සභාපති ඡන්ද සටන ජයගනී | The Leader