The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

IPL 2024: ප්‍රබල ක්‍රීඩකයින් වෙනුවෙන් වැය කළ කෝටි ගණන් සල්ලි මෙවර 'වතුරේ යයි ද?'

T

The Leader Desk

April 27, 2024 • 2:02 PM

IPL 2024: ප්‍රබල ක්‍රීඩකයින් වෙනුවෙන් වැය කළ කෝටි ගණන් සල්ලි මෙවර 'වතුරේ යයි ද?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ වැඩි ම අවධානයට පාත්‍ර වූ ක්‍රිකට් තරගාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 17 වන අදියරේ
  • 2008 වසරේ ආරම්භ කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වෙනුවෙන් ගෙවන ලද වැඩි ම මුදල එය වීම විශේෂත්වයකි.
  • එවැනි අධික මුදලක් ගෙවා මිල දී ගත්ත ද, මිචෙල් ස්ටාර්ක්ගෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට මෙතෙක් සැලකිය යුතු සේවයක් ඉටුවී නොමැති බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
  • ඔහු මේ වන විට තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, ප්‍රතිවාදීන් ඔහු යැවූ පන්දු 150කට ලකුණු 287ක් රැස් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සමස්ත තරග 74න් 41ක් මේ වන විට අවසන් වී තිබේ.

මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ, අධික මුදල්වලට මිල දී ගැනුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් විශිෂ්ට දක්ෂතා දැක්වීම ය.

අධික මුදලකට වෙන්දේසි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව සිටිති.

ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඉන්දීය මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ විවේචන එල්ල වෙමින් පවතී.

ඒ අතරින්, අසාර්ථකත්වයට පත්ව සිටින අධික මිල ගණන්වලට අලෙවි වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳ සටහනකි, මේ.


මිචෙල් ස්ටාර්ක්

මිචෙල් ස්ටාර්ක් මේ වන විට තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, ප්‍රතිවාදීන් ඔහු යැවූ පන්දු 150කට ලකුණු 287ක් රැස් කර ඇත


2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් වැඩි ම මිලක් නියම වූ ක්‍රීඩකයා වූයේ, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ය.‍‍

ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට ඔහු මිල දී ගනු ලැබුවේ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙනි.

2008 වසරේ ආරම්භ කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වෙනුවෙන් ගෙවන ලද වැඩි ම මුදල එය වීම විශේෂත්වයකි.

එවැනි අධික මුදලක් ගෙවා මිල දී ගත්ත ද, මිචෙල් ස්ටාර්ක්ගෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට මෙතෙක් සැලකිය යුතු සේවයක් ඉටුවී නොමැති බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

ඔහු මේ වන විට තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, ප්‍රතිවාදීන් ඔහු යැවූ පන්දු 150කට ලකුණු 287ක් රැස් කර ඇත.

මෙතෙක් ඔහු දවාගෙන ඇත්තේ, කඩුලු 6ක් පමණි. ඔහුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 11.48ක් තරම් ඉහළ අගයක පවතී.


පැට් කමින්ස්

pat cum සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් පන්දු යවන්නෙකු ලෙස මෙතෙක් සාර්ථක වී නොමැත


ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 20.50කට ය.

එය, IPL ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ගෙවනු ලැබූ දෙවන වැඩි ම මුදල වේ.

හයිදරාබාද් කණ්ඩායමේ නායකත්වය ද ඔහුට පැවරූ අතර පන්දු යවන්නෙකු ලෙස ඔහු මෙතෙක් සාර්ථක වී නොමැත.

ඔහු අප්‍රේල් 25 වන දා අවසන් වරට සහභාගි වූ තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායමේ පිතිකරුවෝ ඔහු යැවූ පන්දු වාර 4 තුළ ලකුණු 55ක් රැස් කළහ. එහි සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 13.75ක් විය.

ඔහු මේ වන විට තරග 8ක පන්දු යවමින් ලකුණු 279ක් ලබා දී තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට කඩුලු 10ක් දවාගෙන ඇති ඔහු ලබා දී ඇති ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 8.72කි.

හයිදරාබාද් කණ්ඩායමේ නායකත්වය ද ඔහුට පැවරූ අතර පන්දු යවන්නෙකු ලෙස ඔහු මෙතෙක් සාර්ථක වී නොමැත.

ග්ලෙන් මැක්ස්වෙල්

maxwellග්ලෙන් මැක්ස්වෙල් මෙවර සහභාගි වූ තරග 6කදී රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 32ක් පමණි


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි බෙහෙවින් අසාර්ථකත්වයට පත්වූ ක්‍රීඩකයෙකු වූයේ, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ය.

ඔහු රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ, පදනම් මුදල වූ ඉන්දීය රුපියල් කෝටි 2කට ය.

ඔහු මෙවර සහභාගි වූ තරග 6කදී රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 32ක් පමණි.

පන්දු යැවීමේදී ඔහු කඩුලු 4ක් දවා ගත්තේ ය.

මේ අතර, පසුව ඔහු තීරණය කර තිබුණේ තරගාවලිය අතරතුර ඉන් ඉවත්වීමට ය. තමන්ට ශාරීරික මෙන් ම මානසිකව ද විවේකයක් අවශ්‍ය හෙයින් වෙනත් ක්‍රීඩකයෙකුට අවස්ථාව දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වන බව ඔහු කණ්ඩායමේ කළමනාකාරීත්වය දැනුම් දී තිබිණි.


ඩැරල් මිචල්

daral මෙම තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයා මෙතෙක් සහභාගි වූ තරග හතේදී රැස් කර ඇත්තේ, ලකුණු 146ක් පමණි


නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචල් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 14ක මුදලකට ය.

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය වෙනුවෙන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මිල දී ගනු ලැබූ මෙම තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයා මෙතෙක් සහභාගි වූ තරග හතේදී රැස් කර ඇත්තේ, ලකුණු 146ක් පමණි.

තරග හතේදී ම එක් අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට ඔහු සමත් වූයේ නැත.

මෙතෙක් ඔහු එක් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ, ලකුණු 37කි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 24.33කි.

හර්ෂල් පටෙල්

patelපන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් හර්ෂල් පටෙල් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 11.75ක මුදලකට ය


පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් හර්ෂල් පටෙල් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 11.75ක මුදලකට ය.

එහෙත්, ඔහුගෙන් අපේක්ෂා කළ සේවය මෙතෙක් එම කණ්ඩායමට හිමි වී ඇති බවක් දක්නට නැත.

මේ වසරේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 8 තුළදී ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 278ක් ලබා දී තිබේ.

ඔහු පන්දු වාරයකදී ලබා දුන් ලකුණු සාමාන්‍යය 9.59කි.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු කඩුලු 13ක් දවා ගැනීමට සමත්ව සිටී.


අල්සාරි ජෝසෆ්

alsarඅල්සාරි ජෝසෆ් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායමට මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 11.50ක මුදලකට ය

 

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙකු වන අල්සාරි ජෝසෆ් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායමට මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 11.50ක මුදලකට ය.

එහෙත්, ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ, තරග 3කට පමණි.

එම තරග තුනේදී ඔහුගේ පන්දු හමුවේ ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 115ක් රැස් කළහ.

ඔහුගේ පන්දු යැවීමේ ලකුණු සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 11.90කි.

හර්දික් පාණ්ඩ්‍යා

fgdfgrrrrrrහර්දික් පාණ්ඩ්‍යා මේ වන විට තරග 8කට ක්‍රීඩා කළ ඔහු රැස් කර ඇත්තේ, ලකුණු 151ක් පමණි. එහිදී ඔහු අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට මෙතෙක් සමත් වී නැත


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමේ වඩාත් කතාබහට ලක්වූ ක්‍රීඩකයින් අතර හර්දික් පාණ්ඩ්‍යා ඉදිරියෙන් ම සිටී.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලකට ඔහු මිල දී ගත්තේ, කණ්ඩායමේ නායකත්වය ද ඔහුට පවරමිනි.

පස් වරක් IPL ශූරතාව හිමි කර දීමට මුම්බායි කණ්ඩායම මෙහෙයවූ රෝහිත් ෂර්මා සිටියදී හර්දික් පාණ්ඩ්‍යාට නායකත්වය පැවරීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල විය.

මේ අතර, මුල් තරග අතරතුර ඔහු රෝහිත් ෂර්මා සහ ලසිත් මාලිංග සමග ද මතභේද ඇති කර ගත් බව මාධ්‍යවල පළ විය.

මේ අතර, ඔහුගෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අපේක්ෂා කළ සේවය ඉටු වී නැතැයි විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

මේ වන විට තරග 8කට ක්‍රීඩා කළ ඔහු රැස් කර ඇත්තේ, ලකුණු 151ක් පමණි. එහිදී ඔහු අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට මෙතෙක් සමත් වී නැත.

පන්දු යැවීමේදී ඔහු ලකුණු 186ක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇති අතර, පන්දු වාරයක ලකුණු සාමාන්‍යය 10.94කි.

කණ්ඩායමක් ලෙස ද සාර්ථකත්වයට පත් නොවූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හර්දික් පාණ්ඩ්‍යා යටතේ පැවති තරග 8කින් ජයගෙන ඇත්තේ, තරග 3ක් පමණි.

ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් පසුවන්නේ, 8 වන ස්ථානයේ ය.

ඩේවිඩ් වෝර්නර්

wanerඩේවිඩ් වෝර්නර් මෙතෙක් සහභාගි වූ තරග 7කදී රැස් කර ඇත්තේ, ලකුණු 167ක් පමණි


ඔස්ට්‍රේලියානු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝර්නර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 6.25කට ය.

ඩේවිඩ් වෝර්නර් මෙතෙක් සහභාගි වූ තරග 7කදී රැස් කර ඇත්තේ, ලකුණු 167ක් පමණි.

ඔහු තරග 7දී ම අර්ධ ශතකයක් රැස් කළේ, එක් තරගයකදී පමණි.

ඔහුගේ ලකුණු සාමාන්‍යය 23.86කි.

ඩේවිඩ් මිලර්

millerඩේවිඩ් මිලර්ඔ හු තරග 6 තුළදී ම එක් අර්ධ ශතකයක් පමණක් රැස් කළ අතර, ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 27.6කි‍


දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් ඉන්දීය රුපියල් කෝටි 3ක මුදලකට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිල දී ගන්නා ලදී.

ඔහු සහභාගි වූ තරග 6 තුළදී ඔහු රැස් කර ඇත්තේ, ලකුණු 138ක් පමණි.

ඔහු තරග 6 තුළදී ම එක් අර්ධ ශතකයක් පමණක් රැස් කළ අතර, ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 27.6කි‍.

රචින් රවීන්ද්‍ර

rachin rරචින් රවීන්ද්‍ර තරග 7කදී රැස් කර ඇත්තේ, ලකුණු 133ක් පමණි


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා නවසීලන්ත නවක ක්‍රීඩක රචින් රවීන්ද්‍ර මිල දී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.8ක මුදලකට ය‍.

තරග 7කදී ඔහු රැස් කර ඇත්තේ, ලකුණු 133ක් පමණි. ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 19.00කි.

(BBC සිංහල සේවය)
 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...